හොඳම පාසල් බෑගය!
නුසුදුසු පාසල් බෑගයක් මෙන්ම සුදුසු මාදිලියේ පාසල් බෑගයක් වුව ද නො සැලකිලිමත් ලෙස භාවිත කිරීම හේතුවෙන් පාසල් සිසුන්ට විවිධ සෞඛ්‍ය ගැටලු මතු වෙනවා. විවිධාකාරයේ මස්පි`ඩු වේදනාවන්, සිරුරේ මහන්සි ගතිය, පිට හා හන්දිපත් වේදනාවන් මෙන්ම පිට කුදු ගැසීම පවා එම සෞඛ්‍ය ගැටලු අතර ප්‍රධානයි.
2007 වසරේ දී ලංකාවේ කරන ලද සමීක්ෂණයකට අනුව මෙරට ළමයින් ගෙන් සියයට (80ක් පාසලට පොත් රැගෙන යන්නේ පිට පිටුපසින් කරපින්නාගෙන යන මාදිලියේ (Backpacks) බෑග හෙවත් මලුවල. එම සමීක්ෂණයේ දී නගරබද මෙන්ම ගම්බදව ද මේ තත්ත්වය දක්නට ලැබුණා.
උරහිසේ එක පැත්තකට පමණක් බර සම්ප්‍රේෂණය වන, එක් උරහිසක පමණක එල්ලාගෙන යා හැකි බෑගයන්ට වඩා එබඳු උරහිස් දෙකේ ම කර පින්නාගෙන යා හැකි බෑගයක් සෞඛ්‍යයට හිතකරයි. එයට හේතුව එම`ගින් සිරුරේ උරහිස් දෙකට ම එකවර, එක ලෙස බර සම්ප්‍රේෂණය වන නිසායි. එහෙත් එබඳු බෑගයක් ද තෝරා ගැනීමේ දී මෙන්ම භාවිතාවේ දී ද සෞඛ්‍යවත් පිළිවෙත් කිහිපයක් පිළිබඳව සැලකිලිමත් වීමට සිදු වනවා.
ඉන් පළමු වැන්න තමයි ළමයා ගේ සිරුරේ ප්‍රමාණයට ම ගැලපෙන ප්‍රමාණයේ බෑගයක් තෝරා ගැනීම. සිසුවකු ගේ පිට මතට බෑගය පැළඳීමෙන් අනතුරුව එහි පහළ ම මට්ටම ඔහු ගේ හෝ ඇය ගේ ඉ`ගටියෙන් පහළට නො යා යුතු මයි.
දෙවනුව එම බෑගය තුළ පොත්පත් අඩංගු කිරීමෙන් අනතුරුව එහි බර (ළමයා ගේ සිරුරේ බරෙන් සියයට 10කට (10%) වඩා අඩු විය යුතුයි. එහි බර කෙසේ වත් ළමයා ගේ බරින් සියයට 15ට (15%) වඩා නො වැඩි විය යුතු මයි.
තෙවනුව මෙබඳු බෑග්වල කරපටි ඉතා හොඳින් "කුෂන්" කිරීමත් මඟින් තෙරපුමට ඔරොත්තු දෙන ආකාරයට සකසා තිබීම වැදගත්. එමගින් උරහිස හරහා බෙල්ලට ගමන් කරන ස්නායු හා ලේ නහර කරපටි මගින් තෙරපීම අඩු වනවා. එබැවින් මෙබඳු බෑගයක් නිසා සිදු වන පිට, බෙල්ල හා අත්වල වේදනාව හා හිරි වැටීම ම`ගහැරෙනවා. එමෙන් ම එම කරපටි නියමිත පරිදි දිග හෝ කොට කිරීමට හැකි වන ආකාරයෙන් සමන්විත විය යුතුයි. එමගින් බෑගය හරියට ම තම උරහිස් දෙකට පහසු ලෙස පළ`දවා ගැනීමට සිසුවකුට ඉඩ ලැබෙනවා.
මෙබඳු බැගයක් කරපටි දෙක පමණක් තිබුණාටත් මදි. ඒවා නිසි ලෙස කරට සිටින ලෙස සකසා ගැනීමත් වැදගත්. එම කරපටි දෙකෙන් ම බෑගයේ බර සිරුරට සම්ප්‍රේෂණය වන ලෙස බෑගය පිට මතට එල්ලිය යුතුයි. එක් පටියකින් පමණක් බෑගය එක් උරහිසකට පමණක් පැළඳීමෙන් පිට කුදු වීම වැනි විවිධාකාර සංකූලතා මතු විය හැකියි.
බෑගය පිටේ ඒල්ලීමෙන් අනතුරුව එය පිටට හොඳින් සවි වන ලෙස බෑගයේ යට කොටසින් ඉ`ගටිය වටා යන බඳ පටියක් (Waist belt) තිබිය යුතු වෙනවා. මේ පටිය මගින් බෑගය පිටේ පැළඳීමෙන් අනතුරුව ඉ`ගටිය වටා වඩාත් හොඳින් සවි වන ලෙස සකසා ගත හැකියි. එම`ගින් ළමයකු දිව යන විට බෑගය ඔහු ගේ හෝ ඇය ගේ සිරුරෙන් ඔබ්බට හෝ පිටුපසට අනවශ්‍ය ලෙස ඇදී යැම හා පැද්දීම වළකිනවා. බෑගයේ බර උරහිසට, පිටට හා ඉගටියට සමබරව බෙදී යැමටත් මේ බද පටිය පැළදීම උපකාරි වනවා. එමගින් පිටේ ඇති වන වේදනාවන් අවම වන අතර පිට කුදු වීම වැනි භයානක සංකූලතා ද ම`ගහැරෙනවා.
එනමුදු මෙරට දී කරන ලද සමීක්ෂණයකට අනුව එබඳු බෑගවල මේ ආකාරයෙන් බ`ද පටි තිsබී ඇත්තේ සියයට 29කට පමණයි. ඒ අතරිනුත් එම බඳ පටි පැළදීමට පෙලඹී ඇත්තේ එබඳු බද පටි සහිත බෑගයක් හිමි ළමයින් ගෙන් සියයට 30ක් (30%) පමණයි.
පිට මත පළඳනා මේ බෑගයන්හි ඇතුළු කොටස කුටීර දෙක තුනකට බෙදා පැවතීම ද අවශ්‍ය දෙයක්. වඩාත් බරැති පොත්පත් හා බඩු බාහිරාදිය සිසුවා ගේ සිරුරේ පිට මතට සමීපතම කුටීරය තුළ බහාලිය යුතුයි. බරින් අඩු, සැහැල්ලු පොත්පත් හා බඩු බාහිරාදිය සිරුරට ඈතට වන්නට පිහිටි කුටීරවල තැන්පත් කළ හැකියි. එමගින් බෑගයේ බර හා එහි ගුරුත්ව කේන්ද්‍රය සිසුවා ගේ සිරුරේ ගුරුත්ව කේන්ද්‍රයට ආසන්නයේ පිහිටන නිසා ඔහු ගේ හෝ ඇය ගේ සිරුරට දැනෙන වෙහෙසකර බව අඩුයි. එහි පැද්දීම හා දොලනය ද මේ නිසා අඩු වෙනවා.
එමෙන් ම අනවශ්‍ය ලෙස එදිනෙදාට අවශ්‍ය නො වන පොත්පත් රැගෙන යැමෙන් වැළකීම ද වැදගත්. එදිනෙදා කාලසටහනකට අනුව අවශ්‍ය පොත්පත් පමණක් පාසලට රැගෙන යැමට සිසුන්ට පුරුදු කිරීම ද මාපියන් ගේ වගකීමක්.
(ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පුවත් ඇසුරිනි වෛද්‍ය ඉන්දික බොතේජු)

: