හොඳ ෆිල්ම් වල වෙනස

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,619
    10,187
    113
    හොඳ ෆිල්ම් වල වෙනස

    මෙහෙමයි කතාව ,
    අපෙ අම්මයි තාත්තයි ඇවිල්ල සාම්ප්‍රදායික සාමාන්‍ය මිනිස්සු. ඉතින් ෆිල්ම් ගැන කිව්වොත් සින්හල ඒවා හොඳයි ඉන්ග්ලිශ් ඒවා නරකයි (හැබැයි ජීවිතේට ඔය ජාති දෙකෙන් එක ෆිල්ම් එකක්වත් ඉවර වෙන්න බලල නැතුව, වෙන දෙයක් හන්ද නෙමෙයි ඒ මිනිස්සු ජීවිත කාලෙම කලේ වැඩ කරන එක දැන් කරන්නෙත් ඒක) ඊට වඩා දෙයක් ෆිල්ම් ගැන දන්නෙ නෑ. ඒවගේම එකක් බලන්න කියල කතා කලත් ඔව්ව කාලෙ කන වැඩ කියල අයින් වෙනව. වැඩිම උනොත් යන එන ගමන් පොඩ්ඩක් විනාඩි 5ක් බලනව එච්චරයි.ඉතින් මම දැක්ක විශේෂිත දේ තමයි එහෙම විනාඩි 5කට හරි බලන්න් නැවතෙන ෆිල්ම් විචාරකයන්ගේ විශේෂ ඇගයීමට ලක්වුන ඒවා. IMDB සයිට් එකේ වැඩිම ratings තියෙන ෆිල්ම්. හැබැයි අපෙ දෙමව්පියන් ඔය දේවල් ගැන කිසිම අවබෝධයක් තියෙන අය නෙමෙයි. මගෙ ගැටලුව එහෙම වෙන්න හේතුව මොකද්ද? එක තප්පරයක් දෙකක් ඇතුලත මිනිහෙක්ව ඇද බැඳ තියාගන්න ඒවට තියෙන්න බලය මොකද්ද? නැත්තම් අහම්බයක් ද?
     
    • Like
    Reactions: kellsupun

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    සමහරවිට බලන්න හම්බෙන්නෙ ඒ අයගෙ ටයිප් එක නෙවේ වෙන්න ඇති. ඒ අයගෙ ටයිප් එකේ එකක් බලන්න හම්බුනත්, "ඔව්ව කාලෙ කන වැඩ කියල අයින් වෙනව" නම්, උබෙ අම්මයි තාත්තයි බොරු ලෝක වලින් ඈත් වෙලා සැබෑ ජීවිතයෙ ජීවත් වෙන මිනිස්සු. හොඳ දෙයක් උනත් බලන්න උවමනවාක් නෑ. ඇහෙන් බලලා හිතට ගන්නවට වඩා. හිතෙන් හිතලා අතින් වැඩ කරන්න පුරුදු වෙච්ච මිනිස්සු. වැඳපන් උදේ හවා පෙරලි පෙරලි
     

    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    ඇහෙන් බලලා හිතට ගන්නවට වඩා හිතෙන් හිතලා අතින් වැඩ කරන්න පුරුදු වෙච්ච මිනිස්සු
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    කලා නිර්මාණ රසවින්දනය පුහුණු කළයුතු දෙයක් මිසක් උපතින් පහල වන දෙයක් නොවේ.

    පොත් කියවා රස විඳීම පොත් කියවා පුහුණු කළයුතු දෙයකි. චිත්‍රපට බලා රස විඳීම චිත්‍රපට බලා පුහුණු කළයුතු දෙයකි.

    පොත් කියවා රස විඳිය හැකි අයට චිත්‍රපට බලා රස විඳීමේ නොහැකියාවක් තිබිය හැක. දෙකම බැරි අයද සිටිය හැක.

    වැදගත් වන්නේ දරුවන්ට කුඩා කල සිටම මේවා පුහුණු කිරීමයි. චිත්‍රපට එතරම් වැදගත් නොවේ. පොත් නම් අනිවාර්යයෙන්ම භාවිතා කළ යුතුය.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මමනම් කියන්නේ හැම ෆිල්ම් එකම බලන්න බැරිනම් අඩුම තරමේ true story ෆිල්මවත් බලනවනම් හොදයි.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    මමනම් කියන්නේ හැම ෆිල්ම් එකම බලන්න බැරිනම් අඩුම තරමේ true story ෆිල්මවත් බලනවනම් හොදයි.

    ටෲ ස්ටෝරි බලද්දී අමුතු ගැම්මක් තියෙනවානෙ :yes:
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    සමහරවිට බලන්න හම්බෙන්නෙ ඒ අයගෙ ටයිප් එක නෙවේ වෙන්න ඇති. ඒ අයගෙ ටයිප් එකේ එකක් බලන්න හම්බුනත්, "ඔව්ව කාලෙ කන වැඩ කියල අයින් වෙනව" නම්, උබෙ අම්මයි තාත්තයි බොරු ලෝක වලින් ඈත් වෙලා සැබෑ ජීවිතයෙ ජීවත් වෙන මිනිස්සු. හොඳ දෙයක් උනත් බලන්න උවමනවාක් නෑ. ඇහෙන් බලලා හිතට ගන්නවට වඩා. හිතෙන් හිතලා අතින් වැඩ කරන්න පුරුදු වෙච්ච මිනිස්සු. වැඳපන් උදේ හවා පෙරලි පෙරලි

    RESPECT +++