හොල්මං කතාවක් 😳

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    බයක් නම් තියෙනවා, ඒක සාමන්‍යයි ඕනෙ එකෙක්ට.. ඒත් හොල්මන් ඉන්නවනම්, උන් මොකටද මිනිස්සුන්ව බය කරන්නෙ? අනික, හොල්මන් කරපු දේකින් කවුරුහරි මැරුනා කියල අහල නෑනෙ.. ඒ හින්ද, හොල්මන් කතා කියන්නෙ මිනිස්සු රවට්ටල ආතල් ගන්න බේගල්කාරයො, නැත්නම් මානසික අවුල් තියෙන වුන් ගොතපු ඒවා.. බැන්න නෙමෙ..
    හරි හරි ඉතින්.. කොහොම හරි උඹ භයයිනේ :lol:

    මොන හොල්මන්ද බන් ? :lol:
    ඔය හරියේ රෑට වෙන මොකක් හරි ගේමක් යනවා ඇති.
    හොල්මන් කියලා දෙයක් නෑ ඔය අපේ උන් හිතන් ඉන්න විදිහේ. :dull:
    උඹත් භයයිනේ ඔය කිව්වට :lol:
     
    • Like
    Reactions: JohnSnow

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,232
    166,417
    113
    එකමත් එක රටක
    උඹත් භයයිනේ ඔය කිව්වට :lol:

    පොඩි කාලේ බයයි. ඒවා ගැන හිතලම කාලයත් වෙද්දී බය නැති උනා. දැන් නම් සද්දයක් ආවත් මම හොයලා බලනවා ලගටම ගිහිල්ල මිසක් බයක් නම් නෑ . උබ දැන් හිතන් ඉන්නේ ඔය මැරිලා වළලන උන් ආයිත් රෙදි , නුල් දාලා මහපු ඇදුම් ඇදන් අපිව බය කරන්න හැංගිලා අගට පනිනවා කියලද ?? :lol:
    බය වෙනවනම් ඔය වගේ සුපිරි සීන් එකක් වෙලා තියනවා. බය උනේ නම් නෑ .
     
    • Haha

    මම නම් පිළිගන්නෙත් නෑ. ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ බන්. ඔය හොල්මන් ඉන්නවා කියන තැන්වල මම නොදන්න කමට ඉදලා තියෙනවා. හැබැයි දැකලා නෑ. :lol:
    මොකද්ද උඹට වුණේ?
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    හරි හරි ඉතින්.. කොහොම හරි උඹ භයයිනේ :lol:

    උඹත් භයයිනේ ඔය කිව්වට :lol:

    මිනිස්සු තමන් දන්නෙ නැති / තමන්ට තේරෙන්නෙ නැති දේවල් වලට බයයි.. කනත්තක් මැද්දෙ රෑ තනියම ඉන්න කිව්වොත් භෞතික විද්‍යාඥයෙක්ට උනත් පොඩි තිගැස්මක් එනවනෙ..

    බය වෙනවනම් ඔය වගේ සුපිරි සීන් එකක් වෙලා තියනවා. බය උනේ නම් නෑ .

    කියහන් බලන්න ;)
     
    • Like
    Reactions: PHBhagya

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මිනිස්සු තමන් දන්නෙ නැති / තමන්ට තේරෙන්නෙ නැති දේවල් වලට බයයි.. කනත්තක් මැද්දෙ රෑ තනියම ඉන්න කිව්වොත් භෞතික විද්‍යාඥයෙක්ට උනත් පොඩි තිගැස්මක් එනවනෙ..
    ඒ භෞතික විද්‍යාඥයාගේ හිතේ අබ ඇටයක් තරමේ හෝ විශ්වාසයක් ඇති හොල්මන් ගැන. ඒකනේ ඉතින් බය.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,608
    8,343
    113
    ̲𝐒̲𝐭̲𝐚̲𝐲̲ ̲𝐇̲𝐨̲𝐦̲𝐞̲!̲ ̲𝐒̲𝐭̲𝐚̲𝐲̲ ̲𝐒̲𝐚̲𝐟̲𝐞

    ඔහොම හොල්මනක් අපි රට ඉද්දි හිටපු එපාර්ට් එකෙත් තිබුනා. ඩ්‍රයුවර් මාමා කාරයා සහ තවත් ඔහුගේ යාලු මිත්‍රයෝ තමයි දැකල තියෙන්නෙ. උබ කියන්නේ බාතෲම් වල නාන්නේ දෙන්න දෙන්න අන්තිමේ ලයිට් දාගෙන නිදා ගත්තා. පස්සේ තමයි කට්ටියට කරුනු කාරනා වැටහුනේ කැරි ඩ්‍රයිවරයා රෑ 11-12 එකා පැත්තේ යාර්ඩ් එකක් තිබුනා එකේ බඩු උස්සනවා මූ ඒක කරගන්න ලේසියට මේ බොරුව ප්‍රචාරය කලා. අන්තිමේ මූ ලන්කාවට යන දවසේ ලොකු කන්ටේනරයක් දැම්මා උස්සපු බඩු. ඒවගේ තමා ඔය බොර්ඩ් එක ගහපු එකා තමා ඔය වටේට වල්ල පට්ට කපනව ඇත්තේ එක්කෝ කස්පිපු නැත්නම් අනිවා නිදන්. :lol::lol::lol:
     
    Last edited:

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    ඒ භෞතික විද්‍යාඥයාගේ හිතේ අබ ඇටයක් තරමේ හෝ විශ්වාසයක් ඇති හොල්මන් ගැන. ඒකනේ ඉතින් බය.
    'විශ්වාසය' නෙවෙයි 'අවිශ්වාසය'
    "හොල්මන් කියල දෙයක් නෑ" කියන මතය ගැන තියෙන අවිශ්වාසය..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    භූත කොටුවේ දාල ත්‍රෙඩ් එක නග්ගලා ගනින්

    ඉස්සර කාලෙකට කලින් මම බ්ලොග් එකක් ලිවුවා 2009 වගේ, සැහෙන දුරට ප්‍රසිද්ද වෙලා තිබ්බා මොකද ඒ කාලෙ සිංහලෙන් ලියන අය ගොඩක් අඩුවෙන් හිටපු නිසා. දැං ඒ බ්ලොග් එකත් නැහැ.
    මං ඒකෙ බූත කතාවක් ලිවුවා, ඒක ටිකක් ප්‍රසිද්ද උනා, ඒක තැන තැන ශෙයා වෙනවා හිටපු ගමන් අද කාලෙත් ඒක ශෙයා වෙනවා දකිනවා සමහරු පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරලත් ශෙයා කරනවා දැකල තියනවා.
    බූත කොටුවෙත් කවුරු හරි ශෙයා කරලා තිබ්බෙ, මතක විදියට දාල තිබුනෙ ඇත්තම සීන් එකක් ඒක උගේ යාලුවෙක්ට උනු එකක් කියලා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,929
    113
    34
    Kalutara

    ඉතින් උඹ ලිව්වේ ඇත්තම සීන් එකක්ද? නැත්තන් හිතල ලියපු එකක් දැන් ඇත්ත එකක් වගේ ෂෙයාර් වෙනවද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඉතින් උඹ ලිව්වේ ඇත්තම සීන් එකක්ද? නැත්තන් හිතල ලියපු එකක් දැන් ඇත්ත එකක් වගේ ෂෙයාර් වෙනවද?
    ඇත්තටම ඒ කාලෙ මම කොල්ලො සෙට් එකක් එක්ක නතර වෙලා හිටියා, ඒ අපිත් එක්ක නතර වෙලා හිටිය ඩයල් එකක් හිටියා හෙන කතා කියන, බාගෙට බාගයක් කියන්නෙ අමූලික බොරු, ඌත් ලූ බාසාවෙන් අපිට බූත කතාවක් කිවුවා, ඒක තව ටිකක් වෙනස් කරලා එහෙන් මෙහෙන් අතින් දාල මම ලිවුවෙ.

    සමහරු ඒකෙ තිබුනු පලාත් රටවල් සමහර එවුන් ගැන මම දාල තියන විස්තර වෙනස් කරලා දාල ලියලා තියනවා, සමහර විට ඒ වෙනස් කරපු එකාගෙ ෆීල්ඩ් එක දාල ලියනවා ඇති ඇත්ත කියලා පේන්නන්න
    ගොඩක් තැන් වල උඩින්ම දාල තියනව සත්‍ය කතාවකි කියලා.
    දැනුත් ඉඳල හිටල ශෙයා වෙනවා, එක කාලයක් තිබුනා පට්ටම විදියට ශෙයා වුනු, ශෙයා කියන්නෙ කොපි කරලා ඒ කවුරු හරි ලියපු එකක් විදියට දානවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,929
    113
    34
    Kalutara
    ඇත්තටම ඒ කාලෙ මම කොල්ලො සෙට් එකක් එක්ක නතර වෙලා හිටියා, ඒ අපිත් එක්ක නතර වෙලා හිටිය ඩයල් එකක් හිටියා හෙන කතා කියන, බාගෙට බාගයක් කියන්නෙ අමූලික බොරු, ඌත් ලූ බාසාවෙන් අපිට බූත කතාවක් කිවුවා, ඒක තව ටිකක් වෙනස් කරලා එහෙන් මෙහෙන් අතින් දාල මම ලිවුවෙ.

    සමහරු ඒකෙ තිබුනු පලාත් රටවල් සමහර එවුන් ගැන මම දාල තියන විස්තර වෙනස් කරලා දාල ලියලා තියනවා, සමහර විට ඒ වෙනස් කරපු එකාගෙ ෆීල්ඩ් එක දාල ලියනවා ඇති ඇත්ත කියලා පේන්නන්න
    ගොඩක් තැන් වල උඩින්ම දාල තියනව සත්‍ය කතාවකි කියලා.
    දැනුත් ඉඳල හිටල ශෙයා වෙනවා, එක කාලයක් තිබුනා පට්ටම විදියට ශෙයා වුනු, ශෙයා කියන්නෙ කොපි කරලා ඒ කවුරු හරි ලියපු එකක් විදියට දානවා.
    ඒ වගේ එකක් වෙන්ටෑ මේ ත්‍රෙඩ් එකේ කතාවත්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඒ වගේ එකක් වෙන්ටෑ මේ ත්‍රෙඩ් එකේ කතාවත්.
    සමහරවිට වෙන්නත් පුලුවන්
    ගොඩක් වෙලාවට ඔරිජිනල් එකා කෙලින්ම ආතල් එකට කියවන එවුන් වෙනුවෙන් ලියපු එකක් පස්සෙ group වල page වල අමූලික ඇත්ත කියලා ශෙයා කරපු එකක් වෙන්න ඇති.
     
    • Haha
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,232
    166,417
    113
    එකමත් එක රටක
    කියහන් බලන්න ;)

    මේ ඉතින් අර භූත කොටුවේ දාන්න ඒවා නෙවෙයි.. දාන්න තිබ්බ බය උනානම්.
    මම uni යන්න බෝඩිමක නවතින්න ගිය වෙලේ උන දෙයක්. අනිත් උන් සෙට් එක ඒ වෙන කොටත් වෙන බෝඩිමක නැවතිලා හිටියේ. පලවෙනි දවස් දෙක තුනේ මම ගෙදර ඉදන්මයි ගියේ.පස්සේ අපි ගෙයක් බැලුවා . පලවෙනි දවසේ මම විතරයි හිටියේ. අනිත් උන් උන්ගේ බෝඩිමේ..බෝඩිමේ අංකල් කාරයා ඉතින් මුල්ම දවසේ පරණ හිටපු අය ගැනත් විස්තර කියවනවා එකදිගට. මිනිහාගේ ගෙදර එතන නෙවෙයි. බෝඩිම උන්ගේ මහා ගෙදර. ගේ දිගයි.. කාමර4යි, කුස්සියයි(කුස්සිය පාවිච්චියක් නෑ හිටපු උනුත්.),බත්රුම් එකයි ඇතුලේ.. කාමරයක් එකක් වහලා. එකේ ඉස්සර ඉදල තියෙන්නේ අංකල්ගේ අම්ම. ඒ අම්ම ඉස්සරම හිටපු අයත් එක්කත් හෙන ෆිට් එකේ ඉදල ඉතින් මට අංකලයා රස කර කර කියනවා, බිත්තියේ තිබ්බ පොටෝ එකත් පෙන්න පෙන්න. අම්ම මැරිලා අවු ගානකට කලින්.. ඉතින් දැන් මේ ගෙදර වෙන කවුරුත් නෑ, බෝඩින් ලමයි ආවම සෙට් එකකට දෙනවලු... අංකලයා ගියා. රෑ 7.30ට විතර මමත් කන්න යන්න ලෑස්ති උනා. ඉස්සරහ දොර ඇතුලෙන් ලොක් කරලා කුස්සිය පැත්තෙන් යන්න ගියා(ඉස්සරහ දොරේ යතුර නැති සීන් එකක් තියෙන්න ඇති .මතක නෑ ..). පට්ට කළුවරයි ලයිට් තිබ්බේ නෑ පිටිපස්සට . කලුවරේම කුස්සිය පැත්තේ දොරත් අරගෙන යන්න හදන කොට පට්ට කළුවරේ මෙන්න යකෝ ගිනි ගොඩක් මගේ උසටත් වැඩිය. කුස්සිය තියෙන්නේ වත්ත එහා කෙලවරට වගේ වෙන්න. ගිනි ගොඩ පාස් කරල අනිත් පැත්තට හැරිලා ගේට්ටුව පැත්තට එන්න ගියාම කවුද"හ....... හ ........" ගානවා. මම බලුවම වයසක ගෑනු කෙනක් ගිනි ගොඩ එහා ඇත්තේ ඉදන් ඔලුව වන වන හිනා වෙනවා ඉරිච්ච වගේ ගවුමකුත් ඇදගෙන. දැකල පුරුදුයි. කතා නෑ, සද්දේ නෑ , කට අරගෙන හිනා වෙන්වා මාත් එක්ක. කළුවරේ ගිනිගොඩත් එක්ක නිකන් හොල්මන්ම තමයි හිනා වෙන විදිය... මම ටිකක් බලන් ඉදල ගියා කන්න. යන ගමන් මතක් උනේ ඒ හිටියේ අංකලයාගේ අම්මම තමයි. කාල ආයිත් ආව. ගිනි ගොඩ නිවිලා,කවුරුත් නෑ . මම ඉතින් ඇතුලට ගියා. පින්තුරේ හිටපු කෙනාම තමයි.මගේ ඇද තිබ්බේ ජනේලේ ගාව. රෑ 11 පහු වෙලා නේ ඉතින් නිදාගන්නේ , මම දක්කා අර හිටපු ගෑනු කෙනා එකපාරක් වත්තේ ඈත ඇවිදිනවා . ආයිත් ආවේ නෑ . පහු වෙනිදා උදේ අංකලයා ආවා. ඇවිත් නිකන් කතා කර කර ඉද්දි අර ගෑනු කෙනා මෙන්න මිදුල අතුගානවා. බලද්දී ඒ අංකල්ගේ අක්ක කෙනක්.අංකලයට කලින් දවසේ කියන්න අමතක වෙලා. මානසික රෝගී කෙනක්. වත්තේ කෙලවරේ පොඩි කාමරයක් හදල එකේ ඉන්නේ. වත්ත අතුගාගෙන ඉන්නවා. කතා කරන්න බෑ , අර ගොළු අය කතා කරන්න ට්‍රයි කරන විදියට තමයි කතාව. :baffled: මානසික රෝගී කෙනකේ හිනා වෙනවා වගේ තමයි හැම තිස්සෙම හිනා වෙනවා සද්දෙට නෙවෙයි. සද්දේ එන්නේ නෑ එහෙම. පවු ඉතින්. හැබැයි අර ගිනිගොඩ ලගදි මෙලෝ දෙයක් නොදැන බය වෙලා දුවන්න තිබ්බ බය වෙනවානම්. ඒ හිටපු විදියයි ඒ වෙලේ එතන විදියයි හොල්මන් කතාවකට සුපිරි . :lol:
    හොල්මන් නම් විශ්වාස කරන්නේ නෑ එකෙක් දකිනකන්. හැබැයි දවසක් ඔය කිව්වා අන්කලයාගේ වඩු මඩුවේ එකෙක් මොකටද බය වෙලා යකා ආවේස වෙලා වගේ දගලන කොට මමයි තව එකෙකුයි අල්ලන් හිටියා පන්සලකින් පිරිත් පැන් ගේනකන්. ඒ යකාට පට්ට හයියක් තිබ්බේ ඒ වෙලේ .... එහෙම දෙයක් නම් වෙලා නෑ ඊට කලින්. :baffled: ඌව පිරිත් පැන් දානවා කියලා දැම්මම දැගලිල්ල අඩු වෙලා වැටුනා. පන්සල අරන් ගියා කට්ටිය පස්සේ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඔය "හොල්මන" විස්තර කරන්න පාවිච්චි කරළ තියෙන දේවල් "බියජනක පෙනුමයි. සිරැරේ සම තැනින් තැන පැලී ඒවායින්රැධිරය වැක්කෙරෙයි. මුළු මුහුණේම මස් වැදලි තැනින් තැන එල්ලී වැටෙන..." නම් හාස්‍යජනකයි...විතරක් නෙමේ අමු බේගල්. Paranormal experience ගැන මිනිස්සු තමන්ගෙ කතා කියද්දි ඒ කතාවෙ ත්‍රාසය වැඩි කරන්න පසුව එකතු වෙන දේවල් මේ.

    බය වෙන්න බලපාන ට්‍රිගර් එක (ඇත්ත හොල්මනක් හෝ නැතා හෝ) බොහෝ විට සාමාන්‍ය ගුප්ත මානවරූපී දෙයක්. ඕක පස්සෙ අසූ ගණන් වල හොරර් ෆිල්ම් එකක් ගාණට ඇරන් එනව කතාව පතුරන අනික් උන්.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    පොඩි කාලේ බයයි. ඒවා ගැන හිතලම කාලයත් වෙද්දී බය නැති උනා. දැන් නම් සද්දයක් ආවත් මම හොයලා බලනවා ලගටම ගිහිල්ල මිසක් බයක් නම් නෑ . උබ දැන් හිතන් ඉන්නේ ඔය මැරිලා වළලන උන් ආයිත් රෙදි , නුල් දාලා මහපු ඇදුම් ඇදන් අපිව බය කරන්න හැංගිලා අගට පනිනවා කියලද ?? :lol:
    බය වෙනවනම් ඔය වගේ සුපිරි සීන් එකක් වෙලා තියනවා. බය උනේ නම් නෑ .
    උඹ වගේ උන් තමයි අර horror films වල මොකක් හරි සද්දයක් ඇහුනම අනිත් උන් එක්ක ශේප් එකේ මාරු වෙන්නෙ නැතුව, ඇහුන සද්දේ මොකක්ද කියල හොයල බලන්න අනිත් උන් වත් එක්කගෙන ගිහින් කට්ටියටම බඩු බනිස් කරන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,232
    166,417
    113
    එකමත් එක රටක
    එහෙනම් කොහොමද උන් මැරෙන්ඩ කලින් හිටපු එකාගෙ රූපෙන්ම එන්නෙ?
    ඇයි යකෝ ඇදුම් ? ඔය ඇදුම් මහන්න කොච්චර ගේමක් දෙන්න ඕනද මිමි අරගෙන රෙදි, නුල් බොත්තම් දාල. මුන් ඒවත් transparent කරගෙන නේ එන්නේ මහගෙන ඇදලා. :baffled: