හොර නෝට්ටු හදුනා ගමු

Leo_D

Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    හොර නෝට්ටු හදුනා ගමු



    නිදහස් දිනයට සමගාමිව නිකුත් කල නව මුදල් නෝට්ටුත් සමගම ව්‍යාජ මුදල්ද වෙළද පොලට පැමිණ තිබේ
    .
    මෙම ලිපිය ඔබව ව්‍යාජ මුදල් හදුනා ගන්නේ කෙසේද යන්න තරමක් හෝ දැනුවත් කිරීමටයි.

    81498455.jpg



    නෝට්ටු මුද්‍රණ කඩදාසිය මගින්
    නෝට්ටු නිෂ්පාදනය සඳහා භාවිතා කරනු ලබන්නේ 100% ක් කපු මිශ්‍රිත පල්පයකි.
    මේ නිසා කඩදාසියට රළු ගතියක් ලැබේ.
    ව්‍යාජ මුදල් නිෂ්පාදනය කිරීමට යොදාගන්නේ සාමාන්‍ය කඩදාසි බැවින් ස්පර්ශ කිරීමෙන් වුවද ව්‍යාජ මුදල් හදුනා ගත හැක.

    දිය සලකුණ මගින්
    කඩදාසිය නිෂ්පාදනය කරන අවස්ථාවේදීම ක්ෂිනකව යොදන ලකුණකි.
    ආලෝකයට යොමු කර බැලීමෙන් නිරීක්ෂණය කරගත හැක.
    සෑම දිය සලකුණක් ආසන්නයේම නෝට්ටුවේ වටිනා කමද ඉලක්කමෙන් සිරස් අතට යොදා ඇත.

    sf21.png
    sf22.png
    sf23.png
    sf24.png
    sf25.png
    sf26.png



    ආරක්ෂණ නූල මගින්
    කඩදාසි නිෂ්පාදනයේදී නොට්ටුවට ඇතුලත් කරන සලකුණකි.
    මෙමෙ පටිය මත නෝට්ටුවේ වටිනාකම හා CBSL යන අක්ෂර මුද්‍රණය කර ඇත.
    නවතම නෝට්ටු කාණ්ඩයේ රු.5000 රු.1000 රු.500 පිළිවලින් 3mm,2.5mm,2mm පළලින් යුක්ත වේ.

    sf31png.jpg
    sf32.png
    sf33.png
    sf35.png


    වැර ගැන්වූ කොන් මගින්
    මෙම වැර ගැන්වූ කොන් නෝට්ටුවේ කොන් හතරේ හතරැස් කොටු තුල ඉරි වලින් යුක්ත වේ.
    එය ආලෝකයට යොමු කිරීමෙන් නිරීක්ෂණය කල හැක.

    sf61png.jpg
    sf62png.jpg


    විනිවිද පෙනෙන සලකුණු මගින්
    නෝට්ටුව ආලෝකයට යොමු කර බැලීමේදී වටිනාකම සදහන් කර ඇති ඉලක්කම්(සමනල රුඋපය අසල)
    නෝට්ටුවේ පිටුපස ඇති ඉලක්කම් වලට සමපාත වන ලෙස යොදා ඇත.
    දෙපැත්තේ ඉලක්කම් අර්ධය බැගින් වර්ණ ගැන්ව ඇති අතර ආලෝකයට ඇල්ලීමෙන් වර්ණ එකිනෙකට සම්පත වී සම්පුර්ණ
    ඉලක්කම් ලෙස පෙනේ.

    sf51png.jpg
    sf52png.jpg
    ====>
    sf53png.jpg


    ක්ෂුද්‍ර අක්ෂර මගින්
    විශාල කාචයක් උපයෝගී කර ගනිමින් කියවිය හැක.
    නව නෝට්ටු වල "ශ්‍රී ලංකා මහා බැංකුව" පාඨයට ඉහලින් "CENTRAL BANK OF SRI LANKA" නමැති පාඨය ක්ෂුද්‍ර අක්ෂර වලින් මුද්‍රණය කර ඇත.
    තවද සමනල රුව අසල ක්ෂුද්‍ර අක්ෂර වලින් CBSL ලෙස යොදා ඇත.

    sf72png.jpg


    දෘශ්‍යබධිත පුද්ගලයන් වෙනුවෙන් යොදා ඇති සලකුණ

    නෝට්ටු වල වම පස සිරස් අතට රළු ලෙස මුද්‍රිත තිත් නෝට්ටුවේ වටිනාකම වැඩි වී යන ආකාරයෙන් මුද්‍රනය් කර ඇත.

    sf81png.jpg
    sf82png.jpg
    sf83spng.jpg


    ඉන්ටග්ලියෝ මුද්‍රණ (උස වූ මුද්‍රිත කොටස් )මගින්

    නෝට්ටුව ඇඟිලි තුඩ මගින් ස්පර්ශ කිරීමෙන් මෙම උස වූ මුද්‍රිත කොටස්
    හදුනා ගත හැකි අතර ඒවා රළු බැවින් යුක්ත වේ.
    තවද සෑම නොට්ටුවකම මුහුණත වම සහ දකුණු තීරු වල මද කොටසේ උස වූ මුද්‍රිත රළු
    ස්පර්ශයෙන් යුත් ඉරි සලකුණු 2 ක් යොදා ඇත

    මෙම
    ලිපිය මගින් ඔබට නව මුදල් නෝට්ටු සම්බන්ධව හා අව්‍යාජ මුදල් හදුනා ගන්නේ කෙසේ දැයි
    සුළු හෝ අවබෝධයක් ලැබුන යයි සිතමි. :)

    විස්තර ලබා ගත්තේ පත්තරේකින් :D
    පින්තුර ගත්තේ මෙතනින් click :D

     
    Last edited:

    uditha.x86

    Member
    Aug 13, 2009
    51
    5
    0
    good post :)
    but "අව්‍යාජ මුදල් නිෂ්පාදනය කිරීමට යොදාගන්නේ සාමාන්‍ය කඩදාසි බැවින් ස්පර්ශ කිරීමෙන් වුවද අව්‍යාජ මුදල් හදුනා ගත හැක."
    methana "අව්‍යාජ", "ව්‍යාජ" wenna one :)
     
    • Like
    Reactions: Leo_D