ඉස්සර ගොඩක් ගැමි පළාත් වල දැඩි ලෙස විශ්වාස කලත්, කාලය සමග තාක්ෂනය එනකොට ඒ දේවල් වෙනස් වෙලා, මෝඩ මත බවට පත් වෙලා යනවා හොල්මන් වගේ දේවල්....
ඒත් ටීවී එකේ බැලුවත්, ෆිල්ම් එකක් බැලුවත් හොල්මන් කතාවක් කොහෙන් හරි පේනවා අපිට..
එහෙනම් ඒ දේවල් වල බොරුවක් තියෙන්නත් බැහැ....
මේ තියෙන්නේ මම අත්දුටු අත්දැකීමක්...
..........................................................................................
මේ සිද්දිය වෙද්දී මම හිටියේ කොළඹ...
වෘත්තීය පුහුණු එකේ ඉගෙන ගන්න අතරේ...
ඒ කාලේදී තමයි සුනාමිය ආවේ...
ඒ බිහිසුණු මතක සටහන් ටිකෙන් ටික මග ඇරෙද්දි මම සිකුරාදා දවසක් ගෙදර එන්න ආව...
වෙලාව මතක නැහැ..
බස් එකේ එන්න ආවත්, බස් එක මගදී උන අනතුරක් නිසා ගොඩක් පරක්කු උනා...
මම වැලිගම බහිද්දී වෙලාව රෑ 11 විතර උනා...
එන්න ත්‍රිවිල් එකක් වත් තිබුනේ නැහැ...
ගොඩක් පාලු ගතියක් දැනුන....
ඒත් මම ටිකෙන් ටික එන්න ආව....
රෑ වෙලා ගෙදර එන එකට ගෙදරින් කැමති උනේ නැති නිසා ගෙදරට එන බවක් කිවුවේ නැහැ...
හෙමින් හෙමින් පාර දිගේ ඇවිත් බෝධිමළු විහාරේ පහු කරලා සිද්ධාර්ථ ඉස්කෝලේ කිට්ටුවට එද්දී,
මට දැනෙනවා කවුරු හරි පස්සෙන් එනවා...
සුනාමි ආව දවසේ ඉස්කෝලේ පුරාම මිනී තිබුන කියල අම්ම කිවුව...
අපේ මල්ලිලා තමයි මිනී අදින්න උදවු වෙලා තියෙන්නේ...
ඉතිං මම පස්ස හැරිලා බැලුව...
කවුරුවත් නැහැ....
පිටේ තිබුන බෑග් එකෙන් කවුරු හරි අදිනවා දැනෙනවා..
ඒ කිට්ටුව තිබුන ගෙවල් වල ලයිට් තිබුනද කියල මතක නැහැ...
ගොඩක් ගෙවල් කැඩිලා තිබුනේ...
ඉතිං ඒ වෙලාවේ මට දැනෙනවා මඤ්ඤොක්කා පුච්චනකොට එන ගඳ....
ඒ වගේම කුරුඳු දර පිච්චෙන ගඳත් දැනෙන්න ගත්ත...
හිත ටිකක් නෙවි ගොඩක් ගැස්සුනා...
ගෙදරට නොකිය ආව ගමනේ බරපතල කම දැනෙන්න ගත්තා...
ඒත් අඩිය ටිකක් ඉක්මන් කරලා එනවා මම...
වටෙන්ම බල්ලෝ උඩුබුරන සද්දේ ඇහෙන්න ගත්ත...
ඒ මදිවට මගේ ඉස්සරහ පූසෝ දෙන්නෙක් පොරකනවා...
එක පාරට උන් දෙන්නත් දිවුවා...
මම පස්ස හැරිලා බලද්දී තනිකර සුදු පාට සාරියක්ද කියල හිතාගන්න බැරි දෙයක් පාරේ තියෙනවා...
හරියට ගෑනියෙක් වගේ...
මෝහිනී මතක් වෙනවත් එක්කම ඉතිපිසෝ ගාථාව නිකන්ම කියවුනා....
අනේ....
අයියෝඕ...
වගේ සද්දත් ඇහෙන්න ගත්ත...
කකුල් දෙකේ ඉඳල ඔලුවට යනකන් මයිල් කෙලින් වෙද්දී මම දිව්වා....
හරියටම ඉස්කෝලේ පහු වෙනකොටම කරන්ට් එක ගියා...
දැන් මම කරුවලේ....
අතේ කිසිම එළියක් නැහැ...
මිනී පිච්චෙන ගඳකුත් දැනෙන්න ගත්තේ ඒ වෙලාවේ....
හැරිලා බැලුවම පිටිපස්සේ හිටි සුදු ඇඳපු කෙනා නැහැ...
මම හෙමින් හෙමින් වංගුව හැරෙනකොටම ඉස්සරහ ඉන්නවා අඩි 9ක් විතර උස, සුදු සාරියක් ඇඳපු කෙනෙක්....
අත් දෙක සුදු පාටයි...
කකුල් දෙක නම් දැක්කේ නැහැ....
ටිකෙන් ටික එයා මිටි වෙද්දී මම ගල් පිළිමේ වගේ උනා..
මටත් නොදනිම චූ ටික ටික යනවා දැනුන...
මගේ අවසානේ ලඟා වෙනව කියල දැනුන...
අර ගෑනු කෙනාගේ මුහුණ දැක්කේ ඒ වෙලාවේ....
ඇස් දෙක ගොරක ගෙඩි දෙකක් වගේ....
තොල් දෙක රතුම රතු පාටයි...
මගේ දිහා බලල හෙමින් හෙමින් හිනා උනා...
එතකොට කට දෙපැත්තෙන් සුදු පාට දත් දෙකක් දිගට ඇදුන....
ඒත් එක්කම යටිගිරියෙන් හූ කියන සද්දේ ඇහුනා....
කරේ තිබුන බෑග් එක අරගෙන අරකිට ගහල,
මම අග්‍රබෝධි මාවතේ බුදු අම්මෝඕ කියලා කෑ ගහගෙන දිවුව...
ඇස් රතු කළුම කළු බල්ලෝ මගේ පස්සෙන් එන්න පටන් ගත්ත...
ඉතිපිසෝ ගාතාවත් මතක නැහැ...
පන්සලත් වහලා...
මම නැවතුනේ ගෙවල් ළඟ ගෙදරක දොරකඩ...
නිකන් නෙවි ආව වේගෙට දොරේ පිල වැටුන...
එතකොටම ලයිට් ආව....
මට සිහිය එද්දී දවස් 1 1/2 ක් ගිහිං...
නූල් බැඳලා....
ගුරුන්නාන්සේ කිවුවේ ඒ පැත්තේ රැට මෝහිනී ඉන්නවා කියලා...
මම බේරිලා තියෙන්නේ 99න් කියලත් කිවුව...
මම මීටර් 400ක් විතර කොහොම වේගෙන් දිවුවද කියල මට හිතා ගන්න බැහැ...
අදටත් මම වැඩ ඇරිලා ගෙදර එන්න පරක්කු වෙද්දී අම්මල බයෙන් ඉන්නේ....
ඒ වගේම රෑ වෙලා කොහේ ගියත් මාව ගෙවල් ලඟට එනකන් එන කෙනෙක් ඉන්නවා නම් විතරයි යන්නේ...
................................................
ඔයාලටත් වෙච්ච මේ වගේ සීන් තියේනම් දාන්න බලන්න...
තව දේවල් තියෙනවා මගේ යාලුවොන්ට වෙච්ච දේවල්....
ඒවත් ටික ටික දාන්නම්....