හොරෙන්ම රටින් පනී
මැදමූලන පරාජිත ඒකාධිපතියා එල්ලෙන්නට ගිය ඉන්දියානු පොල් කෙන්දත් පිදුරු ගහත් නැගී ආ මහජන කෝපය හමුවේ යලි ඉන්දියාවට පලා ගිහින් 

පොල්කෙන්දක හෝ පිදුරු ගහක හෝ එල්ලී නියත පරාජයෙන් ගැලවීම සඳහා මැදමූලන ඒකාධිපති පවුල විසින් බොලිවුඩයෙන් ආනයනය කළ ජැකලින් සහ සල්මන් කාන් තරු යුවල ශ්රී ලංකාවේදී ඔවුනට එරෙහිව නැගී ආ දැවැන්ත මහජන විරෝධය හමුවේ තම සංචාරය අවලංගු කර ඊයේ රාත්රී යලි ඉන්දියාවට පලා ගොස් තිබේ.
ඊයේ රාත්රී 11.40 ට UL 141 දරණ ගුවන් යානයෙන් සල්මන් සහ ජැකලින් දෙදෙනා සහ ඔවුන් සමග ආ පිරිවර කටුනායක ගුවන් තොටුපොලින් පිටත්ව ගොස් ඇත. ඔවුන් පලා ගොස් ඇත්තේ ද රහසිගතවය. මන්ද යත් විශේෂ පුද්ගලයන්ගේ පිටත්ව යෑම් ලැයිස්තුවේ ඔවුන්ගේ නම් සඳහන් වන්නේ නැත.
මැදමූලන පරාජිත ඒකාධිපතියාගේ් මැතිවරණ ප්රචාරක කටයුතු වලට සහභාගී කරවීමට මෝඩ නාමල් නාම්බාගේ සැලසුම් අනුව ගෙන්වන ලද සල්මන් ජැකලින් දෙදෙනා ඊයේ සවස පරාජිතයා සමග වැඩ ප්රචාරක සටහන් කිහිපයකටද සහභාගී වූහ. නමුත් ඊට ස්වල්ප වේලාවකට පෙර කුරුණෑගලදී නාමල් නාම්බාගේ නිල් බලකාය විසින් ලංකාවේ ජන හද දිනූ කලා කරුවන්ට පහර දීමෙන් මුළු රටම කෝපාවිෂ්ඨ වී සිටියහ.
මේ තත්ත්වය මත ඉන්දියානු තානාපති අංශ විසින් සල්මන් ඛාන්ට වහාම යලි ඉන්දියාවට යන ලෙස උපදෙස් දී තිබේ. සල්මන් චීන සහාය ලබන ලංකාවේ ඒකාධිපතියාට සහාය දැක්වීම ගැන තමිල්නාඩුවේද විරෝධතා පැවැත්වින. ඉන්දියානු පුවත් පත්ද එය වාර්තා කර තිබිණ. සල්මන්ගේ පලා යෑමට එයද බලපා තිබේ. එ් අනුව කෝටි 50 ක් පමණ වියදම් කර ගෙන්වා ගත් බොලිවුඩ් තරු යලි මහ රෑම ඉන්දියාව බලා පිටත්ව ගියහ.
කෙසේ වෙතත් එන පොට හොඳ නැති බව වටහා ගත් ආණ්ඩුවේ හොරණෑව ඩලස් අලහප්පෙරුව මේ සම්බන්ධයෙන් අද පැවැති ආණ්ඩුවේ දී කියා සිටියේ බොලිවුඩ් තරු ආවේ ගංවතුර අනාථයන් බැලීමට බවත් සංචාරය වීසා මත ඔවුන් පැමිණ ඇති බවත්ය. ඊට සමාන ප්රකාශයක් සල්මන් ඛාන්ද පිටත්වීමට පෙර කියා තිබිණ.
සල්මන් රටින් ගොස් නොසිටියා නම් මේ සම්බන්ධයෙන් සල්මන් සහ පිරිස අත් අඩංගුවට ගැනීමට ලංකාවේ නීති ප්රජාව කටයුතු යොදා තිබිණ. මන්ද යත් සංචාරක වීසාවකින් රටකට පැමිණ ඒ රටේ දේශපාලන කටයුතුවලට සහභාගීවීම ඍජුවම සංචාරක වීසා නීති උල්ලංඝනය කිරීමක් බැවිනි. එවැනි අත් අඩංගුවට ගැනීමක් ඉන්දියාවේද මීට පෙර සිදුකර තිබිණ.
කෙසේ වෙතත් අවසානයේ මැදමූලන පරාජිතයන් එල්ලෙන්නට ගිය අවසාන පිදුරු ගහත් පොල් කෙන්දත් අහිමි විය.

LEN

එනපොට හොද නැ වගේ තේරුන නිසා යැව්වා