මේ සිදුවීම සිදුවන්නේ ලංකාවේ ඇල්ලක් ආශ්‍රිතවය . නමුත් මෙය එතරම් ප්‍රසිද්ධ ස්ථානයක් නොවේ. ප්‍රධාන මාර්ගයකින් හැරී මීටර්දෙසියක් පමණ ගොස්, තවත් අතුරැ මාවතකින් හැරී කුඩා කැලෑබද අඩි පාරකින් එම ස්ථානයට ලඟා විය යුතුය. එමෙන්ම එය වනලැහැබකින්ද වටවු පෙදෙසකි. ග්‍රාමීය සුන්දරත්වය මෙන්ම නොපෙනෙන අදෘශ්‍යමාන ක්‍රියාකාරකම් වලින්ද බහුල පෙදෙසක් ලෙසඑය ගම්වාසීන් අතර ප්රකටය. ඔවුන්ගේ මතය අනුව හවස හයෙන් පසු එහි දිය නෑම හෝ ගැවසීම එතරම් යෝග්‍ය නොවේ. මන්දගම්වාසීන් බහුතරක් ඒ අවට බොහෝ අද්භුත සිදුවීම් වලට මුහුණ දීමට සිදුව ඇති නිසායි.
මෙම සිදුවීමට මුහුණ දෙන්නේද එම ග්රාමයේම වෙසෙනා තරැණයන් දෙපලකි. දිනක් ඔවුන් සිය යතුරැ පැදියෙන් දිය නෑමට සවසහයට පමණ ඇල්ලට ගොස් ඇත. යතුරැ පැදිය මාර්ගයේ නවතා කුඩා අඩි පාර ඔස්සේ ඉදිරියට යන විට එක්වරම ඔවුන්ටඇසෙන්නේ කිසියම් පුද්ගලයෙක් උගුර පාදනා හඬකි. ඔවුන්ද එක්වරම ගැස්සී වට පිට බලන්නේ එම හඬ ඔවුන් අසලින්ම ඇහෙනානිසාය. එහෙත් හතර වටෙන් වටවු ඝන කැලෑව සහ ඇල්ලෙන් ගලාහැලෙන ජල පහරේ ශඛ්දය හැරෙන්නට පේන තෙක් මානයකබලු බල්ලෙක්වත් නොමැත. හිත තරමක් ගැස්සී ගියත් එය එතරම් ගණන් නොගෙන ඔවුන් ඇල්ල පේන මානයටම ලඟාවේ. ඔවුන්දිය නෑමට පටන් ගන්නා විටත් හතර අතෙන් ඇඳිරිය වැටීමට පටන් ගෙන තිබුණි. එහෙත් ඔවුන්ට මෙම පෙදෙස එතරම් නුහුරැපෙදෙසක් නොවන නිසා ඔවුන් කිසිදු චකිතයකින් තොරව ආගිය තොරතුරැ කතා බහ කරමින් දිය ස්නානයේ නිරත වෙයි. එක්වරමනැවත ඔවුන්ට ඇසෙන්නේ දරැවකුගේ සිනහා හඬකි. නැවතත් ඔවුන්ගේ සිතට බියක් ඇතුළු වන්නේ වටපිටාවේ කිසිවෙකු නොමැතිනිසාත්, මෙම ස්ථානය පිලිබඳ ගම්වාසීන් අතර තිබු බියජනක කටකතා ඔවුන් අසා තිබු නිසාත්ය.
හනි හනිකට ගොඩට පැමිණෙන ඔවුන් ඇඳුම් පැලඳගෙන නිවස කරා යෑමට සුදානම් වෙයි. එක්වරම ඔවුන්ට ඇසෙන්නේ ජලයටයම් බර දෙයක් වැටෙනා හඬකි. පිටුපස හැරී බලන ඔවුන් දකින්නේ ඇස් අදහා ගත නොහැකි දසුනකි. ඇල්ලේ ගලක් මත කුඩාදරැවෙකු සිටගෙන සිටී. නමුත් පුදුමය එය නොවේ. එම දරැවාගේ බියජනක පෙනුමයි. සිරැරේ සම තැනින් තැන පැලී ඒවායින්රැධිරය වැක්කෙරෙයි. මුළු මුහුණේම මස් වැදලි තැනින් තැන එල්ලී වැටෙන අතර කුණු වී ගිය දෑස් වලින් පණුවන් එලියටපැමිණෙන අතර එම දරැවා එම පණුවන් සිය දෑතින් මුඛයට දමා ගනිමින් චර චර ගාමින් හපයි. ඉන්පසු මහ හයියෙන් වියරැසිනහා හඬක් නංවමින් වතුරට පැන නොපෙනී ගොස් ඇත. මෙම අනපේක්ෂිත සිදුවීමෙන් මහත් බියට පත්වු තරැණයන් දෙදෙනාමර හඬ නංවමින් පිස්සුවෙන් මෙන් අඩි පාර දිගේ යතුරැ පැදිය දෙසට දුවගෙන ගොස් ඇත. එසේ දුවගෙන යන අතර ඔවුන්ටඇසෙන්නේ තමා පසුපසින් දිවඑන තවත් යමෙකුගේ අඩි හඬකි. පසුපස බලන ඔවුන් දකින්නේ තවත් පුද්ගලයෙක් තමන් පසුපසදිවඑන අන්දමයි. පුදුමන එය නොවේ. ටික දුරක් දිවඑන එම පුද්ගලයා එක්වරම බිම දණ ගසා තම දෑත පොලවට තබාගෙනසුනඛයෙකු මෙන් මහත් වේගයෙන් පඳුරැ අතරින් රිංගා නොපෙනී ගොස් ඇත. බිය දෙගුණ තෙගුණ වන තරැණයන් යතුරැ පැදියටගොඩවී මහත් වේගයෙන් ගම්මානය දෙසට පදවාගෙන යයි.
නිවෙසට පැමිණියද ඔවුන්ගේ බිය පහව නොයන අතර ඔවුන්ගේ තත්වය යම් තාක් දුරට සමනය වන්නේ ගම්වාසීන් විසින් ඔවුන්පන්සලට රැගෙන ගොස් තෙල් මතුරා හාමුදුරැවන් විසින් පිරිත් නුල් බැඳීමෙන් පසුවයි. අදටත් ඔවුන් එම සිදුවීම මතක් කරන්නේමහත් බියකිනි. ඉන්පසු කිසිදාක ඇඳිරි වැටීමෙන් පසු ගමන් බිමන් නොයන බව ඔවුන් පවසයි.
ඔය සිද්ධිය සිදුවීමට අවුරැද්දකට පමණ පෙර කුඩා දරැවෙකු සහ එම දරැවාගේ පියා කිසියම් පිරිසක් විසින් කපා කොටා ඝාතනයකර ඔවුන්ගේ සිරැරැ ඇල්ල ලඟ රක්ෂිතයට ගෙනවිත් දමා ඇත. හැම දෙයක්ම ආරම්භ වන්නේ ඉන් අනතුරැවයි. කිසිදාකසැනසීමක් නොලද ඔවුන්ගේ ආත්ම අදටත් ඒ අවට සැරිසරන බව ගම්වාසීන්ගේ මතයයි.
මෙම කතාව කියවන ඔබත් මෙවැනි ස්ථාන වලට විනෝද වීමට යනවා ඇති. එහෙත් අප නොදන්නා එවැනි තැන්වල රහස්බොහෝමයක් සැඟවී තිබෙන්නට පුළුවන්. එම නිසා තමාගේ පරිස්සම තමා විසින්ම සලසා ගැනීම වැදගත්. මන්ද යම් දෙයක්සිදුවීමට පෙර වලක්වා ගැනීම අප කාගේත් සෞඛ්‍යයට හිතකර බැවිනි.
(උපුටා ගැනීමකි.)