පින්වත් මහණෙනි, දෙවියන් සහිත වු මරුන් සහිත වු බඹුන් සහිත වු ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වු මේ ලෝකයා විසින් ද දෙවිමිනිස් ප්‍රජාව විසින් ද දක්නා ලද යමක් ඇද්ද, අසනා ලද යමක් ඇද්ද, ආඝ්‍රාණය කරන ලද යමක් ඇද්ද, රස විදින යමක් ඇද්ද, පහස ලැබුවා වු යමක් ඇද්ද, සිතින් දැන ගන්නා ලද යමක් ඇද්ද, ලබා ගත් යමක් ඇද්ද, සොයා ගත් යමක් ඇද්ද, සිතින් විමසන ලද යමක් ඇද්ද, ඒ සියල්ලම තථාගතයන් වහන්සේ විසින් යම් හෙයකින් අවබෝධ කරන ලද්දේ වෙයි ද එම නිසා තථාගත ය යි කියනු ලබන්නේ ය.
ලෝකාවබෝධසුත්‍රයේන්.....
උපුටාගන්නා ලදි......!
අපි සරණ ගිය ඒ භාගයවත් වු අරහත් වු සම්මා සම්බුදු රජානණන් වහන්සේ ට අපගේ නමස් කාරය වේවා.......!
සාදු ....! සාදු .....! සාදු ......!