අඩේ නෑ බන්. දැන් ඉන්න හොරු මරු බුවාලා බන්. වේදිකා නාට්‍ය නළුවෝ වගේ තමා. උන් හෙනට ප්‍රැක්ටිස් කරලා තමා ගේම දෙන්න එන්නේ. අපේ කලින් ගෙදර තිබ්බේ රාජගිරියෙ. ඒක රෙන්ට් එකට දෙන්න හිතාගෙන උඩ තට්ටුවයි යට තට්ටුවයි යුනිට් දෙකක් විදියට හැදුවේ එළියෙන් පඩිපෙළ දාල. දවසක් දෙකක් මචන් අපි අලුතෙන් අරන් එන සෙරෙප්පු නැති උනා. ඒ කාලේ අපේ ගෙදර පොඩි බලු පැටියෙක් හිටිය. අපි ඌට බැන්නා සෙරෙප්පු කනවා කියල. තවත් දවසක් අපි එලියට ගිහිල්ල එනකොට ගේට්ටුව ඇරලා දාල තිබ්බ. එදත් අපි හිතුවේ වත්ත සුද්ද කරන මනුස්සය වෙන්න ඇති කියල, මොකද මිනිහ එදා උදේ ඇවිල්ල වත්ත සුද්ද කරලා tools වගයක් අමතක කරලා දාල ගිහින් තිබ්බ. ඒක ගන්න අපහු එන්න ඇති කියල හිතුවේ. මිනිහට කෝල් කරලා බැලුවම ආයේ ආවේ නෑ කිව්වා. ඊට පස්සේ අපි හිතුව අපිම gate එක බාගෙට වහල යන්න ඇති කියලා. දවස් දෙකකට පස්සේ මල්ලි පුටාර් එක පදින්න හොයනකොට ඒක අන්තරස්දහන්. එතකොට තේරුනා මේකයි සෙරෙප්පු නැති උන එකයි දෙකම හොරෙක්ගෙ වැඩක්ම තමා කියල. පස්සේ දවසක (වැඩි කල් නොයාම), [මමයි මල්ලියි නිදාගත්තේ තට්ටුවේ කාමර වල] මම ඇඳ උඩ තියාගෙන හිටපු phones දෙකයි මේසෙ උඩ තිබ්බ ලැප්ටොප් එකයි, මම ඔෆිස් එකේ වැඩකට wallet එකේ තියාගෙන හිටපු 10,000කුයි උස්සල. ඌට මං ගැන දුක හිතිලද කොහෙද රුපියල් 30ක් තියල ගිහිල්ල wallet එකේ.

මල්ලිගේ කාමරේට ගියාට උන්ට මුකුත් හොයාගන්න බැරි වෙලා. හොඳම වැඩේ කියන්නේ බන් මේක වෙලා තියෙන්නේ මම ඇඳේ නිදාගෙන ඉන්නකොටමයි. සද්ද බද්ද නැතුව ඇවිල්ල කිසි බයක් නැතුව හොරකන් කරන්න දැන් ඉන්න උන් මාර එක්ස්පීරියන්ස්ඩ් බන්. මේක උනේ උදේ පාන්දර 2ත් 4ත් අතර වෙලාවක. මොකද මම ඇහැරුනා 2ට තාත්ත ගෙදර ආවම ගේට්ටුව අරින්න. 4ට ඇහැරුනා නුවර යන්න. 2ට ඇහැරෙනකොට ෆෝන්ස් තිබ්බා. 4ට ඇහැරෙනකොට නෑ. ඔය ගේම් දීපු අ.හු.වේ.පු. සෙරෙප්පු උස්සල practice session එකක් කරලා, බයිසිකලේ උස්සල rehearsal එකත් කරලා, laptop, phone, සල්ලි උස්සල සුපිරි show එකක් පෙන්නලාම ගියා බන්.