හොරෙන්ම රටින් පනී

Sniff

Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    හොරෙන්ම රටින් පනී

    මැදමූලන පරාජිත ඒකාධිපතියා එල්ලෙන්නට ගිය ඉන්දියානු පොල් කෙන්දත් පිදුරු ගහත් නැගී ආ මහජන කෝපය හමුවේ යලි ඉන්දියාවට පලා ගිහින් :):)

    පොල්කෙන්දක හෝ පිදුරු ගහක හෝ එල්ලී නියත පරාජයෙන් ගැලවීම සඳහා මැදමූලන ඒකාධිපති පවුල විසින් බොලිවුඩයෙන් ආනයනය කළ ජැකලින් සහ සල්මන් කාන් තරු යුවල ශ්‍රී ලංකාවේදී ඔවුනට එරෙහිව නැගී ආ දැවැන්ත මහජන විරෝධය හමුවේ තම සංචාරය අවලංගු කර ඊයේ රාත්‍රී යලි ඉන්දියාවට පලා ගොස් තිබේ.
    ඊයේ රාත්‍රී 11.40 ට UL 141 දරණ ගුවන් යානයෙන් සල්මන් සහ ජැකලින් දෙදෙනා සහ ඔවුන් සමග ආ පිරිවර කටුනායක ගුවන් තොටුපොලින් පිටත්ව ගොස් ඇත. ඔවුන් පලා ගොස් ඇත්තේ ද රහසිගතවය. මන්ද යත් විශේෂ පුද්ගලයන්ගේ පිටත්ව යෑම් ලැයිස්තුවේ ඔවුන්ගේ නම් සඳහන් වන්නේ නැත.
    මැදමූලන පරාජිත ඒකාධිපතියාගේ් මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට සහභාගී කරවීමට මෝඩ නාමල් නාම්බාගේ සැලසුම් අනුව ගෙන්වන ලද සල්මන් ජැකලින් දෙදෙනා ඊයේ සවස පරාජිතයා සමග වැඩ ප්‍රචාරක සටහන් කිහිපයකටද සහභාගී වූහ. නමුත් ඊට ස්වල්ප වේලාවකට පෙර කුරුණෑගලදී නාමල් නාම්බාගේ නිල් බලකාය විසින් ලංකාවේ ජන හද දිනූ කලා කරුවන්ට පහර දීමෙන් මුළු රටම කෝපාවිෂ්ඨ වී සිටියහ.
    මේ තත්ත්වය මත ඉන්දියානු තානාපති අංශ විසින් සල්මන් ඛාන්ට වහාම යලි ඉන්දියාවට යන ලෙස උපදෙස් දී තිබේ. සල්මන් චීන සහාය ලබන ලංකාවේ ඒකාධිපතියාට සහාය දැක්වීම ගැන තමිල්නාඩුවේද විරෝධතා පැවැත්වින. ඉන්දියානු පුවත් පත්ද එය වාර්තා කර තිබිණ. සල්මන්ගේ පලා යෑමට එයද බලපා තිබේ. එ් අනුව කෝටි 50 ක් පමණ වියදම් කර ගෙන්වා ගත් බොලිවුඩ් තරු යලි මහ රෑම ඉන්දියාව බලා පිටත්ව ගියහ.
    කෙසේ වෙතත් එන පොට හොඳ නැති බව වටහා ගත් ආණ්ඩුවේ හොරණෑව ඩලස් අලහප්පෙරුව මේ සම්බන්ධයෙන් අද පැවැති ආණ්ඩුවේ දී කියා සිටියේ බොලිවුඩ් තරු ආවේ ගංවතුර අනාථයන් බැලීමට බවත් සංචාරය වීසා මත ඔවුන් පැමිණ ඇති බවත්ය. ඊට සමාන ප්‍රකාශයක් සල්මන් ඛාන්ද පිටත්වීමට පෙර කියා තිබිණ.
    සල්මන් රටින් ගොස් නොසිටියා නම් මේ සම්බන්ධයෙන් සල්මන් සහ පිරිස අත් අඩංගුවට ගැනීමට ලංකාවේ නීති ප්‍රජාව කටයුතු යොදා තිබිණ. මන්ද යත් සංචාරක වීසාවකින් රටකට පැමිණ ඒ රටේ දේශපාලන කටයුතුවලට සහභාගීවීම ඍජුවම සංචාරක වීසා නීති උල්ලංඝනය කිරීමක් බැවිනි. එවැනි අත් අඩංගුවට ගැනීමක් ඉන්දියාවේද මීට පෙර සිදුකර තිබිණ.
    කෙසේ වෙතත් අවසානයේ මැදමූලන පරාජිතයන් එල්ලෙන්නට ගිය අවසාන පිදුරු ගහත් පොල් කෙන්දත් අහිමි විය.

    :lol::lol::lol:

    LEN

    LeN_Maythree_Ad2_zps56dd2d49.jpg

    ඕකා වාහනේක ගිහින් දෙන්නෙක්ව හප්පලා. ඒකත් වෙන්න ඇති මචන් සීන් එක. නීතිය බල්ලට ගිය රටනෙ බන්.

    වෙනසකට ජය!
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    සල්මන් හැරුණු තැපෑලෙන්ම ගියේ ඇයි?

    ඉන්දියාවේ විරෝධය
    ශ්‍රී ලංකාවට පැමිණ සිටින සල්මන් ඛාන් පාවාදෙන්නෙක් බව එම්.ඩී.එම්.කේ. පක්ෂයේ මහ ලේකම් වයිකෝ ඉන්දීය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කොට තිබුණි. ද්‍රවිඩ මුන්නේත‍්‍ර කලහම් පක්ෂය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට විරෝධිව කටයුතු කරන පක්ෂයක් වන අතර සල්මන් ඛාන් ජනපතිවරයාට උදවු කිරීම සම්බන්ධව ඔවුන් දැඩි විරෝධය පා තිබුණි.

    සල්මන් ශාරුක් වෙයි
    බොරැල්ල කැම්බල් පිටියේ බොලිවුඩ් නළු සල්මන් ඛාන් සහභාගීවූ සමාජ සත්කාරයේදී සන්ධාන මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සභාව අමතමින් කීවේ ‘‘ශාරුක් ඛාන්ට ජයවේවා‘‘ යනුවෙනි. සල්මන් ඛාන් සහ ශාරුක් ඛාන් යනු කලක පටන් විරසකව සිටින නළුවන් දෙදෙනෙකි.

    දූෂණ චෝදනා
    සල්මන් ඛාන් යනු ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ජාවාරම් සිදුකරන්නෙකු බවත් ඇමරිකන් ඩොලර් මිලියන 650ක ව්‍යාපෘතියක් වන "Krrish Square" ගනදෙනුව පිටුපස සල්මන් ඛාන් සිටින බවද විපක්ෂය විසින් චෝදනාකොට තිබුණි.

    රිය අනතුර
    පසුගිය 29 වනදා සල්මන් ඛාන්ගේ රථ පෙරහැර වැලිකඩ අඔ ගහ හන්දිය ප්‍රදේශයේදී අනතුරට ලක්ව ඇති බවද වාර්තාවේ. එම අනතුරෙන් දරුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් ඔවුන් රෝහල්ගත කර ඇති බවද වාර්තා වේ. පොලිස් වාර්තා වලට අනුව එකම නොම්මරය ඇති කාර් දෙකක් ඇති බවත් අනතුරට පත්ව ඇති රථය වැල්ලවත්තේ 23 හැවිරිදි තරුණයකු කාරය පදවන්නට ඇතැයිද ඊට සමාන අනෙක් කාරය පුත්තලම් දිස්ත්‍රික්කයේ දේශපාලනඥයකුගේ බවයි.

    - See more at: http://www.baddegama.com/2014/12/blog-post_64.html#sthash.Mc8KwifQ.dpuf
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මම හිතුව මූ සාටකයක් දාගෙන මහමැතිවරණෙට ඉල්ලයි කියල
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    මුට්ටිය දාලා බැලුවා..:rolleyes: එනපොට හොද නැ වගේ තේරුන නිසා යැව්වා:yes:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මැදමූලන පරාජිත ඒකාධිපතියා එල්ලෙන්නට ගිය ඉන්දියානු පොල් කෙන්දත් පිදුරු ගහත් නැගී ආ මහජන කෝපය හමුවේ යලි ඉන්දියාවට පලා ගිහින් :):)

    පොල්කෙන්දක හෝ පිදුරු ගහක හෝ එල්ලී නියත පරාජයෙන් ගැලවීම සඳහා මැදමූලන ඒකාධිපති පවුල විසින් බොලිවුඩයෙන් ආනයනය කළ ජැකලින් සහ සල්මන් කාන් තරු යුවල ශ්‍රී ලංකාවේදී ඔවුනට එරෙහිව නැගී ආ දැවැන්ත මහජන විරෝධය හමුවේ තම සංචාරය අවලංගු කර ඊයේ රාත්‍රී යලි ඉන්දියාවට පලා ගොස් තිබේ.
    ඊයේ රාත්‍රී 11.40 ට UL 141 දරණ ගුවන් යානයෙන් සල්මන් සහ ජැකලින් දෙදෙනා සහ ඔවුන් සමග ආ පිරිවර කටුනායක ගුවන් තොටුපොලින් පිටත්ව ගොස් ඇත. ඔවුන් පලා ගොස් ඇත්තේ ද රහසිගතවය. මන්ද යත් විශේෂ පුද්ගලයන්ගේ පිටත්ව යෑම් ලැයිස්තුවේ ඔවුන්ගේ නම් සඳහන් වන්නේ නැත.
    මැදමූලන පරාජිත ඒකාධිපතියාගේ් මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට සහභාගී කරවීමට මෝඩ නාමල් නාම්බාගේ සැලසුම් අනුව ගෙන්වන ලද සල්මන් ජැකලින් දෙදෙනා ඊයේ සවස පරාජිතයා සමග වැඩ ප්‍රචාරක සටහන් කිහිපයකටද සහභාගී වූහ. නමුත් ඊට ස්වල්ප වේලාවකට පෙර කුරුණෑගලදී නාමල් නාම්බාගේ නිල් බලකාය විසින් ලංකාවේ ජන හද දිනූ කලා කරුවන්ට පහර දීමෙන් මුළු රටම කෝපාවිෂ්ඨ වී සිටියහ.
    මේ තත්ත්වය මත ඉන්දියානු තානාපති අංශ විසින් සල්මන් ඛාන්ට වහාම යලි ඉන්දියාවට යන ලෙස උපදෙස් දී තිබේ. සල්මන් චීන සහාය ලබන ලංකාවේ ඒකාධිපතියාට සහාය දැක්වීම ගැන තමිල්නාඩුවේද විරෝධතා පැවැත්වින. ඉන්දියානු පුවත් පත්ද එය වාර්තා කර තිබිණ. සල්මන්ගේ පලා යෑමට එයද බලපා තිබේ. එ් අනුව කෝටි 50 ක් පමණ වියදම් කර ගෙන්වා ගත් බොලිවුඩ් තරු යලි මහ රෑම ඉන්දියාව බලා පිටත්ව ගියහ.
    කෙසේ වෙතත් එන පොට හොඳ නැති බව වටහා ගත් ආණ්ඩුවේ හොරණෑව ඩලස් අලහප්පෙරුව මේ සම්බන්ධයෙන් අද පැවැති ආණ්ඩුවේ දී කියා සිටියේ බොලිවුඩ් තරු ආවේ ගංවතුර අනාථයන් බැලීමට බවත් සංචාරය වීසා මත ඔවුන් පැමිණ ඇති බවත්ය. ඊට සමාන ප්‍රකාශයක් සල්මන් ඛාන්ද පිටත්වීමට පෙර කියා තිබිණ.
    සල්මන් රටින් ගොස් නොසිටියා නම් මේ සම්බන්ධයෙන් සල්මන් සහ පිරිස අත් අඩංගුවට ගැනීමට ලංකාවේ නීති ප්‍රජාව කටයුතු යොදා තිබිණ. මන්ද යත් සංචාරක වීසාවකින් රටකට පැමිණ ඒ රටේ දේශපාලන කටයුතුවලට සහභාගීවීම ඍජුවම සංචාරක වීසා නීති උල්ලංඝනය කිරීමක් බැවිනි. එවැනි අත් අඩංගුවට ගැනීමක් ඉන්දියාවේද මීට පෙර සිදුකර තිබිණ.
    කෙසේ වෙතත් අවසානයේ මැදමූලන පරාජිතයන් එල්ලෙන්නට ගිය අවසාන පිදුරු ගහත් පොල් කෙන්දත් අහිමි විය.

    :lol::lol::lol:

    LEN

    LeN_Maythree_Ad2_zps56dd2d49.jpg

    :yes::yes::yes: