මේක උණේ 2007 විතර,
මතක විදිහට කට්ටියක් එක්ක කොහේ හරි යන්න ටවුන් එකේදි තමයි කට්ටිය එකතුවෙන්න හිටියේ,
ගෙදර ඉඳන් ටවුන් එකට කි.මී 2ක් විතර තියෙනව. පාන්දර 3ට විතර පයින්ම තනියම ඒ දුර යන්න පිටත් උණා.
එදා හෙන මීදුම තිබ්බ දවසක්. ලයිට් එළි තිබුණත් මීදුම හින්ද පේන්නෙ නෑ.
යන පාරෙ කැලේ වැවුනු හිස් ඉඩමක් තියෙනව.
ඔය හරියෙ ගස් හෙලවෙනව වගේ පෙනුනත් මීදුම හින්ද හරියට තිබුණ දේ පෙනුනෙ නෑ. කිසිම හුලඟක් නැතුව එක තැනක විකරක් පඳුරු වගේ වදුලට හැදුන ගස් කීපයක් විතරක් හෙලවෙනව, දැක්ක තැනම හිත ගැස්සුනත් හිත හයිය කරගෙන අතේ තිබුණ දිග කුඩෙත් උරුක් කරගෙන ඉස්සරහටම ගියා.
ළඟටම ගියාම තමයි හොඳම දර්ශනේ දැක්කෙ.
මීදුම අස්සෙන් ඡායාව වගේ පේනව,
මනුස්සයෙකුගෙ ඉනෙන් පහල කොටස විතරක් මගේ පැත්තට හැරිල හිටං ඉන්නව. උගෙ පිටිපස්සෙ තිබුණ ගස් කිසිම තේරුමක් නැතුව හෙලවෙනව.
බය උනපාර දිග කුඩේ දෑත බදල දුන්න බාග මිනිහට.
එතකොටම උම්බෑ..... ගාගෙන මට පස්ස හරවං කොළ කකා හිටපු හරක කැලේ කඩාගෙන දිවුව.
දැන් ජෝක් එකක් විදිහට කිවුවට සිද්දිය උණ දවසෙ හොඳට බය උණා. ඒ බය ඇත්ත සිද්දිය දැනගෙනත් සෑහෙන වෙලා යනකල් තිබුණ.
මිනිස්සු හොල්මන් කියල සිහිය නැතිවෙන්නම බය වෙන්නෙත් සමහරවිට ඔය වගේ සිද්ධි වලට වෙන්නත් පුලුවන්.