හොඳම පරිප්පු වඩේ කොහේද තියෙන්නේ #reviewed by pathum kerner

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    දැන් නම් පාර වල් අයිනේඑ කරත්ත වල පරිප්පු වඩේ කියන එක සුළභ ආහාරයක්. ඒත් මගේ මතකය ඇදී යනවා මට වයස 10 විතර කාලෙට. ඒ කියන්නේ දැන් අවුරුදු 30 කට විතර කලින්.

    අපේ අම්මගේ අතේ එල්ලිලා කිරිබත්ගොඩ යන කොට තිලකවර්ධන එක ලඟ තියෙන බස් හෝල්ට් එක ලඟ බැස්සම, එතන තිබුන වඩේ කඩේ කාටත් තාම මතක ඇති. මේ වඩේ එකේ විශේෂත්වය තමයි පරිප්පු වඩේ එක මැද්දට ලොකු උම්බලකඩ කෑල්ලක් තියලා බදින එක.

    ඒ මුදලාලි තාම මතකයි. හොඳට අත පය හයිය කළු වයස තිහ හතලිහයක තරුණයෙක්. උදේ ඉඳලා රෑ වෙනකං වඩේ බදිනවා. වඩයක් රුපියල් 2 යි. ලොකුයි. බදින ඒවා ඉතුරු වෙන්නේ නැති නිසා වට්ටියට බාන ඒවා උණු උණුවෙම ගන්න පුළුවන්. හොඳට කරපිංචා එහෙම දාලා නිසා සුවඳේ බෑ. ඒ වගේම කොච්චි කරලක් මැද්දට තියපුවත් තිබුනා. පොඩ්ඩක් නගයෙන් ඇඬුවම කොච්චර අමාරු උනත් අම්මා වඩේ අරගෙන දුන්නා.

    ඒ අයියටත් ව්‍යාපාරය හරි සරු බව පේන්න තිබුනා. අතේ රත්තරන් බ්‍රේස්ලට් එකක්, කරේ මහත මාල එහෙමත් කාලයක් යනකොට තිබුනා. කිරිබත්ගොඩ තිලකවර්ධනෙත් ඒකාලේ පොඩි කඩේ.

    කොහොමහරි ටික ටික වඩේ කඩ වටෙන්ම වැටෙන්න ගත්තා. හැමෝම පොඩි වඩේ එක ඇතුලට උම්බලකඩ දැම්මා. කොච්චි දැම්මා. තැනින් තැනට යන කොට වඩේ එකේ හැඩේ, සයිස් එක, රසය වෙනස් උනා. කිරිබත්ගොඩ අයියත් ටික ටික එතනින් අයින් උනා. නරක පුරුදු තිබ්බා කියලත් ආරංචි උනා. කොහොම හරි කාලයක් යනකොට ඔහු එතනින් නොපෙනි ගියා.

    මේ වඩේ ව්‍යාපාර කාලයක් එක්ක පරිණාමය උනා. හැමෝම මේක අඩුම මිළට දෙන්න නිසා ඒකේ ගුණය අඩු කලා. සයිස් එක අඩු කරලා එක හක්කට එකක් වෙන මට්ටමට ආවා. උම්බලකඩ වඩේ එකෙන් සම්පූර්ණයෙන් හැලිලා ගිහින්. මිරිස් කරලක් තියෙන ඒවා නම් තියෙනවා. උම්බලකඩ දම්මොත් පොඩි මිළකට මේක දෙන්න බැරි වෙන බව තමයි හැමෝම කියන්නේ. පොඩි මිනිහගේ කෑමක් නිසා අඩු මිළට දෙන්න ඕනේ.

    මේ ලඟදි දවසක් මම ගියා මීටිමකට කකොළඹ SSC එකට. ව්‍යාපාරිකයෙක් සහ ප්‍රසිද්ධ මහාචාර්ය වරයෙක් එහි පැමිණ සිටියා. එතන අපිට කන්න විශේෂයෙන් ඕඩර් කලා වඩේ. බලන කොට මේ අර කිරිබත්ගොඩ වඩේ අයියා හැදුවා වගේම උම්බලකඩ වඩේ. වඩේ මදි වෙලා ආයේ ආයේ ගෙන්නුවා. අර මහාචාර්ය වරයා පවා ආයේ ආයේ කෑවේ ඒ වඩේ. මටත් පොඩි කාලේ මතක් උනා. සුපුරුදු රසයක් දැනුනා.

    කලකට කළින් පොඩි මිනිහගේ කෑමක් දැන් සුපිරි ආපනශාලාවකට සීමා වෙලා. තාම කරත්ත වල එහෙන් මෙහෙන් ඇති. ඒත් මිළ වෙනස් වෙලා නිසා ඉල්ලුම අඩුයි. හැබැයි රසය කියන එක වෙනස් වෙන්නේ නෑ. අපේ දිව වල් ඔක්කොම එකයි. දැන් ඒ රසය සුපිරි පන්තියට ගිහින්.

    කිරිබත්ගොඩ අයියා වඩේ ව්‍යාපාරයේ කාලයක් නිරත උනා. හැමදාම මහන්සි උනා. අලුත් අලුත් රසයන් එක් කලා. කාලයක් අල්ලගෙන ඉන්න කොට තමන්ගෙම රෙසිපියක් හැදෙනවා. තමන්ටම බ්‍රෑන්ඩ් එකක් හැදෙනවා. අනන්‍යතාවයක් හැදෙනවා. එතකොට වෙළඳාම සරු වෙනවා. නොකඩවා මහන්සි වීම, වෙනස් දේ අත් හදා බැලීම, කාලයක් යන කොට ආවේණික රසයක් නිර්මාණය වීම සහ විශේෂ රෙසිපියක් නිර්මාණය වීම, ඒක වෙළෙඳපොළට ගැලපෙන්න මිළ සකස් වීම ආදිය සොදු වෙනවා. Street Food එකක් ලොකු restaurant එකක මේසෙකට එන්නේ එහෙමයි.

    මේ ගමන අවුරුදු කීපයක් ගිහින් තමයි ගොඩක් කෑම වර්ග ලෝකෙට ඇවිත් තියෙන්නේ. පාරේ කෑම විකුණන ඕනේම කෙනෙකුට මෙහෙම කරන්න පුළුවන්. කාලයක් අල්ලගෙන ඉන්න. වසර කීපයක් යාවි. මහන්සි වෙන්න. අලුත් රසයන් අත් හදා බලන්න. ඔබටම ආවේණික රෙසිපියක් නිර්මාණය කර ගන්න. ඒ රෙසිපිය රකින්න. දියුණු කරන්න. ඔබ වටා වෙළෙඳපොළක් ගොඩ නැගේවි.

    හැමෝම හදන කොත්තු පරාටා, පරිප්පු, සම්බෝල, මස් බාබකියු වගේ නෙවෙයි ලෝකේ දුවන්නේ අලුත් රසයන් සොයා ගෙන. ‍ඒ නිසාරසයක් නිර්මාණය කරන්න. ඒක දියුණු කරන්න. ඔබට වරදින්නේ නෑ.

    අල්ලගෙන ඉන්න.
    මුල අමාරුයි.
    Entrepreneur කෙනෙක් හැදෙන්නේ එහෙමයි.

    ඔබට පුළුවන්.

    පැතුම් කර්නර්

    #reviewedbypathumkerner
     
    • Dislike
    • Like
    Reactions: gamerlk and SLK_sri

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,592
    75,480

    Mey huththa Johny Sins wagene ban, danne nathi huththak ne. 🤭 🤭
     
    • Haha
    Reactions: 2osama and kolavari

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    වෙච්චි දෙයක්

    හදුන් අයියා phone answer කරන් නැද්ද දැන්

    අඩෝ බොක්ක හොඳම spa එකත් review කරපන්
     
    • Haha
    Reactions: ChamodhK

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    එහෙම ඉන්න බැ, තැරි දාර් සිහල බයියන්ට එක මාසෙන් ගොඩ එන්න ඔන,
    බජිරි දාල බැදලා හරි අඩුවට හදලා වැඩියෙන් දිලා බෙන්ස් එකක් බස්සනන් ඔන,,
    විසෙසයෙන් 2000න් පස්සෙ සෙට් එකට...අම්මටා හුඩු, උන්ට එක දවසෙන් ඉලොන් ගෙ ලෙවල් එකට එන්නොන, සිහල උන්ට,,,
     
    • Like
    Reactions: gamerlk

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අද අලුත් කඩේ Street Food බලන්න ආවා.

    වෙනස්ම අත් දැකීමක්.

    මීට පෙර මම කිඹුලාවල street food ගැන කතා කළා. හැබැයි මෙතන එතනට වඩා ගොඩක් වෙනස්.

    මෙතන තියෙන සුවිශේෂිත්වය තමයි කොළඹ මුස්ලිම් සමාජයේ සංස්කෘතික බලපෑම එක්ක නිර්මාණය වුන අනන්‍යතාවයක් එක්ක මේ කෑම හැදිලා තියෙන එක.

    අධික ජන ඝනත්වයක් තියෙන මහල් සංකීර්ණ නිවාස වල ඉන්න මිනිස්සු සමහර විට නිදියන්නේ shift ක්‍රමේට. ඒ ගෙවල් වල ඉඩ නැති හින්දා. ඒ නිසම රෑ ඇහැරලා ඉන්න කට්ටියට බඩගිනි උනොත් කන්න තැන් තියෙන්න ඕනේ. ඒ නිසා මෙතන මුලින් හැදිලා තියෙන්නේ night market එකක්. ඊට පස්සේ අරගලය ගෝල්ෆේස් එකට ආවාට පස්සේ රෑට කන්න අරගල කරුවන් බුරුතු පිටින් මෙහි ගිය බවත්, ඒ නිසා මෙය වඩාත් ප්‍රසිද්ධ වූ බවත් ඔවුන් කීවා. ඒ ප්‍රසිද්ධියත් සමග වැඩි වැඩියෙන් පාරිභෝගිකයන් එහි ඇදී ආ නිසා විවිධ ආහාර වර්ග තරඟකාරීව නිර්මාණය කරමින් අලුත් කඩ බිහි වී තිබෙනවා. ඒ කියන්නේ මේක ඒ ජන සමාජයෙන්ම මතුවූ, ඒ සංස්කෘතිය එක්ක පැන නැගුණු වෙළෙඳපොළක්. ඒ නිසාම ඒවායේ රස අවේණිකයි.

    අනික මෙතන තියෙන්නේ මුස්ලිම් ජනතාවගේ ආහාර බහුල වශයෙන්. කිඹුලාවල පෝක් චොප් තිබුණට මෙතන පෝක් නෑ. හැබැයි මෙතන මරු බුරියානි කඩ, බීෆ් සුප් කඩ ඕන තරම්. ඒ නිසාම විවිධත්වය වැඩියි. සමාජයේ පහළ ස්ථරයකින් පැන නැගුණ නිසා මිළ සාධාරණයි.

    ඉඩ කඩ අඩු, පහසුකම් අඩු කොළඹ වීදියක නිසා පිරිසිදු කම ගැන ප්‍රශ්නාර්ථයක් ඕන කෙනෙකුට ඉතිරි වෙයි. එක පැත්තකින් කෑම ඔක්කොම අලුත් සහ ඉක්මනින් විකිණෙන නිසා ආහාර පරණ නොවීම නිසා ලෙඩ වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි. මට හිතෙන්නේ ලොකු අවුලක් නෑ.

    මේ නත්තල් කාලේ බොහෝ පිරිස් එහි ගැවසෙනු දක්නට ලැබුනා. ආහාර වල ඇති ඉහළ විවිධත්වය සහ කොළඹ සංස්කෘතිය තුලින් පැන නැගුණ ආවේණිකත්වය මෙන්ම රාමසාන් කාලයට හොය හොයා යන කෑම ලේසියෙන් ගන්න ලැබෙන එක මෙහි වටිනාකම ඉහළ දානවා.

    බඩ පුරෝගෙන බුරියානි කාලා අපි ගෙදර යන ගමන්. තව වර්ග වල රස විඳින්න ආයේ යන්න ඕනේ.

    Happy Holidays.

    පැතුම් කර්නර්

    #reviewedbypathumkerner
     
    • Dislike
    Reactions: SLK_sri

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Untitled.png