Anduna..mage school life ekath oya wagema thamay..mata pahane inna jini awilla eka waramak denawanam.. mama aapahu year 1 walata gihilla.. weradichcha hema thenakma hada gannawa..shit..mama shishyathwe kale badulle..badulu district rank eka 4th. OL karanna Kandy aawa, OL D-7 C-1.C eka aaweth , last paper eka (English), 2nd paper eka welawe migraine heduna. AL maths kala, yaluwo ekka pissu natala, badu scene dagena AL kelawa gaththa. School cut karana eka, school cut karala blue film balana eka, baduwak run karana eka, Wali bahina eka thamay ee kale jeewithe lokuma dewal une..mata hitiya yaluwoth ehema ewun..den eewa mathak wenakota papuwa pichchenawa..


aai karapanko serama amathaka karala![]()
Anduna..mage school life ekath oya wagema thamay..mata pahane inna jini awilla eka waramak denawanam.. mama aapahu year 1 walata gihilla.. weradichcha hema thenakma hada gannawa..shit..mama shishyathwe kale badulle..badulu district rank eka 4th. OL karanna Kandy aawa, OL D-7 C-1.C eka aaweth , last paper eka (English), 2nd paper eka welawe migraine heduna. AL maths kala, yaluwo ekka pissu natala, badu scene dagena AL kelawa gaththa. School cut karana eka, school cut karala blue film balana eka, baduwak run karana eka, Wali bahina eka thamay ee kale jeewithe lokuma dewal une..mata hitiya yaluwoth ehema ewun..den eewa mathak wenakota papuwa pichchenawa..
"හොඳට ඉගෙනගෙන ලොකූ මහත්තයෙක් වෙයන් මගේ පුතේ"
![]()
මේ කතාව අපි හැමෝටම අපේ දෙමව්පියෝ කියල තියෙනවා නේද.එක අපිට ඒ කාලේ බරක් පතලක් ඇතුව ඔලුවට ගත්ත දෙයක් නෙමෙයි. හැබැයි අපිට කවදා හරි එහෙම කලානම් කියල හිතෙන දවසක් එනවා. මට මේක ලියන්න හිතුනේ මගේ වගේම මල්ලි කෙනෙක් නටන පිස්සු දැකල. මිනිහගේ අම්මල තාත්තල මහා ලොකු සල්ලි කාරයෝ නෙමෙයි.හැබැයි උට හැමදාම කියන කියන එක අරන් දෙනවා . දැන් මිනිහ AL කරන්න පටන් අරන් මනුස්සයා ළමා අවදිය පසු කරන්නෙත් මේ කාලෙම තමා ,දැන් එක එක ලෙඩ දාගන්නවා. මිනිහගේ කතාවෙන් කාට හරි ආදර්ශයක් ගන්න පුළුවන් වුනොත් එක ලොකු දෙයක්. අපේ රටේ දරුවන් නිසා දුක් විඳින අම්මලා තාත්තලා එක්කෙනෙකුට හරි සහනයක් දෙන්න දරුවෙක් මේකෙන් හිතා ගන්නවානම් ඒක තමයි වැදගත් ම දේ.
ජිවිතේ කඩයිම් වෙන OL සහ AL යුගය ගැන තමයි වැඩියෙන්ම වැදගත් කාල වෙන්නේ.සමහර කෙල්ලෝ කොල්ලන්ට මදන විසේ හැදෙන කාලේ තමයි මේ වයස. සමහරු එක කෙල්ලෙක් පතාගෙන මැරෙන්න යනවා විකාර ගොඩයි.තවත් එකෙක් පැතු කෙල්ල ලබා ගෙන ප්‍රේම සයුරේ කිමිදෙනවා මිසක් වෙන වැඩක් නෑ.තවත් එවුන් පාඩම් කරන ගමන් ප්‍රේමයත් ආරක්ෂා කරගන්නා බවට හිත රවට්ටා ගෙන අමාරුවේ වැටෙයි. වස්සාන සිහිනය,සුළඟ වගේ ඇවිදින් වැනි යොවුන් නවකතා ඔවුන්ගේ චරිත කතාව වෙන්න ඕනේ කියල හිතනවා . වැඩිහිටියෝ කොච්චර අවවාද දුන්නත් ,O /L වත් නොකළ අප්පච්චිට , AL fail අම්මට වඩා තමන්ට තේරෙනවා කියල තමයි හිතන්නේ .පාසල් ප්රෙමයන් 100 කට 1ක් වත් විවාහය දක්වා යන්නේ නැහැ කියල හැමදෙනාම කිව්වත් එම සියයට එකට තමනුත් ඉන්නවා කියල තමයි ඔක්කොම හිතන්නේ. මගේ උපදේසය යාලු වෙලා ඉන්න කෙල්ලෙක් කොල්ලෙක් ඉන්නවනම් ඉස්ස්කොලේ අහවර වෙනකම් නවත්වන්න කියන එක තමයි. එතකොට සමහර එවුන් කියනවා අවුරුදු දෙකක් හිටියොත් එයා වෙන කෙනෙක් එක්ක යාලු වෙයි කියලා. අවුරුදු 2ක් ඉන්න බැරි කෙල්ල කොල්ලා ජිවිත කාලයක් උඹත් එක්ක ඉඳීද?
ඔන්න ඔහොම සෙට් එකක් love සික් ගහල පිස්සු කෙලිනකොට අපේ තවත් මල්ලිලා ටිකක් ගැන්සි බැහැල සෙට් වෙලා. ලෝකේ තියෙන සියලුම වලි තමන්ට සම්බන්දයක් තියෙන ගානට තමයි ඉන්නේ. town එකේ ඉන්න චන්ඩි අය්යලා තමයි ඒ කාලේ ආශ්‍රය කරන්නේ.ආශ්‍රය කිව්වට එහම් පොරක් " ආ මල්ලි " කියල කිවවත් එක ලොකු දෙයක්.එහෙම කියනවා තව එවුන් දැක්කොත් ඊටත් වැඩිය හොඳයි.මේවගේ කල්ලි ගැහෙන එක සාමාන්යෙන් තරුණ වයසට එන පිරිමි ළමයින්ගේ සාමානය ලක්ෂණයක් වුනත් මේ කල්ලි වාදයෙන් විනාස වෙන කොල්ලෝ ඕනේ තරම් ඉන්නවා. අන්න එහෙම කියන කොට මුන් හිතනවා මම ඉන්නේ විනාස වෙන්නේ නැති ගොඩේ කියල.එහ්ව්ම තමයි මල්ලිලා හැමෝම හිතුවේ. ඔය කාලේ වලියක් දාගත්තේ නැත්නම් එකත් අවුලක් තමයි. එත් ගන්සියම ජීවිතය කර ගත්තොත් සොරිම තමා.ගැන්සියේ ලොකු අය්යලා සිගරට් බොනකොට අපිත් බිව්වොත් තමයි පොරක් වෙන්න පුළුවන් වෙන්නේ. අරක්කු ටිකක් බොනවානම් තවත් පොර.ඔය විදිහට තමයි ඔව්වට පුරුදු වෙන්නේ. බොරු කියන්න ඕනේ නෑ මමත් ඔය කාලේ තමයි ඔව්ව අතහදා බැලුවේ. .හැබැයි ගෙදර ගිහිල්ල කොල්ල වැඩ.කවදාවත් AL class cut කලේ නෑ. ඉස්ස්කොලේ cut කරලා තමයි යන්නේ. ඒ අපේ ඉස්කෝලේ හරියට උගන්වපු නැති නිසා.උඹල subject එක ඉගෙන ගන්නේ ඉස්කෝලෙන් නම් එහෙම cut කරනවා එහෙම නෙමෙයි ඔන්න.
ඔය කාලේතමන්ට තේරෙන දේවල් ඔක්කොම ඇත්ත කියල තමයි හැමෝටම හිතෙන්නේ. හැබැයි පස්සේ කාලෙක තේරෙනවා තමන් කොච්චර මෝඩ දේවල්ද හිතන් හිටියේ කියල.දෙමව්පියෝ විනිදින දුක තේරෙන කාලයක් නෙමෙයි ඕක. ඔය කාලේ එක එක විච්චුර්ණ, ඇඳුම්, දැන් එවුන්ට නම් phone වගේ දේවල් ඕන වෙන කාලේ. හැබැයි අම්මලා කොච්චර අමාරුවෙන්ද ඔය දේවල් කරන්නේ කියන එක තේරුම් යන්නේ නෑ ඔය කාලේ. මම AL කරන කාලේ පන්ති ගිහිල්ල රෑ වෙලා එනකොට අප්පච්චි මගට එනවා හැමදාම. කිලෝමේටර් 2ක් විතර පයින් යන්න තියෙනවා හවස 6 න් පස්සේ බස් නෑ.මම ඒ කාලේ හිතෙන් අප්පච්චිට බැන බැන එන්නේ බයික් එකක් ඖම ගානේ චැළියක් වත් ගන්නේ නැති එක ගැන මාව හවස එක්ක එන්න.අප්පච්චි සමහර වෙලාවට මගෙන් අහනවා "පුතේ පොත් ටික ගන්නද" කියල. මම තරහින් එපා කියනවා. දැන් ඒ කල දේ මතක් වෙද්දී හිතට විදුලියක් වදිනවා වගේ දුකක් ඇති වෙනවා. ඉතින් ඒ කාලේ තේරුනේ නැති වුනාට දැන් අපි වයසට ගිහිල්ල යමක් කමක් තේරෙන කාලේදී තේරෙනවා ඒ කාලේ බයික් එකක් ගන්න තියා අපිව ඉස්කෝලේ යැව්වෙත් බොහොම අමාරුවෙන් බව.එක නිසා කවදාවත් පොඩි දෙකින් වත් දෙමව්පියන්ගේ හිත පාරන්න එපා කවද හරි විඳවන්න වෙනවා අයෙ දෙකක් නෑ.
දැන් මම මෙහෙම කිව්වා කියල ඔක්කොම හොඳට ඉගෙන ගත්තා කියමුකෝ. අපේ S.B ඇමති තුමා එහෙම කියල උඹල ඔක්කොම කැම්පස් වලට බඳවා ගන්නවද? නෑ..... එහනම් මොන මගුලකටද මෙච්චර නහින්නේ.ඔහේ හිටපු විදිහටම ඉන්නවා කියල සමහර උන් කියනවා. එහෙම හිතනවා නම් ඔහොමම හිටපියව්
එහෙම නෙමෙයි මල්ලිලා උඹලගේ අම්ම තාත්තලාට සල්ලිය බාගේ යහමින් තියෙනවනම් මේ බන කිසි දෙයක් වැඩක් නෑ. අතල් එකේ හිටපල්ලා. හැබැයි එහෙම සල්ලි තියෙන උන් තමයි හොඳටම ඉගෙන ගන්නේ. මොකද උන්ට සල්ලි වල අගය තේරෙනවා. දුප්පත් එවුන් පිස්සු කෙලිනවා.උඹලව ගොඩ දාන්න කවුරුත් ඉතුරු වෙන්නේ නෑ දෙමව්පියෝ හැරුනම.උඹලගේ ඔය මහලොකු යාලුවෝ කවදාවත් උඹට වේලක් දෙකක් දුන්නොත් ඇර උන්ගේ ගෙදර නවත්තගෙන උඹට කන්න අඳින්න දෙන්නේ නෑ.
හැමෝම ලොකු මිනිහෙක් වෙන්න ඉගෙන ගන්නම ඕනේ නෑ. ඉකොලේ අහලකට වත් නොගිය මිනිස්සු රටේ ලොකු තැන් වල කොච්චරවත් ඉන්නවා.හැබැයි ඒ මිනිස්සු ලොකු තැන් වලට ගියේ "ඉගෙන නොගැනීම" කියන හේතුව නිසා නෙමෙයි කියන එක හොඳට මතක තියා ගනිල්ලා. ඉගෙන ගන්න එක කාට වුනත් ලොකු අත්වැලක් වෙනවා කිසිම සැකයක් නෑ. එක නිසා මේක බලපු නංගිලා මල්ලිලා අම්ම කියපු මේ වචන ටික හොඳට හිතේ තියා ගනිල්ලා "හොඳට ඉගෙනගෙන ලොකූ මහත්තයෙක් වෙයන් මගේ පුතේ......”
තව එකෙකුට කියවන්න bump එකක් දාගෙන යන්න
![]()
menna me quote karapu eke mn mark karapu tika waradi bn.duppath ewn igena gannawa bn.unta salli wala watinakama therenawa.එහෙම නෙමෙයි මල්ලිලා උඹලගේ අම්ම තාත්තලාට සල්ලිය බාගේ යහමින් තියෙනවනම් මේ බන කිසි දෙයක් වැඩක් නෑ. අතල් එකේ හිටපල්ලා. හැබැයි එහෙම සල්ලි තියෙන උන් තමයි හොඳටම ඉගෙන ගන්නේ. මොකද උන්ට සල්ලි වල අගය තේරෙනවා. දුප්පත් එවුන් පිස්සු කෙලිනවා.උඹලව ගොඩ දාන්න කවුරුත් ඉතුරු වෙන්නේ නෑ දෙමව්පියෝ හැරුනම.උඹලගේ ඔය මහලොකු යාලුවෝ කවදාවත් උඹට වේලක් දෙකක් දුන්නොත් ඇර උන්ගේ ගෙදර නවත්තගෙන උඹට කන්න අඳින්න දෙන්නේ නෑ.
අප්පච්චි සමහර වෙලාවට මගෙන් අහනවා "පුතේ පොත් ටික ගන්නද" කියල. මම තරහින් එපා කියනවා. දැන් ඒ කල දේ මතක් වෙද්දී හිතට විදුලියක් වදිනවා වගේ දුකක් ඇති වෙනවා. ඉතින් ඒ කාලේ තේරුනේ නැති වුනාට දැන් අපි වයසට ගිහිල්ල යමක් කමක් තේරෙන කාලේදී තේරෙනවා ඒ කාලේ බයික් එකක් ගන්න තියා අපිව ඉස්කෝලේ යැව්වෙත් බොහොම අමාරුවෙන් බව.එක නිසා කවදාවත් පොඩි දෙකින් වත් දෙමව්පියන්ගේ හිත පාරන්න එපා කවද හරි විඳවන්න වෙනවා අයෙ දෙකක් නෑ.




town එකේ ඉන්න චන්ඩි අය්යලා තමයි ඒ කාලේ ආශ්‍රය කරන්නේ.ආශ්‍රය කිව්වට එහම් පොරක් " ආ මල්ලි " කියල කිවවත් එක ලොකු දෙයක්.එහෙම කියනවා තව එවුන් දැක්කොත් ඊටත් වැඩිය හොඳයි.
damn true story![]()