කියහන් බලන්න
මේ ඉතින් අර භූත කොටුවේ දාන්න ඒවා නෙවෙයි.. දාන්න තිබ්බ බය උනානම්.
මම uni යන්න බෝඩිමක නවතින්න ගිය වෙලේ උන දෙයක්. අනිත් උන් සෙට් එක ඒ වෙන කොටත් වෙන බෝඩිමක නැවතිලා හිටියේ. පලවෙනි දවස් දෙක තුනේ මම ගෙදර ඉදන්මයි ගියේ.පස්සේ අපි ගෙයක් බැලුවා . පලවෙනි දවසේ මම විතරයි හිටියේ. අනිත් උන් උන්ගේ බෝඩිමේ..බෝඩිමේ අංකල් කාරයා ඉතින් මුල්ම දවසේ පරණ හිටපු අය ගැනත් විස්තර කියවනවා එකදිගට. මිනිහාගේ ගෙදර එතන නෙවෙයි. බෝඩිම උන්ගේ මහා ගෙදර. ගේ දිගයි.. කාමර4යි, කුස්සියයි(කුස්සිය පාවිච්චියක් නෑ හිටපු උනුත්.),බත්රුම් එකයි ඇතුලේ.. කාමරයක් එකක් වහලා. එකේ ඉස්සර ඉදල තියෙන්නේ අංකල්ගේ අම්ම. ඒ අම්ම ඉස්සරම හිටපු අයත් එක්කත් හෙන ෆිට් එකේ ඉදල ඉතින් මට අංකලයා රස කර කර කියනවා, බිත්තියේ තිබ්බ පොටෝ එකත් පෙන්න පෙන්න. අම්ම මැරිලා අවු ගානකට කලින්.. ඉතින් දැන් මේ ගෙදර වෙන කවුරුත් නෑ, බෝඩින් ලමයි ආවම සෙට් එකකට දෙනවලු... අංකලයා ගියා. රෑ 7.30ට විතර මමත් කන්න යන්න ලෑස්ති උනා. ඉස්සරහ දොර ඇතුලෙන් ලොක් කරලා කුස්සිය පැත්තෙන් යන්න ගියා(ඉස්සරහ දොරේ යතුර නැති සීන් එකක් තියෙන්න ඇති .මතක නෑ ..). පට්ට කළුවරයි ලයිට් තිබ්බේ නෑ පිටිපස්සට . කලුවරේම කුස්සිය පැත්තේ දොරත් අරගෙන යන්න හදන කොට පට්ට කළුවරේ මෙන්න යකෝ ගිනි ගොඩක් මගේ උසටත් වැඩිය. කුස්සිය තියෙන්නේ වත්ත එහා කෙලවරට වගේ වෙන්න. ගිනි ගොඩ පාස් කරල අනිත් පැත්තට හැරිලා ගේට්ටුව පැත්තට එන්න ගියාම කවුද"හ....... හ ........" ගානවා. මම බලුවම වයසක ගෑනු කෙනක් ගිනි ගොඩ එහා ඇත්තේ ඉදන් ඔලුව වන වන හිනා වෙනවා ඉරිච්ච වගේ ගවුමකුත් ඇදගෙන. දැකල පුරුදුයි. කතා නෑ, සද්දේ නෑ , කට අරගෙන හිනා වෙන්වා මාත් එක්ක. කළුවරේ ගිනිගොඩත් එක්ක නිකන් හොල්මන්ම තමයි හිනා වෙන විදිය... මම ටිකක් බලන් ඉදල ගියා කන්න. යන ගමන් මතක් උනේ ඒ හිටියේ අංකලයාගේ අම්මම තමයි. කාල ආයිත් ආව. ගිනි ගොඩ නිවිලා,කවුරුත් නෑ . මම ඉතින් ඇතුලට ගියා. පින්තුරේ හිටපු කෙනාම තමයි.මගේ ඇද තිබ්බේ ජනේලේ ගාව. රෑ 11 පහු වෙලා නේ ඉතින් නිදාගන්නේ , මම දක්කා අර හිටපු ගෑනු කෙනා එකපාරක් වත්තේ ඈත ඇවිදිනවා . ආයිත් ආවේ නෑ . පහු වෙනිදා උදේ අංකලයා ආවා. ඇවිත් නිකන් කතා කර කර ඉද්දි අර ගෑනු කෙනා මෙන්න මිදුල අතුගානවා. බලද්දී ඒ අංකල්ගේ අක්ක කෙනක්.අංකලයට කලින් දවසේ කියන්න අමතක වෙලා. මානසික රෝගී කෙනක්. වත්තේ කෙලවරේ පොඩි කාමරයක් හදල එකේ ඉන්නේ. වත්ත අතුගාගෙන ඉන්නවා. කතා කරන්න බෑ , අර ගොළු අය කතා කරන්න ට්‍රයි කරන විදියට තමයි කතාව.

මානසික රෝගී කෙනකේ හිනා වෙනවා වගේ තමයි හැම තිස්සෙම හිනා වෙනවා සද්දෙට නෙවෙයි. සද්දේ එන්නේ නෑ එහෙම. පවු ඉතින්. හැබැයි අර ගිනිගොඩ ලගදි මෙලෝ දෙයක් නොදැන බය වෙලා දුවන්න තිබ්බ බය වෙනවානම්. ඒ හිටපු විදියයි ඒ වෙලේ එතන විදියයි හොල්මන් කතාවකට සුපිරි .

හොල්මන් නම් විශ්වාස කරන්නේ නෑ එකෙක් දකිනකන්. හැබැයි දවසක් ඔය කිව්වා අන්කලයාගේ වඩු මඩුවේ එකෙක් මොකටද බය වෙලා යකා ආවේස වෙලා වගේ දගලන කොට මමයි තව එකෙකුයි අල්ලන් හිටියා පන්සලකින් පිරිත් පැන් ගේනකන්. ඒ යකාට පට්ට හයියක් තිබ්බේ ඒ වෙලේ .... එහෙම දෙයක් නම් වෙලා නෑ ඊට කලින්.

ඌව පිරිත් පැන් දානවා කියලා දැම්මම දැගලිල්ල අඩු වෙලා වැටුනා. පන්සල අරන් ගියා කට්ටිය පස්සේ.