හොල්මන් කතා ...

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉස්සර ගොඩක් ගැමි පළාත් වල දැඩි ලෙස විශ්වාස කලත්, කාලය සමග තාක්ෂනය එනකොට ඒ දේවල් වෙනස් වෙලා, මෝඩ මත බවට පත් වෙලා යනවා හොල්මන් වගේ දේවල්....
    ඒත් ටීවී එකේ බැලුවත්, ෆිල්ම් එකක් බැලුවත් හොල්මන් කතාවක් කොහෙන් හරි පේනවා අපිට..
    එහෙනම් ඒ දේවල් වල බොරුවක් තියෙන්නත් බැහැ....
    මේ තියෙන්නේ මම අත්දුටු අත්දැකීමක්...
    ..........................................................................................
    මේ සිද්දිය වෙද්දී මම හිටියේ කොළඹ...
    වෘත්තීය පුහුණු එකේ ඉගෙන ගන්න අතරේ...
    ඒ කාලේදී තමයි සුනාමිය ආවේ...
    ඒ බිහිසුණු මතක සටහන් ටිකෙන් ටික මග ඇරෙද්දි මම සිකුරාදා දවසක් ගෙදර එන්න ආව...
    වෙලාව මතක නැහැ..
    බස් එකේ එන්න ආවත්, බස් එක මගදී උන අනතුරක් නිසා ගොඩක් පරක්කු උනා...
    මම වැලිගම බහිද්දී වෙලාව රෑ 11 විතර උනා...
    එන්න ත්‍රිවිල් එකක් වත් තිබුනේ නැහැ...
    ගොඩක් පාලු ගතියක් දැනුන....
    ඒත් මම ටිකෙන් ටික එන්න ආව....
    රෑ වෙලා ගෙදර එන එකට ගෙදරින් කැමති උනේ නැති නිසා ගෙදරට එන බවක් කිවුවේ නැහැ...
    හෙමින් හෙමින් පාර දිගේ ඇවිත් බෝධිමළු විහාරේ පහු කරලා සිද්ධාර්ථ ඉස්කෝලේ කිට්ටුවට එද්දී,
    මට දැනෙනවා කවුරු හරි පස්සෙන් එනවා...
    සුනාමි ආව දවසේ ඉස්කෝලේ පුරාම මිනී තිබුන කියල අම්ම කිවුව...
    අපේ මල්ලිලා තමයි මිනී අදින්න උදවු වෙලා තියෙන්නේ...
    ඉතිං මම පස්ස හැරිලා බැලුව...
    කවුරුවත් නැහැ....
    පිටේ තිබුන බෑග් එකෙන් කවුරු හරි අදිනවා දැනෙනවා..
    ඒ කිට්ටුව තිබුන ගෙවල් වල ලයිට් තිබුනද කියල මතක නැහැ...
    ගොඩක් ගෙවල් කැඩිලා තිබුනේ...
    ඉතිං ඒ වෙලාවේ මට දැනෙනවා මඤ්ඤොක්කා පුච්චනකොට එන ගඳ....
    ඒ වගේම කුරුඳු දර පිච්චෙන ගඳත් දැනෙන්න ගත්ත...
    හිත ටිකක් නෙවි ගොඩක් ගැස්සුනා...
    ගෙදරට නොකිය ආව ගමනේ බරපතල කම දැනෙන්න ගත්තා...
    ඒත් අඩිය ටිකක් ඉක්මන් කරලා එනවා මම...
    වටෙන්ම බල්ලෝ උඩුබුරන සද්දේ ඇහෙන්න ගත්ත...
    ඒ මදිවට මගේ ඉස්සරහ පූසෝ දෙන්නෙක් පොරකනවා...
    එක පාරට උන් දෙන්නත් දිවුවා...
    මම පස්ස හැරිලා බලද්දී තනිකර සුදු පාට සාරියක්ද කියල හිතාගන්න බැරි දෙයක් පාරේ තියෙනවා...
    හරියට ගෑනියෙක් වගේ...
    මෝහිනී මතක් වෙනවත් එක්කම ඉතිපිසෝ ගාථාව නිකන්ම කියවුනා....
    අනේ....
    අයියෝඕ...
    වගේ සද්දත් ඇහෙන්න ගත්ත...
    කකුල් දෙකේ ඉඳල ඔලුවට යනකන් මයිල් කෙලින් වෙද්දී මම දිව්වා....
    හරියටම ඉස්කෝලේ පහු වෙනකොටම කරන්ට් එක ගියා...
    දැන් මම කරුවලේ....
    අතේ කිසිම එළියක්‌ නැහැ...
    මිනී පිච්චෙන ගඳකුත් දැනෙන්න ගත්තේ ඒ වෙලාවේ....
    හැරිලා බැලුවම පිටිපස්සේ හිටි සුදු ඇඳපු කෙනා නැහැ...
    මම හෙමින් හෙමින් වංගුව හැරෙනකොටම ඉස්සරහ ඉන්නවා අඩි 9ක් විතර උස, සුදු සාරියක් ඇඳපු කෙනෙක්....
    අත් දෙක සුදු පාටයි...
    කකුල් දෙක නම් දැක්කේ නැහැ....
    ටිකෙන් ටික එයා මිටි වෙද්දී මම ගල් පිළිමේ වගේ උනා..
    මටත් නොදනිම චූ ටික ටික යනවා දැනුන...
    මගේ අවසානේ ලඟා වෙනව කියල දැනුන...
    අර ගෑනු කෙනාගේ මුහුණ දැක්කේ ඒ වෙලාවේ....
    ඇස් දෙක ගොරක ගෙඩි දෙකක් වගේ....
    තොල් දෙක රතුම රතු පාටයි...
    මගේ දිහා බලල හෙමින් හෙමින් හිනා උනා...
    එතකොට කට දෙපැත්තෙන් සුදු පාට දත් දෙකක් දිගට ඇදුන....
    ඒත් එක්කම යටිගිරියෙන් හූ කියන සද්දේ ඇහුනා....
    කරේ තිබුන බෑග් එක අරගෙන අරකිට ගහල,
    මම අග්‍රබෝධි මාවතේ බුදු අම්මෝඕ කියලා කෑ ගහගෙන දිවුව...
    ඇස් රතු කළුම කළු බල්ලෝ මගේ පස්සෙන් එන්න පටන් ගත්ත...
    ඉතිපිසෝ ගාතාවත් මතක නැහැ...
    පන්සලත් වහලා...
    මම නැවතුනේ ගෙවල් ළඟ ගෙදරක දොරකඩ...
    නිකන් නෙවි ආව වේගෙට දොරේ පිල වැටුන...
    එතකොටම ලයිට් ආව....
    මට සිහිය එද්දී දවස් 1 1/2 ක් ගිහිං...
    නූල් බැඳලා....
    ගුරුන්නාන්සේ කිවුවේ ඒ පැත්තේ රැට මෝහිනී ඉන්නවා කියලා...
    මම බේරිලා තියෙන්නේ 99න් කියලත් කිවුව...
    මම මීටර් 400ක් විතර කොහොම වේගෙන් දිවුවද කියල මට හිතා ගන්න බැහැ...
    අදටත් මම වැඩ ඇරිලා ගෙදර එන්න පරක්කු වෙද්දී අම්මල බයෙන් ඉන්නේ....
    ඒ වගේම රෑ වෙලා කොහේ ගියත් මාව ගෙවල් ලඟට එනකන් එන කෙනෙක් ඉන්නවා නම් විතරයි යන්නේ...
    ................................................
    ඔයාලටත් වෙච්ච මේ වගේ සීන් තියේනම් දාන්න බලන්න...
    තව දේවල් තියෙනවා මගේ යාලුවොන්ට වෙච්ච දේවල්....
    ඒවත් ටික ටික දාන්නම්....
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    අපේ මහප්ප රෑ වැඩ ඇරිලා එද්දී වුන සිද්දියක් මේක
    එයාලගේ ගෙදරට එන පාරේ තියෙනවා කනත්තක්..ඒ කනත්ත ඉස්සරහින් පාර තියෙන්නේ පල්ලමක් එක්ක
    ඒ පල්ලම බැහැගෙන තමයි එන්න ඕන ගෙදරට
    මහප්ප රෑ වැඩ ඇරිලා මේ පල්ලම බැහැ ගෙන එද්දී ගල් කැටයක් පෙරලෙන සද්දයක් ඇහිලා
    මහප්ප හැරිලා බලද්දී පිටිපස්සෙන් කකුල් 2 ගාව තියෙනවලු ගල් කැටයක්...මහප්ප එච්චර ගණන් ගන්නේ නැතුව ඇවිල්ල
    හැබැයි මහප්ප ඇවිත් බලන හැම සැරේකම මේ ගල එයා පස්සෙන්ම ඇවිල්ල පෙරලි පෙරලි...මහප්ප නවතිද්දී මේ ගල් කැටයත් නවතිනවලු :baffled:
    මහප්ප ගෙදර ඇවිල්ල කොහොම හරි...බය වුන පාරට තෙල් මතුරලා දුන්නාමලු හරි ගියේ :dull:
    P.S > පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ කරන අය අඳුරනවා නම් අපිට නවීන විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරි ගොඩක් කතා අහගන්න පුළුවන්
    හැබැයි desk job නෙමෙයි මම කියන්නේ... sites වලට ගිහිල්ල ඒ වැඩත් එක්ක first hand වැඩ කරන මිනිස්සු තමයි ඕව අත් දැකල තියෙන්නේ :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: labu gediya

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    උබේ කතාව ඇත්තද බොරුද දන්නේ නැ බන්...
    හොල්මන් දකිනනම් විස්වාස කරන්නේ නෑ:no::no::no::no::no:
     

    EK EKEK

    Member
    Jun 10, 2015
    144
    7
    0
    Alphabhat Eke
    ඔය කතාව බොරු.හදපු එකක්.පුදුමෙ කියන්නෙ මාත් හොල්මන් කතාව ලියාගෙන ගියා.එක ඔය කතාවමයි.තැන් දෙක තුනයි වෙනස්.එක නිසා මට තෙරෙනව ඔක කොච්චර පචයක්ද කියල.අවුලක් නැ එකෙත් විනොදයක් තියෙනවා.ඔය කතාවෙ පොයින්ට් ගොඩක් තියෙනව ඔක වෙන්ඩ බැරි එකක් කියල කියන්න.හොල්මනට මොකෙන්ද ගැහුව කියන එක එහෙම.ෆන් තමයි
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔය කතාව බොරු.හදපු එකක්.පුදුමෙ කියන්නෙ මාත් හොල්මන් කතාව ලියාගෙන ගියා.එක ඔය කතාවමයි.තැන් දෙක තුනයි වෙනස්.එක නිසා මට තෙරෙනව ඔක කොච්චර පචයක්ද කියල.අවුලක් නැ එකෙත් විනොදයක් තියෙනවා.ඔය කතාවෙ පොයින්ට් ගොඩක් තියෙනව ඔක වෙන්ඩ බැරි එකක් කියල කියන්න.හොල්මනට මොකෙන්ද ගැහුව කියන එක එහෙම.ෆන් තමයි

    මෙතන ඇත්ත කවුද බොරු කවුද කියල තේරෙනව උඹේ රතු කොට්ට දිහා බැලුවම....
    අවුරුදු ගානක් එළකිරියේ හිටියේ බොරුවෙන් නම්, මගේ නිල් කොටු 11 වෙනුවට තියෙන්න ඕන රතු කොටු..
    අත්දැකීම් නැති එවුන්, වෙච්ච දේවල් වෙන්න බැහැ කියන එක පුදුමයක් නෙවිනේ...
    උඹේ පොයින්ට් වලින් මට වැඩක් නැහැ...
    අනික උඹ ලියාගෙන ගියා නම් ඒක දාන්න ඕන....
    මගේ කතාව උඹේ වෙන්නේ කොහොමද...
    කියපන් බලන්න මේ කතාව තව තියෙන බ්ලොග් එකක් ගැන එහෙම..
    යකෝ, වෙච්ච දේ දාන්නේ නැතිව වෙන මොනවා දාන්නද...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔය කතාව බොරු.හදපු එකක්.පුදුමෙ කියන්නෙ මාත් හොල්මන් කතාව ලියාගෙන ගියා.එක ඔය කතාවමයි.තැන් දෙක තුනයි වෙනස්.එක නිසා මට තෙරෙනව ඔක කොච්චර පචයක්ද කියල.අවුලක් නැ එකෙත් විනොදයක් තියෙනවා.ඔය කතාවෙ පොයින්ට් ගොඩක් තියෙනව ඔක වෙන්ඩ බැරි එකක් කියල කියන්න.හොල්මනට මොකෙන්ද ගැහුව කියන එක එහෙම.ෆන් තමයි

    Location: In GirlsDreams
    :lol::lol::lol:උඹට හොල්මන් ගැන දැනුමක් නැහැ බං... දුකයි... අනිත් දවසේ කෙල්ලෙක් ගැන දාන්නම්..:lol::lol::lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මමත් තාම හොල්මනක් දැකල නෑ....

    අම්මෝ හිතන්නවත් එපා... කොච්චර ලොකු ටෝක් දුන්නත් ඒ වෙලාවට අසරණ වෙනවා හැමෝම.... තව කතා ටිකක් තියෙනවා... හෙට උදේට දාන්නම්..
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    A. සිරියා;18496349 said:
    ammo. wiswasa karalath ba, nokarath ba

    විශ්වාස කරන එක නොකරන එක ඔයාලගේ වැඩක්....
    කතා කියන එක මගේ වැඩක්..
    මරිසි වැඩ ත්‍රෙඩ් එකේ රෙප් කපල තිබුනේ විශ්වාස නොකරන එවුන්...
    තව කතා තියෙනවා... දාන්නම් හෙට...
    අඩුම තරමේ කියවල බම්ප් කරලවත් යන්න....
    ඕන තරම් දේශපාලකයෝ බොරු කියන්නේ....
    අපි එහෙම නැහැනේ...
    වැලිගම පැත්තේ ඉන්න ගොඩක් දෙනෙක්ට ඒ දේවල් ඒ දවස් වල වෙච්ච දේවල් පුදුමයක් නෙවි...
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අඩෝ උඹත් ආවද... එළ එළ ..
    හෙට උදේට තව කතා දානවා...
    දැන් ඕෆ් වෙන්න කිට්ටුයි බං....

    නැතුව නැතුව ආවා.. මම හොල්මන් ගැන මොනවත් කියන්න යන්නේ නෑ.. මොකද මම කැම්ප් ඉන්නකොට අපේ එකෙක්ට ඇශුවල්ට් එකේ යද්දී හොල්මන ගැහුව.. ඇස් දෙකෙන් දැක්ක වෙච්ච සිද්දිය.. කට්ටඩිය එන්න කලින් තනි අතින් පොලිෂ් ටින් එක පොඩි කරා අපේ පොර... ඒ නිසා හොල්මන් ගැන මම විශ්වාස කරනවා... බොරු කියල අහක දන්නා බෑ.. මොකද අපිට නොපෙනෙන මානයන් ගොඩක් මේ ලෝකේ තියෙනවා...