හො.රා. ට එරෙහිව හලාවත ජනතාව වීදිබසී

හො.රා. ට එරෙහිව හලාවත ජනතාව වීදිබසී

කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂට එරෙහිව හලාවත ජනතාව වීදිබැස විරෝධය දක්වමින් සිටින බව වාර්තා වේ. හලාවත ප්‍රදේශයේ පැවැත්වීම නියමිත රැස්වීම්වලට සහභාගිවීම සඳහා මහින්ද රාජපක්ෂ පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂක මිල්රෝයි ප්‍රනාන්දුගේ නිවසට පැමිණි අවස්ථාවේදී මෙම විරෝධය එල්ල වී තිබේ.
විරෝධතාවට එක්වී සිටින ජනතාව හොරා (හොඳම රාජ්‍ය නායකයා) එළවමු ආදී වශයෙන් සඳහන් බැනර්, පෝස්ටර් ආදිය ප්‍රදර්ශනය කරමින් සිටී. එම ජනතාව ප්‍රකාශ කරන්නේ ජනවාරි අටවැනිදා මෙරට ජනතාව බහුතරයක් මහින්ද රාජපක්ෂ පරාජයට පත්කළ හෙයින් දැන් දේශපාලනයෙන් විශ්‍රාම ගොස් ගෙදරට වී සිටිය යුතු බවයි. බලයෙන් උමතුව සිටි මහින්ද බලය නොමැතිව සිටිය නොහැකි නිසා නැවතත් බලයට කෑදරකමේ ඡන්දයට ඉදිරිපත් වී සිටින බවත් එහෙත් ඔහු නැවතත් පරාජයට පත්කිරීමට තමන සූදානම් බවත් ඔවුන් පවසයි.

මහින්ද රාජපක්ෂ පරාජයට පත්වන බව දන්නා නිසා දැන් විශාල ලෙස බොරු පොරොන්දු දෙන බවත් අවුරුදු දහයක් බලයේ සිටිමින් සිදු නොකළ දේවල් ගැන දැන් පොරොන්දු දෙමින් සිටින බවත් උද්ඝෝෂකයන් පවසයි. ඒ නිසා ඉටු කළ නොහැකි පොරොන්දු දී ජනතාව රැවටීම සිදු නොකරන ලෙසත් දේශපාලනයෙන් විශ්‍රාම ගොස් ගෙදරට වී සිටින ලෙසත් එම ජනතාව මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටී.


දැඩි ජනතා විරෝධය හේතුවෙන් මහින්ද රාජපක්ෂ ජනතාවට මුහුණ නොදී එතැනින් පළාගොස් තිබේ.
 
  • Like
Reactions: AnuradhaRa

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොකටද උත්ගෝශන කරන්නෙ , මරාහොරාට චන්දෙ නොදී හිටඉයනන් ඇතිනෙ
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මහින්ද දින්නොත් යූඇන්පියට දෙයියන්ගෙ පිහිටයි
    avatar63803_11.gif
    avatar63803_11.gif
    avatar63803_11.gif
    avatar63803_11.gif
    avatar63803_11.gif
    avatar63803_11.gif
    avatar63803_11.gif
     

    Similar threads