හොඳම_ඇටසැකිල්ල_Neo

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හොඳම_ඇටසැකිල්ල_Neo

    ලොව මෙතෙක් සොයාගත් හොඳම ඇටසැකිල්ල Neo


    150910042646-human-ancestor-species-discovered-south-africa-mckenzie-pkg-00002221-large-169.jpg



    හෝමෝ නලිඩි විශේෂයට අයත් ආදි මානවයකුගේ, පූර්ණ ඇටසැකිල්ලක් සොයා ගැනීමට විද්‍යාඥයෝ සමත්ව සිටිති. මේ අනාවරණ සිදු කෙරුණ් දකුණු අප‍්‍රිකාවේ ”නැගෙන තරුව” තේරුම සහිත රයිසින් ස්ටාර් ලෙන් සංකීර්ණය තුළිනි. මීට සිව් වසරකට පෙර මෙහි දී පුරාණ මානවයන්ගේ ඇට කැබලි 1500ක් පමණ සොයා ගැනීමට ද පර්යේෂකයන්ට හැකියාව ලැබී තිබිණි.

    රයිසින් ස්ටාර් ලෙන් සංකීර්ණයේ දෙවැනි කුටීරයෙන්, දත් සහ අස්ථි කැබලි 130ක් අලූතෙන් සොයා ගැනීමට මේ පර්යේෂකයෝ සමත් වූහ. ඔවුන් පවසන්නේ මේ සොයා ගැනීම් හේතුවෙන් මුල්ම මිනිසුන් කවදා කොතැනක පරිණාමය වූයේ දැයි යන්න පිළිබඳ අපගේ දැනුම හා අදහස් විප්ලවීය වෙනසකට බඳුන් විය හැකි බව ය.

    ඉතා ඈතට විහිදී යන මුල්ම මිනිස් පරිණාමයේ අක්මුල් සොයන පර්යේෂකයන්ට, එවැනි ආදි මානවයන්ගේ ඇටකැබැල්ලක් පවා හමු වන්නේ කලාතුරකිනි. එහෙත්, දැන් සම්පූර්ණ ඇටසැකිල්ලක්ම පාහේ හමු වී තිබේ.

    දකුණු අප‍්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර, විට්වෝටර්ස්?න්ඞ් විශ්වවිද්‍යාලයයේ ලී බර්ගර් සහ ඔහුගේ සගයින් 2013 වසරේ දී, රයිසින් ස්ටාර් ගුහාවේ ඩිනලිඩි කුටීරයෙන් අස්ථි කැබලි සිය ගණනින් ගොඩ ගන්නා විට බොහෝ දෙනා ඒ දෙස බලන්නට ඇත්තේ ඉරිසියාවෙන් යුතුව ය. එහෙත් එය හුදු ඇට කැබලි ගොන්නක් නොවේ, එහි යම් විශේෂත්වයක් තිබිණි. කෙටි සිරුරකින් හෙබි ඒ මානවයාට නූතන මානවයාට සමාන අත් පා පිහිටා තිබිණි. එමෙන්ම ඔහුට තිබුණේ පූර්ව මානවයෙකුට මෙන්, කුඩා මොළයකි, වානරයකුගේ මෙන් උරස් සහ උකුලකි. පර්යේෂකයන් 2015 වසරේ දී, හෝමෝ නලිඩි ්‍යදපද බ්කැාස ලෙස ඒ විශේෂය නම් කරන්නට යෙදුනි.

    බර්ගර් පවසන්නේ ”මෙය විසිඑක් වැනි සියවසේ සිදු කරන ලද විශිෂ්ටතම පොසිල සොයාගැනීම” බව ය. අස්ථිවල ස්වභාවය අනුව නියෝ මීටර් 1.4 ක් පමණ උස් වූවෙකි. ඔහුගේ බර කිලෝග්?ම් 40ක් පමණ වන්නට ඇතැයි සැලකේ.

    කුඩාම මොළයක් සතු මානවයා


    5.neo-skeleton-lesedi-chamber-800x533.jpg



    මෙම ඇටසැකිල්ල හමුව තිබුණේ පාෂාණයක් තුළ නොව ලිහිල් අවසාධිත පස් තට්ටුවක් තුළය. එබැවින් කාල නිර්ණය කිරීම අමාරු කාරියක් වුවත් පරිස්සමින් සිදු කළ අවසාධිතයේ සමස්ථානික විශ්ලේෂණවලට අනුව එය වසර 230,000-415,000ක් තරම් පැරැුණි බවට අනුමාන කෙරිණි.

    හෝමො නලිඩි විශේෂයට අයත් මානවයන් තිදෙනකුගේ දත් අතර වූ කොටස් සමස්ථානික කාලනිර්ණයට බඳුන් කිරීමෙන් මේ කාල පරාසය තව දුරටත් පටු කර ගැනීමට පර්යේෂකයෝ සමත්ව සිටිති. මේ අනුව, ඩිනලිඩි කුටීරයෙන් සොයා ගත් හොමෝ නලිඩි මානවයා වසර 236,000ත් 335,000ත් අතර විසූවකු බවට අනුමාන කෙරේ.

    %27%27Neo%27%27-skull-from-Lesedi-Chamber-(left)-with-DH1-Homo-naledi-skull-from-Dinaledi-Chamber-(right).%C3%82%C2%A9Wits-University_1200x500px.jpg


    මේ කාල පරාසය මානව පරිණාමයේ ඉතා සුවිශේෂී වූවක් බව සැවොම පිළිගන්නා කරුණකි. මන්ද යත්, හොමෝ නලිඩි මානවයා දකුණු අප‍්‍රිකාවේ කරක්ගසා ඇත්තේ, අප පැවතෙන නූතන මානවයා අප‍්‍රිකාවේ කොතැනක හෝ බිහිවන්නට මහ කාලයකට පෙර නොවේ. එමෙන්ම කුඩා මොළයක් සහිත වානරයන් අප‍්‍රිකා මහද්වීපයෙන් තුරන් වී යන්නට මහ කාලයකට පසුව ද නොවේ.

    මෙකෙ තියෙන විශේෂ සිත්ගන්නා සුලූ කාරණය තමයි, මේ හොමො නලිඩි මානවයා නියැන්ඩර්තාල් මානවයින්ටත් වඩා නූතන මානවයාගෙන් වෙනස් වීම. ඒ කියන්නෙ හෝමො නලිඩි කියන්නෙ නූතන මානවයා සමග එකට ජීවත් වුණු තවත් මානව විශේෂයක් කියන එකයි.” ලන්ඩන් විශ්වවිද්‍යාලයයේ ෆ්‍රෙඞ් ස්පුවර් පවසන්නේ ය.

    හෝමො නලිඩි මානවයාට, නූතන මානවයාට මෙන් අත් පා පිහිටීම පිළිබඳව පූර්ණ පරිණාමීය විශ්ලේෂණයක් කිරීමෙන් මිස නිවැරැුදි මතයක් ඉදිරිපත් කළ නොහැකි බව පවසන ඇතැම් විද්‍යාඥයකු පවසන්නේ, ඇතැම් විට ඔහු මෑත කාලයේ බිහි වන්නට ඇති වුවත්, හුදෙකලාව විසීම නිසා ප‍්‍රාථමික ලක්ෂණ උරුම කර ගන්නට ඇති බවයි.

    උදාහරණයක් ලෙස දකුණු අප‍්‍රිකාව, මහද්වීපයේ අනෙකුත් පෙදෙස්වලට සාපේක්ෂව හුදෙකලාව තියෙන්නට ඇති නිසා, ඔවුනට අනෙකුත් මානවයන් හා තිබුණු තරගකාරීත්වය අඩු වෙන්නට ඇති බවයි. මේ නිසා විශාල මොළයක් වැඞී පවත්වාගන්නට තරම් පීඩනයක් ඔවුන්ට නොතියෙන්නට ඇති. විශාල හිස්කබලක් දැරීමේ අවැසිතාවය ශරීර කූඩුවට නැති වුණාට පසු ඔවුන්ගේත් කුඩා මොළයක් හිමි ආදි ම මානවයන්ගේ මෙන්, තුනටිය සහ උරහිස් කුඩා වන්නට ඇති.

    එහෙත් ඊට වෙනස් මතයක් දරන ඇතැම් විද්‍යාඥයන් ද සිටිති. ඔවුන් පවසන්නේ හෝමෝ නලිඩි යනු සැබැවින් ම ආදි මානවයෙකු බව ය.

    කෙසේ වුව ද අතීතයේ පටන් මේ දක්වා මිනිසාගේ මනස එන්න එන්නට ම විශාල වෙමින් වැඩුණු බවට වූ කතන්දරය හෝමෝ නලිඩි සොයා ගැනීමත් සමග අභියෝගයට ලක් වේ. මේ අනුව නූතන මානවයා පරිණාමය වූ අකාරය කලින් සිතා සිටියාට වඩා සංකීර්ණ වූවක් බව පැහැදිලි වේ.



    කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න

    ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    You must spread some Reputation around before giving it to Oli_Vili again.

    ඔය ජාතියෙ එව්වො ටිකක් ආයෙ හදාගත්ත නං යුද්ද වලට ගන්න තිබ්බ :yes:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    You must spread some Reputation around before giving it to Oli_Vili again.

    ඔය ජාතියෙ එව්වො ටිකක් ආයෙ හදාගත්ත නං යුද්ද වලට ගන්න තිබ්බ :yes:


    .:shocked::shocked::shocked::shocked: :lol::lol::lol: