හොර_ගෑණි_සහ_හොර_මිනිහා

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
හොර_ගෑණි_සහ_හොර_මිනිහා

හොර ගෑණී උඩින් යතේ - හොර මිනිහා බිමින් යතේ
හොර ගෑණී උඩින් යතේ - හොර මිනිහා බිමින් යතේ

හොර ගෑණියි හොර මිනිහයි දෙන්නා - එක කන්තෝරුවෙ වැඩ කෙරුවේ
කිරියි පැණියි වාගෙයි මේ දෙන්නා - කන්තෝරුවෙ නිල තල දැරුවේ

හොර ගෑණී හොර මොළයෙන් කපටී - අනාගතය ගැනමයි බැලුවේ
හොර මිනිහා හොර ගෑණිට රැවටී - එදා සැපත ගැනමයි බැලුවේ

හොර මිනිහාගේ පන්දම් එළියෙන් - හොර ගෑණී තව ඉහළ ගියා
හොර ගෑණිට කත් ඇද ඇද ඉඳලා - හොර මිනිහා තව පහළ ගියා

ගෑණුන් ගැන නොව තමන්ගෙ වැඩ ගැන - සිතීම යහපත් නොවෙද කියා
රැකියා විරහිත හොර මිනිහා අද - හූල්ලමින් ඇත දෙනෙත අයා

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
අතිශය පෞද්ගලික අත්දැකීමක් ඇසුරින් රචනා කලේ මේසන් බාස් මහතා විසිනි. :D

මේසන් බාස්ලා කන්තෝරුවෙ වැඩ කරනවද යකෝ? :angry:
 
MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
මේසන් බාස්ලා කන්තෝරුවෙ වැඩ කරනවද යකෝ? :angry:
හොර ගෑනි තව ඉහලට යන්නේ - හොර මිනිහගේ ජොබටත් කෙල වෙන්නෙ
හොර ගෑනි තව එකෙක් ගෙ වන්නේ - හොර මිනිහා මේසන් බාස් වෙන්නෙ

:P
 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේසන් බාස්ලා කන්තෝරුවෙ වැඩ කරනවද යකෝ? :angry:
    මේසයක් උඩ වැඩකටයුතු කරන නිසා 'මේසන්' යන පදයද, වැඩ කිරීමට වඩා කතා කිරීමට දක්ෂ නිසා, එනම් බස හැසිරවීමට දක්ෂ නිසා 'බාස්' යන පදයද යෙදේ. ඒ අනුව කන්තෝරු වල මේසයක් උඩ කිසිම වැඩක් නොකර ඕපාදුප කතා කරමින් සිටින මහතුන්ට 'මේසන් බාස්' යන යෙදුම ඉතා හොඳින් ගැලපේ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොර ගෑනි තව ඉහලට යන්නේ - හොර මිනිහගේ ජොබටත් කෙල වෙන්නෙ
    හොර ගෑනි තව එකෙක් වන්නේ - හොර මිනිහා මේසන් බාස් වෙන්නෙ

    :P

    :rofl::rofl: රස්සාවට කෙලඋනාට පස්සේ තමා මේසන් බාස් වෙල තියෙන්නෙ :yes:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මේසන් බාස්ලා කන්තෝරුවෙ වැඩ කරනවද යකෝ? :angry:

    මේසයක් උඩ වැඩකටයුතු කරන නිසා 'මේසන්' යන පදයද, වැඩ කිරීමට වඩා කතා කිරීමට දක්ෂ නිසා, එනම් බස හැසිරවීමට දක්ෂ නිසා 'බාස්' යන පදයද යෙදේ. ඒ අනුව කන්තෝරු වල මේසයක් උඩ කිසිම වැඩක් නොකර ඕපාදුප කතා කරමින් සිටින මහතුන්ට 'මේසන් බාස්' යන යෙදුම ඉතා හොඳින් ගැලපේ :P

    Creative comment :)
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මේසන් බාස්ලා කන්තෝරුවෙ වැඩ කරනවද යකෝ? :angry:

    මොකෝ නැත්තේ... අපේ කලින් කන්තෝරුවේ මේසන් බාස්ලා දෙන්නෙක් වැඩ කලා සති දෙකක් විතර අලුත්වැඩියා කටයුතු වලට...:eek: