හොරු බයයි..! – විගණකාධිපති

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    හොරු බයයි..! – විගණකාධිපති

    .




    මෙතුමා බැඳුම්කර මගඩිය ගැන එලවගෙන යන එක ඉතා විශිෂ්ඨයි. ඒ ප්‍රශ්නෙදි අපි හැමෝම එතුමත් එක්ක ඉන්නවා.

    මෙතුමා මේ තනතුරට පත් උනේ කවදද කියල මට මතක නෑ. හැබැයි ඔය වගේ වංචා ගොඩක් උනා පෙර රජය කාලෙ.

    හැබැයි ඒ කාලෙ හිටපු විගණකාධිපති මේ තරම් කෙලින් හිටියනම් ගොඩක් දේවල් එලි කර ගන්න තිබුනා



    sddefault.jpg


    “මම මගේ වැඩේ කරගෙන යනවා. මේක හොරා පොලිස් සෙල්ලම වගේ වැඩක්. පොලිසිය ළඟින් යනකොට හොරු බයයි. වැරැදි වැඩ කළේ කවුද කියලා වාර්තා කරන කොට කොටසක් විරුද්ධ වෙනවා. ඒක සාමාන්‍යයි.” යැයි විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි.

    ඒ මහතා ඉරිදා මව්බිම පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර ඇති අතර එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් පල වේ.

    “විගණන පනත ඉදිරිපත් කරනවා කිව්වත් තවමත් ප්‍රමාද වී තිබෙන්නේ ඇයි?

    මගේ පැත්තෙන් නම් මොනවත් ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒව ගැසට් කරන්නෙ ආණ්ඩුවෙන්නෙ. අගමැති කාර්යාලයෙන් තමයි ඒක කරන්නෙ.

    ගැසට් කිරීමට ඔබේ දායකත්වයක් නැද්ද?

    නැහැ. මගේ දායකත්වයක් නැහැ. මගේ වැඩකටයුතු ඉවරයි. මගේ වැඩ ඉවර වෙලා දැන් ගොඩක් කල් වෙනවා. ඊට පස්සෙ මේ අය අලුතෙන් වෙනස්කම් ගොඩක් කරලා තිබෙනවා.

    ඔබ ඉදිරිපත් කළ වගන්ති 54න් 49ක් ආණ්ඩුව වෙනස් කළා කියලා පැතිරෙන ආරංචි සත්‍යයද?

    ඔව්.ඔව්. මං හිතන්නෙ ඊටත් වැඩියි. ඒ කියන්නෙ ගොඩක් වෙනස් කරලා. වෙනස්කම් කළත් ඒවා අපෙන් ඇහුවෙ නැහැ. ඒ වෙනස්කම් සම්බන්ධයෙන් අපි පොඩ්ඩක්වත් සතුටු නැහැ. ඇත්තටම දැන් පනතේ වටිනාකමක් නැහැ. දැන් දීල තිබෙන පනත ක්‍රියාත්මක කරන්නත් බැහැ. මොනවා කරන්නත් ගැසට් කරන්න එපායැ. ඉතිං අපි ගැසට් කරනකන් ඉන්නෙ ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන්න.

    එහෙම කරුණු දක්වලා වෙනස් කරන්න පුළුවන්ද?

    දන්නෙ නැහැ. ඒව කියන්න බැහැ. මේ තියෙන බලපෑම් එක්ක කොහොම වෙයිද දන්නෙ නැහැ.

    නීතිපති අනුමත කළ පනතක් ආයෙත් වෙනස් කරන්න පුළුවන්ද?

    මේ අය බලතල දෙන්න කැමැති නැහැනෙ. මේ පනත මට ඕනවටත් තව කාටවත් ඕනකමකටවත් හදපු පනතක් නෙවෙයි. මේක ජාත්‍යන්තර විගණන ක්‍රමවේදයන්, මූලධර්මයන් පදනම් කරගෙනයි මේ පනත හැදුවෙ. ඇත්තටම මෙතැන තිබෙන්නේ ඒවට බලධාරීන් කැමැති නැති ප්‍රශ්නයයි. ඒ නිසා ඒගොල්ලො උත්සාහ කරනවා මේක තවදුරටත් වළක්වන්න.

    ඔබෙන් ජනාධිපතිවරයා මේ ගැන විමසීමක් කළේ නැද්ද?

    නැහැ. ජනාධිපතිතුමත් එක්ක මගේ ගනුදෙනුවක් නැහැනෙ. විධායකය ඒ සම්බන්ධයෙන් මාත් එක්ක සාකච්ඡා කරන්නෙ නැහැ. මම වැඩ කරන්නෙ ව්‍යවස්ථාදායකයත් එක්කයි. පනත් හදන්නෙ ව්‍යවස්ථාදායකයෙන්. නමුත් ප්‍රශ්නය වෙලා තිබෙන්නෙ මේ ප්‍රශ්නය විධායකය භාර ගැනීමයි. විධායකයට ඇත්තටම ඕකට බලයක් නැහැ. පනත් හදන්න ඕන පාර්ලිමේන්තුවයි. අගමැතිතුමා කියන්නෙ පාර්ලිමේන්තුව නෙවෙයිනෙ.

    අගමැතිතුමා පාර්ලිමේන්තුවේ නොවේද?

    නැහැ. පාර්ලිමේන්තුවෙ ඉන්නෙ මන්ත්‍රිවරු. එතකොට ව්‍යවස්ථාදායකය කියන්නෙ ජනාධිපතිතුමා සහ ඇමැති මණ්ඩලය. මේ පනත හැදෙන්නෙ විධායකයේ ක්‍රියාකාරකම් පරීක්ෂා කිරීමට. එතකොට ඒක විධායකයට ඕන විදියට වෙනස් කළාම වෙන දේ තමයි මෙතැන මේ තියෙන්නෙ. ඇත්තටම මේ සංශෝධන කෙරෙන්න ඕන පාර්ලිමේන්තුවෙන්. එහෙම කරන්නෙ නැතිවීමයි ප්‍රශ්නය.

    ඔබත් මුදල් ඇමැතිත් අතර තිබෙන ප්‍රශ්නය මොකක්ද?

    මට මුදල් ඇමැතිත් එක්ක ප්‍රශ්නයක් නැහැ.

    බැඳුම්කර පිළිබඳ වාර්තාවක් ඔහුට නොදී ජවිපෙට දී ඇති බවට ඔබට මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී චෝදනා කළා?

    ඒක ඉතිං එයාගෙන්ම තමයි අහන්න ඕන කියන්නෙ මොකක්ද කියලා. එතුමා ඉල්ලූ වාර්තාව ජනවාරි 17 වැනිදා එතුමාගේ මේසය උඩට ගිහින් තිබ්බා. ඒක ලැබුණ කියලා එතුමාගේ අස්සනින් මට දන්වලත් තිබෙනවා.

    මුදල් ඇමැති ඉල්ලූ වාර්තාව ඇයි කෝප් කමිටුවට දුන්නෙ?

    පාර්ලිමේන්තුවට දෙන්න එපා කියලා කාටද කියන්න පුළුවන්. මට මුදල් ඇමැතිත් එක්ක රහස්‍ය ගනුදෙනුවක් නැහැනෙ. මට විධායකය එක්ක ප්‍රශ්නයක් නැහැ. මම වැඩ කරන්නෙ ව්‍යවස්ථාදායකයත් එක්කයි. මුදල් ඇමැතිට වාර්තාව දුන්නට පසුවදා මම කෝප් කමිටුවටත් වාර්තාවක් දුන්නා. මොකද මේක කෝප් කමිටුවෙ සාකච්ඡා වෙන ප්‍රශ්නයක්. මහ බැංකු අධිපතිටත් පිටපතක් දුන්නා. මේක මහ බැංකුවෙත් ප්‍රශ්නයක් නිසා මං ලියූ දේ එතුමත් දැනගත යුතුයි. ඒ පිළිබඳ මුදල් ඇමැති මා එක්ක ප්‍රශ්නයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මොකද එයත් එක්ක මගේ රහස්‍ය ලියවිලි ගනුදෙනුවක් සිද්ධ වෙලා නැහැනෙ. මම විවෘතයි. එතුමා විවෘත නැති වුණාට විගණකාධිපති කියන්නෙ පොදු වස්තුවක්. රටේ විනිවිදභාවය ගොඩනඟන පුද්ගලයා. ඉතින් ඒ නිසා මං මොකටද මුදල් ඇමැතිත් එක්ක රහස්‍ය ගනුදෙනු කරන්නෙ?

    ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා කියා තිබෙනවා ඔබේ ක්‍රියාකලාපය වැරැදි බවට ලෝක බැංකුවෙත් සඳහන් කොට තිබෙන බව?

    ඒක සම්පූර්ණයෙන්ම වැරැදි කතාවක්. ලෝක බැංකුවෙ කොළේ මටත් එවල තිබෙනවා.

    ඒකෙ එහෙම කතාවක් නැහැ. මෙතැන තිබෙන්නෙ තෝරා ගැනීම්වල ප්‍රශ්නයක් නෙවෙයි. මේකෙ තියෙන්නේ තෝරා ගැනීම්වලට පෙර ක්‍රමවේදයේ වැරැද්දක්. මගේ වාර්තාවෙ තිබෙන්නේ ඒකයි. ඒවට ජාත්‍යන්තර ක්‍රමවේද නැහැ. ජාත්‍යන්තරයේ කොහේවත් මේ වගේ වැඩ වෙන්නෙ නැහැ.

    මහ බැංකු බැඳුම්කරවලට සම්බන්ධ පාඩුව තවදුරටත් සිදුවෙමින් තිබෙනවාද?

    එදා ඉඳලා ඒව එහෙමම යනවනෙ. නමුත් මට ඒවා ගණනය කරන්න අවශ්‍යතාවක් නැහැ. මට තිබෙන බලතල පදනම් කරගෙන ඒ මොහොතේ වැරැදි තීරණ ගැනීම් නිසාත් බලධාරීන්ගේ අණ නොතකා යෑම නිසාත් ඇතිවූ අලාභය විතරයි මම සඳහන් කරලා තිබෙන්නෙ. ඒ වෙනස පදනම් කරගෙන අලාභය තවත් අනාදිමත් කාලයක් යාවි! ඒකෙ ප්‍රශ්නය බෙදිලා හැමතැනටම යනවා.

    ඔබ තනතුරෙන් පලවා හැරීමේ කුමන්ත්‍රණයක් තිබෙන බවට ආරංචි පැතිරෙනවා. එවැනි දෙයක් ඔබටත් හැඟෙනවාද?

    මගේ ප්‍රතිපත්තිය රජයේ යහපාලනය සඳහා පරීක්ෂකවරයකු ලෙස බලා සිටීමයි. එතකොට රජයේ අරමුණත් යහපාලනය නම් ගැටුමක් ඇතිවෙන්න හේතුවක් නැහැ. එහෙම ප්‍රශ්නයක් ඒ පැත්තෙ ඇති. මගේ පැත්තෙ නැහැ. මොකද මට භාර දීපු රාජකාරියයි මේ කරන්නෙ.

    විගණන කටයුතු සඳහා සිටින නිලධාරීන් ප්‍රමාණවත් නැති බව කියැවෙනවා. ඒක ඇත්තද?

    ඇත්ත වශයෙන්ම එතැන ප්‍රශ්නයක් තිබෙනවා. අපි දැන් බඳවා ගැනීම් කොහොම හරි ටික ටික කරගෙන යනවා. ප්‍රමාණවත් නැති තත්ත්වයකුයි තියෙන්නෙ. 19 වැනි සංශෝධනය යටතේ විශාල වැඩ කොටසක් පැවැරුණා. එයාර් ලංකා, රක්ෂණ සංස්ථාව ඇතුළු විශාල ආයතන ගණනක විගණන කටයුතු පැවැරිලා තිබෙනවා. ඒවා ඔක්කොම කරන්න ඕන. ඒවා විගණනය කරන්න බාහිර ආයතනවලටත් දීලා තිබෙනවා.

    ඔබගේ වැටුප් වැඩි කරන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවෙන් ඉල්ලුව කියලා ආරංචියි. දැන් ඊට මොකද වෙලා තිබෙන්නෙ?

    වැටුප් වැඩි කරන්න ඉල්ලුවෙ නැහැ. ඕක වැරැදි කතාවක්. විගණකාධිපතිවරයාගේ වැටුප පාර්ලිමේන්තුවේදී තීරණය කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 තිබෙන්නෙ ඒකයි. මම ඉල්ලුවෙ වැටුප නීත්‍යනුකූල කරලා දෙන්න කියලයි. මම කලින් ඉඳපු රස්සාවෙදි ගෙවපු ගණන මේ අය මට ගෙවනවා. ඒ හැර මගේ පඩිය අදත් නීත්‍යනුකූල නැහැ. මට හෙට දවසෙ විශ්‍රාම යන්න වුණොත් එම මුදල් ආපසු ගෙවන්න වේවි! ඒ නිසා ඒ මුදල් සතයක්වත් මම ගන්නෙ නැහැ. මගේ වැටුප් නීත්‍යනුකූල වෙන්නෙ පාර්ලිමේන්තුව තීරණය කරලා හැන්සාඩ් ගත කළොත් විතරයි. මට තවම මාස 14ක් තිස්සේ නීත්‍යනුකූල වැටුපක් නැහැ.

    ආණ්ඩුවෙ ව්‍යවස්ථාදායක සභාව දැනුම් දීමක් කළාද ඔබේ වැටුප නීත්‍යනුකූල කරන්න හෝ වැඩි කරන්න බැහැ කියලා?

    ඒක ව්‍යවස්ථාදායක සභාවෙ රාජකාරියක් නෙවෙයි. ව්‍යවස්ථාදායක සභාව කියන්නෙ නිලධාරීන් පත් කරන තැන විතරයි. මගේ පඩිය සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාවට කාර්යභාරයක් නැහැ. ඒක තියෙන්නෙ පාර්ලිමේන්තුවට.

    නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේදී අගමැතිවරයා විරුද්ධ වූ බවයි කියැවෙන්නෙ?

    වැරැදි තැනකටයි ඒක යොමු කරලා තිබෙන්නෙ. කතානායකට දුන්නම ඒක ව්‍යවස්ථාදායක සභාවට යොමු කරලා. සෑම විගණකාධිපතිවරයෙක්ම මාරු වෙනකොට පාර්ලිමේන්තුව ඔහුගේ වැටුප තීරණය කරන්න ඕන. සුදුසුකම්, පළපුරුද්ද ආදිය අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.

    මේ ආණ්ඩුවේ තවත් දූෂණ අක්‍රමිකතා නිරීක්ෂණය වී තිබෙනවාද?

    ඉතිං ඒවටනෙ දැන් ප්‍රශ්න තියෙන්නෙ. ආර්.එම්.බී., සතොස, එයාර් ලංකා, සහල් ගෙන ඒම වගේ තවත් ඒවා තිබෙනවා.

    ඔබ ආරක්ෂා කරන්න දේශපාලනඥයන් පිරිසක් එකතු වන බව කියනවා. ඊට ඔබේ සම්බන්ධයක් තිබෙනවාද?

    මිනිස්සුන්ට දේශපාලනය කරන්න එපා කියන්න මට අයිතියක් නැහැ. මට ඒක අදාළ නැහැ. ඇත්ත වශයෙන්ම කාටවත් මා රැකගන්න දෙයක් නැහැ. මම ඉන්නෙ පාර්ලිමේන්තුවට සහාය වෙන්න. පාර්ලිමේන්තුව මට විරුද්ධ වෙනවා නම් ඒක ප්‍රශ්නයක්.

    ඔබට විරුද්ධ වෙන්නෙ ශ්‍රී ලනිපයද? එජාපයද?

    මට එහෙම කියන්න බැහැ. ඒ ගැන අදහසක් තැකීමක් මට නැහැ. මම මගේ වැඩේ කරගෙන යනවා. මේක හොරා පොලිස් සෙල්ලම වගේ වැඩක්. පොලිසිය ළඟින් යනකොට හොරු බයයි. වැරැදි වැඩ කළේ කවුද කියලා වාර්තා කරන කොට කොටසක් විරුද්ධ වෙනවා. ඒක සාමාන්‍යයි. පරණ ක්‍රමයට මේ ආයතනය ගෙනයන්න බැහැ. පරණ විගණකාධිපතිවරයෙක් කරපු දේ මගෙන් බලාපොරොත්තු වෙනවා. 19 වැනි සංශෝධනය නිසා බලතල වෙනස් වෙලා. විගණන සේවා කොමිසමක් පත් වෙලා. රජය යහපාලනය ගැන කියනවා. ඉතිං ඒවට අනුව මට කටයුතු කරන්න වෙනවා.

    විගණකාධිපතිටත් වරදින්න පුළුවන් කියලා කෝප් කමිටුවේ සිටින එජාප මන්ත්‍රිවරු ප්‍රකාශ කොට තිබෙනවා. ඔබට වරදින්න පුළුවන්ද?

    මගේ මතයයි මම දීල තියෙන්නෙ. කැමැති කෙනකුට භාරගන්න පුළුවන්. භාර නොගෙන ඉන්නත් පුළුවන්. මං ගැන එහෙම කතා කිව්වට මගේ වාර්තාවේ නිරීක්ෂණ ගැන කිසිම කෙනකුට කිසිම වෙනසක් කර ගන්න බැරි වෙලා. පාර්ලිමේන්තුවේදී විගණකාධිපතිවරයා විවේචනයට ලක් නොවිය යුතුයි. එහෙම කළාම තනතුර හෑල්ලුවට ලක් වෙනවා.

    රහස් තොරතුරු ප්‍රසිද්ධියේ කතා කරන බවටත් ඔබට වෝදනාවක් නැඟෙනවා?

    ඉතිං තොරතුරු දැන ගැනීම යටතේ එහෙම කතා කළ යුතුයි නේද? යහපාලනය තේමාව වූ රජයක මගේ ප්‍රතිපත්තියත් යහපාලනය නිසා කතා නොකර හංගගෙන හිටියමද හරියන්නෙ?

    ඔබ මාධ්‍යය ඉදිරියේ වීරයෙක් වෙන්න හදනවා කියලා එජාපය චෝදනා කරනව?

    මට මාධ්‍යයට එන්න වුවමනාවක් නැහැ. ඔයගොල්ලො මෙතෙන්ට ආවෙ කොහොමද කියලා දන්නවනෙ. මට මාධ්‍ය සන්දර්ශන පවත්වන්න ඕන නැහැ. මට හොඳට කුඹුරු කොටන්න පුළුවන්. මම මේ තනතුරු බලාගෙන වැඩ කරන්නෙ නැහැ. ඒ වගේ කතා විහිළු කතා. මට තව අවුරුදු දෙකයි මාස දෙකයි තියෙන්නෙ. ඊට පස්සෙ මම යනවා යන්න. ඊට ඉස්සෙල්ලා යන්න ඕන කිව්වොත් මම යනවා. මේ තනතුර නිසා අහිමි වෙච්ච දේවල් මිස ලැබිච්ච දෙයක් නැහැ. මම මෙතැනට එනකොට ලක්ෂ 3 1/2-4 වැටුපක් ගත්තා. අද හමුවෙන්නෙ 69,000ක මූලික පමණයි. ආණ්ඩුව යහපාලනය කරනව කිව්ව නිසා ජාතික සේවයක් හැටියටයි මම මේක භාර ගත්තෙ. නැත්නම් භාර ගන්නෙත් නැහැ.

    ඔබ ඔය තනතුරේ ඉන්නෙ පොළොන්නරුවෙ පුද්ගලයෙක් නිසාද?

    මම අවුරුදු 33ක් තිස්සේ රාජ්‍ය සේවයේ ඉන්නවා. මේ රටේ තිබෙන ගණකාධිකාරි උපාධි ඔක්කොම මට තිබෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ උසස් උපාධියක් කළා. ආර්ථික විද්‍යාව පිළිබඳ කොරියාවේ කිං මේ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් ගත්තා. මේ තනතුරට එන්න මට තරම් සුදුසුකම් තිබෙන කෙනෙක් නැහැ. ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන ප්‍රමිති මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් විධියට ඉඳලයි මේකට ආවෙ. පොළොන්නරුවෙ ඉපදීම කරුමයක් නෙවෙයි.

    මං මේකට සුදුසු නෑ කියලා කවුරු හරි හිතනවා නම් ඒ හොරා පොලිස් ප්‍රශ්නය නිසයි. පාරදෘශ්‍යභාවයක් ඇති කරන්නයි වාර්තා පාර්ලිමේන්තුවට දුන්නෙ. පක්ෂ කාර්යාලයකට දුන්න නම් ඒක වැරැදියි කියන්න පුළුවන්. මම එහෙම කරලා නැහැ.

    මහ බැංකුව මුදල් ඇමැතිට අයිති නොවන පසුබිමක ඔබෙන් එවැනි වාර්තාවක් මුදල් ඇමැතිට ඉල්ලන්න පුළුවන්ද?

    ඒක 1949 මුදල් පනතෙ තිබෙන දෙයක්. මේවා ඔක්කොම දැන් පැටලිලා. මහ බැංකුවෙ ගිණුම් සම්බන්ධව විගණකාධිපතිගෙන් වාර්තාවක් කැඳවිය හැකියි. මේක මුදල් සම්බන්ධ සිද්ධියක් නෙවෙයි. බැඳුම්කර විකිණීමේ සිද්ධියක්. ඒ නිසා ඇත්ත වශයෙන්ම ඉල්ලීමට බලයක් ඇත. ඒකත් පදනම් කරගෙන තමයි මම මේක පාර්ලිමේන්තුවට දුන්නෙ.

    ස්වාධීන විගණන කොමිසමේ ක්‍රියාකාරිත්වය කොහොමද?

    කාර්ය මණ්ඩලය 20ක් විතර ඉන්නවා. ඒත් විගණන පනත ක්‍රියාත්මක නොකර ඒ අයගෙන් ප්‍රයෝජනයක් ගන්න බැහැ. මාසෙකට රුපියල් ලක්ෂ 25ක් විතර විදයම් වෙනවා.

    තොරතුරු පනතින් ඉවත් කළ ආයතන අතරට විගණන දෙපාර්තමේන්තුවත් අයත්ද?

    නැහැ. ඒත් අනෙකුත් ආයතනවල තොරතුරු එළියට දෙන්න බැරි වේවි!”
     
    • Like
    Reactions: HSW

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,535
    113
    විගණකාධිපති අයින් කරන්න කියලා මැති ඇමති වරු ජනපති ළඟ කෙඳිරි ගානවලු
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    එකම හරක් ටික පට්ටි වෙනස් කරලා අර ගොන් මඩුවට යවන මී හරක් ලක් වාසි සියලු දෙනාට !


    14719321088.jpg

     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Ba*** puthala thamai lankawe inne.! :frown::frown:
    Me wage kelin wada karana minissuntawath lankawe thanak naththe pahara deshalapanaya nisa.
    Lankawe pahara deshapaluwo innakal lankawe me wage awankawa wada karana minissunta thamange rajakariya hariyata karaganna labenne naha.:angry::angry::angry: