හොඳම_සංචාරක_ගමනාන්තය
සංචාරක තරුණයා මරා තරුණිය සමූහ දූෂණය කළ රාජපක්ෂලාගේ වනචර දශකයේ දී ‘මිනී කන්නන්ගේ දේශය’ ලෙස නම් කළ ලංකාව අද ‘ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය’ ලෙස නම් කිරීම ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්
සංචාරක යුවලකගේ තරුණයාට වෙඩි තබා මරා දමා තරුණිය සමූහ දූෂණය කළ මැදමූලන රාජපක්ෂලා ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටි වනචර දශකයේ දී “මිනී කන්නන්ගේ දේශය” ලෙස ලංකාව හැඳින්වූ ජාත්‍යන්තර මාධ්‍ය විසින්ම අද ලංකාව ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය සඳහා සුදුසු රට ලෙස හැඳින්වීමම යහපාලන වෙනස විසින් වසර 3 ක් තුලදී රටට අත් කර දුන් ජයග්‍රහණයකි. ලෝක ප්‍රකට ‘ලෝන්ලි ප්ලැනට්’ සංචාරක සඟරාව මගින් 2019 වසරේ ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත දහය අතරින් ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට නම් කර තිබේ.
මේ නම් කිරීම අපේ සංචාරක ව්‍යාපාරය ලත් ජයග්‍රහණයක් බවත්, ඒ ජයග්රහණයෙන් උදම් නොවී අපේ සංචාරක ව්‍යාපාරය තව තවත් සංවර්ධනය කරලීම සඳහා නව මංපෙත් සෙවිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (24) පැවසීය.
ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ආගමික උරුමයන් වෙත මෙන්ම තවත් නවාංග වෙත සංචාරකයන් ආකර්ශනය කරලීම සඳහා විධිමත් සැලසුම් දියත් කළ යුතු බව ද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ (24) අරලියගහ මන්දිරයේ දී ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.
එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“2015 වසරේ සිට මේ ආණ්ඩුව ක්‍රියා කළේ සංචාරක ව්‍යාපාරය සඳහා ප්රමුඛස්ථානයක් ලබාදීමටයි. අද වන විට එහි ප්‍රතිඵල අපට ලැබී තිබෙනවා. නමුත් මෙම ප්‍රතිඵලයෙන් සෑහීමකට පත්වී සංචාරක ව්‍යාපාරයේ වැඩ කටයුතු නතර කළ නොහැකියි. මෙම ප්‍රතිඵලය ආරම්භයක් පමණක් බව කිව යුතුයි.
අප ඇති කරන අපනයන ආර්ථිකයේ ප්‍රධාන ස්ථානයක් ලැබෙන්නේ සංචාරක ව්‍යාපාරයටයි. ඒ කෙටි කාලීන විදේශ ආදායම් ඉපැයිය හැකි ව්‍යාපාරයක් ලෙසයි. සංචාරක ව්‍යාපාරය යටතේ විශාල හෝටල් පමණක් නොව, නිවාස ආශ්රිත නවාතැන් ලබාදීම, කුඩා කඩ සාප්පු හා අවන්හල් යනාදිය ඇති කරමින් අප ඉදිරියට යා යුතුයි.
අපේ අඩුපාඩුකම් ද තිබෙන බව අප මතක තබා ගත යුතු වනවා. අපි එම අඩුපාඩු නිවැරදි කර ගත යුතුයි. ඒ වගේම විශාල වශයෙන් මුදල් වියදම් කරන සංචාරකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳව පමණක් නොව අපට ලැබෙන ආදායම කෙරෙහිත් අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ඒ නිසා සාමාන්‍ය මට්ටමේ සාචාරකයින් මෙන්ම ඉහළ මට්ටමේ සංචාරකයන් ආකර්ශනය කරගැනීම පිළිබඳවත් අපේ අවධානය යොමු කළ යුතු වෙනවා.
අපගේ සංස්කෘතික හා ස්වභාවික ස්ථාන අප ආරක්ෂා කර ගත යුතුයි. ඒ වගේම අලුත් අංග ඇතුළත් කළ යුතුයි. එම නිසා මේ අවස්ථාවේ දී සංචාරක ව්‍යාපාරයේ වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ක්‍රියා කළ සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතාටත්, එතුමාගේ අමාත්‍යාංශයටත්, අමාත්‍යතුමා සමග වැඩ කටයුතු කළ සංචාරක සංවර්ධන අධිකාරියටත්, උපදේශන හා කාර්ය සාධන මණ්ඩලයටත්, සංචාරක ව්‍යාපාරයේ නිරත පුද්ගලික අංශයේ සාමාජිකයන්ටත්, මෙරට සංචාරක ව්‍යාපාරයේ යෙදී සිටින සියලු දෙනාටත්, සෑම විටම සංචාරකයින් සමග තම මිත්‍රත්වය පෙන්නුම් කළ ජනතාවටත් ස්තූතිවන්ත වෙනවා.
2019 වසරේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කිරීම ඔස්සේ අපේ සංචාරක ව්‍යාපාරය තව තවත් දියුණු කොට දැනට ලැබෙන ආදායම දෙගුණයක් කර ගැනීමට ඉලක්ක කර ගනිමු යැයි මා අවසාන වශයෙන් පැවසීමට කැමතියි.”