හොලිවුඩ් සිනමාවේ වාණිජ පැතිකඩ මොන තරම් අත
හොලිවුඩ් සිනමාවේ වාණිජ පැතිකඩ මොන තරම් අතාත්විකදැයි පෝල් වෝකර් විසින් පෙන්වා දෙන ලදී....
සිනමාවේදී ඔහු ඒබ්රාම් යුධ ටැංකියකට එරෙහිව මහ පාරේ ෆෝඩ් එස්කෝට් වර්ගයට අයත් මෝටර් රියක් පදවා ජයගත් අතර, අධිබලැති "ඉවෂෙන්කෝ ප්රෝග්රස්" එන්ජින් 4 කින් බලය දෙන ලොව බලසම්පන්නම බර උසුලන ගුවන් යානයක් වූ ඇන්ටනොව් 124 යානයක් ජීප් රථ සහ මෝටර් රථ කිහිපයක් මගින් ගුවන් ගත වීමට ඉඩ නොතබා පොළවේ තබා ගැනීමට දායක විය...මෙක්සිකෝව සහ එක්සත් ජනපදය අතර දේශ සීමාවේ බිං ගෙවල් කඩාගෙන සිය රිය පැදවීය... දැවැන්ත කන්ටේනර, බස් රථ කේබල් යොදාගෙන පෙරළා දැමුවේය.... අධික ලෙස ජනාකීර්ණ ලන්ඩන් නුවර වීදි දිගේ අධි වේගයෙන් සතුරන් ලුහු බැන්දේය... ඒවා සියල්ල කර නොමැරී බේරුණු ඔහු සැබෑ ලෝකයේ පුළුල් මාවතක් අද්දර කණුවක වැදී ගිනි ගත් සැප රියක මරු දුටුවේය... ( එය ඔහුගේ වරදින් සිදු නොවුවද එයින් පසක් වන සත්‍යය වන්නේ තාත්වික ලෝකයේ මිනිසා කෙතරම් බිඳෙන සුළුද යන්න පමණි... )
ත්‍රාසජනක සිනමා සිහිනය යථාර්තයෙන් කෙතරම් දුරස්ද...?...
By Damith kethaka

Last edited: