හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

    හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන
    Goldern-Global.jpg
    වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා රාත්‍රියේ (ඇමෙරිකාවේ වේලාවෙන් එය ඉරිදා රැය වුවද අපට එය සඳුදා පාන්දරය) දක්නට ලැබිණි. එදින එයට සහභාගි වූ සියලු කලාකරුවන් කලින් කතාකරගත් පරිදි කළු පැහැයෙන් සැරසී පැමිණ සිටියෝය. තවත් විශේෂත්වයක් වූයේ ගෝල්ඩන් ග්ලෝබ් හා ඔස්කාර් සම්මාන උළෙලවල මුල් පෙළෙහි අසුනක් කවදත් ලැබෙන සුපිරි චිත්‍රපට නිෂ්පාදක හාවී වෙයින් ස්ටේන් පෙනෙන්නට නොසිටීමය. මේ කළු පාට ඇඳුම් විරෝධය ඔහු නිසා ඇතිවීම ඊට හේතුවයි. හාවී තම චිත්‍රපටවල රඟපාන්නට එන නිළියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලන බවට නිළියක කළ හෙළිදරව්වකින් පසු ඔහු ගැන මෙන්ම මෙවැනි අකටයුතුකම්වල යෙදෙන තවත් නිෂ්පාදකවරුන් හා අධ්‍යක්ෂකවරුන් ගැන බොහෝ තොරතුරු හෙළිවන්නට විය. ඒ සමගම දැඩි විරෝධයක් රැකියා ස්ථාන තුළ කාන්තා හිංසනය සම්බන්ධයෙන් පැන නැගුණු අතර එය ඇමෙරිකාව පුරා කාන්තාවන් මෙන්ම පිරිමින්ද පෙළපාළි යන තත්ත්වයට හැරවිණි. හාවීගේ බිරිය ඔහු හැරගිය අතර වරද පිළිගෙන චිත්‍රපට නිෂ්පාදන කටයුතුවලින් ඉවත්ව පරීක්ෂණයකට මුහුණදෙන්නට හාවී වෙයින්ස්ටේන්ට සිදුව තිබේ.

    තම වෘත්තිය තුළ කාන්තාවන්ට සිදුවන ලිංගික අතවරවලට විරෝධය පා මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලට ආ පිරිස කළු ඇඳුමින් සැරසුණේ ටයිම්ස් අප් යනුවෙන් සිදුකරන විරෝධතා ව්‍යාපාරය සංකේතවත් කරමිනි. සම්මාන ලබාගැනීමට වේදිකාවට ආ සියලු දෙනාම පාහේ ලිංගික අතවරවලට එරෙහිව ඉදිරියට ආ කාන්තාවන් අගය කරමින් කතා කළෝය.
    මෙවර උළෙ‍ලේ තවත් විශේෂත්වයක් වූයේ සුප්‍රකට නිවේදිකාවක මෙන්ම නිළියකද වන ඔප්රා වින්ෆේ‍ර් තමාට පිරිනැමුණු කලාකරුවකුට එක්වරක් පමණක් පිරිනැමෙන සිසිල් බි. ඩිමෙල් සම්මානය බාරගනිමින් කළ කතාවය. මෙම සම්මානය ලැබූ පළමු කළු ජාතික නිළියද ඇයය. පසුගිය කාලයේ රටපුරා පැතිරුණු කටකතාවක් ගැන ඉඟිකරමින් ඇයව වේදිකාවට හඳුන්වාදෙන අතරේ සෙත් මෙයර්ස් පවසා සිටියේ ඇමෙරිකාවේ 2020 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට අපේක්ෂිකාවක ලෙස ඇය ඉදිරිපත් වීමට ඉඩ ඇති බවය. තම කතාව කරමින් ඔප්රාද පවසා සිටියේ එය සනාථ වන ආකාරයේ කරුණුය.
    Goldern-Global1.jpg

    දිගුකලක් ඔප්රා වින්ෆේ‍ර් ෂෝ නමින් තම රූපවාහිනී වැඩසටහන ගෙනගිය ඇය නිළියක මෙන්ම චිත්‍රපට නිෂ්පාදිකාවක ලෙසද කටයුතු කොට ඇති අතර මේ වනවිට රූපවාහිනී නාලිකා සේවයක හිමිකාරියකි. ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙ‍ලේදී ඇය කළ කතාව අසා සිටි බොහෝ දෙනෙකු එය ජනපති අපේක්ෂිකාවකගේ කතාවකට සමාන බව පිළිගෙන තිබිණි.
    ඔප්රා මෙහිදී සුදු ජාතිකයන් බහුල සමාජයක් තුළ කළු ජාතිකයන්ට තවමත් විඳින්නට සිදුවන ගැහැට ගැන කතා කරන්නට අමතක නොකළාය. ඇය ප්‍රධාන වශයෙන් සඳහන් කළේ 1944 වසරේදී සුදු ජාතික පිරිමින් හයදෙනෙකු වෙතින් සමූහ දූෂණයට ලක්වූ රෙසී ටේලර් නම් කාන්තාව ගැනය. ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලට දින කිහිපයකට පෙර ඇය මියගියේ තම අනූඅටවැනි උපන් දිනයට දින දහයක් ඉතිරිව තිබියදීය. මෙම සිදුවීමෙහි විශේෂත්වය වූයේ ඇයව දූෂණය කළ පිරිමින් සුදු ජාතිකයන් වීම නිසා ඔවුන්ට අධිකරණයෙන් කිසිදු දඬුවමක් හිමිනොවීමය.වසර ගණනාවකට පසු රෝසා පාක්ස් ඇතුළු කළු ජාතික විමුක්ති සටන්කාමීන් ගෙනගිය අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකානු රජය රෙසීට සිදුවූයේ අසාධාරණයක් බව පිළිගෙන සමාව ඉල්ලා සිටියේය.
    කෙසේ වුවද ඔප්රා ජනපතිවරණයට පිවිසෙන බව අසා සිනාසෙමින් ජනපති ට්‍රම්ප් පවසා සිටියේ “ඒක නම් නියමයි. හොඳ විනෝදයක් ලබන්න පුළුවන්. මට පුළුවන් ‍ලේසියෙන්ම ඔප්රාව පරද්දන්න.” යනුවෙනි.
    මෙවර සම්මාන උළෙ‍ලේ කැපීපෙනෙන චිත්‍රපටය වූ අතරම හොඳම චිත්‍රපටය ලෙසද සම්මාන ලැබුවේ ත්‍රී බිල්බෝඩ්ස් අවුට්සයිඩ් එබින්, මිසුරි චිත්‍රපටයයි. මාටින් මැක්ඩොනා අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය ඇතුළත් වන්නේ අඳුරු හාස්‍යය හෙවත් බ්ලැක් කමෙඩි නමින් හැඳින්වෙන චිත්‍රපට ගොන්නටය. හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවේද එහි රඟපෑ ෆ්රාන්සස් මැක්ඩොමන්ඩ්ය. තම දියණියගේ මිනීමරුවා නීතියේ රැහැනට හසුකරගැනීමට ප්‍රදේශයේ ‍පොලීසිය අසමත් වූ විට ඒ බව නිවේදනය කරන හා මිනිමරුවා සොයාගැනීමට ජනතාව දැනුවත් කරන දැන්වීම් පුවරු තුනක් තමා ජීවත්වන මිසුරි ප්‍රාන්තයේ එබින් නගරයේ එල්ලා තැබූ කතාව මෙම චිත්‍රපටයට ඇතුළත් වේ. හොඳම සහය නළුවා ලෙස සම්මානය දිනාගත්තේද මෙම චිත්‍රපටයේ රඟපෑ සෑම් රොක්වෙල් වන අතර හොඳම තිර රචනය සඳහා සම්මානයද එයට හිමිවිය.
    හොඳම සංගීතමය හෝ විකට චිත්‍රපටය ලෙස සම්මාන ලැබුවේ ‍ලේඩි බර්ඩ් චිත්‍රපටයයි. එහි රඟපෑ සැයොරස් රොනැන් සංගීතමය හෝ විකට චිත්‍රපටයක හොඳම නිළිය විය. ඩාකස්ට් අවර් චිත්‍රපටයේ රඟපෑ ගැරී ඕල්ඩ්මන් හොඳම නළුවා ලෙස සම්මානය දිනාගත් අතර සංගීතමය හෝ විකට චිත්‍රපටයක හොඳම නළුවා වූයේද ඩිසා ස්ටර් ආටිස්ට් චිත්‍රපටයේ රඟපෑ ජේම්ස් ෆ්රැන්කෝය. හොඳම සහය නිළිය ලෙස අයි ටොන්යා චිත්‍රපටයේ රඟපෑ ඇලිසන් ජෙනී සම්මාන දිනාගත් අතර ද ෂේප් ඔෆ් වෝටර් අධ්‍යක්ෂණය කළ ගුග්ලිඑල්මෝ ඩෙල් ටෝරෝ හොඳම අධ්‍යක්ෂ ලෙස සම්මාන ලැබුවේය. හොඳම සංගීතය සඳහා සම්මානය ලැබුවේද මෙම චිත්‍රපටයයි. ද ග්‍රේටස්ට් ෂෝමන් චිත්‍රපටයේ එන දිස් ඉස් මී හොඳම ගීතය වූ අතර විදෙස් බසකින් නිර්මාණය කළ හොඳම චිත්‍රපටය වූයේ ජර්මනිය ඉදිරිපත් කළ ඉන් ද ෆේ ඩ් චිත්‍රපටයයි. මෙයට අමතරව ටෙලි නාට්‍ය ක්ෂෙත්‍රයේ හොඳම නිර්මාණ සඳහාද මෙහිදී සම්මාන හිමිවිය. හොඳම ටෙලි නාට්‍ය මාලාව ලෙස සම්මානය දිනාගත්තේද හෑන්ඩ්මේඩ්ස් ටේල් ටෙලි නාට්‍ය මාලාවය.

    නිශානි දිසානායක
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    meva baila katha ban. me case okkoma eliyata enna gatte. Rose McGowan kiyana gani harvey winston to chodana karanna gatta twitter eka haraha u ekiva rape kara kiyala avurudu 10,15 vithara kalin. namuth eki u ekkamai pahugiya tike hitiye. e vagema Rose McGowan salli aragena tiyenava sadda natuwa innavata. munta lingika hinsana vela tiyenava, namuth mun eva deela thami udata gihin tiyenne. hodata directors lage polu urala thami oya thanama me hama niliyama vage inne. fapping eke leak vechcha photos dakkama unath kiyanna puluwan ne mun patta badu kiyala.

    6fb666a292ff4e5fe48a13b0ae03253a