හෝර්ටන් තැන්නේ කොටි - Leopards in Horton Plains

nirockzzz

Member
Jan 29, 2009
1,153
92
0
මම ඔය පරිසරයට මාරම ආසයි...:love:

කවුද බන් හිතන්නේ ඔහේ කොටි ඉන්නවා කියල? අපි හෝර්ටන් තැන්නේ කොච්චර ගිහින් තියෙනවද? ආසාවට දැකල නෑ නේ?
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කොටියා සහ ලෙපර්ඩ් යන දෙවර්ගයකි. ලංකාවේ ඉන්නේ දිවියන් ය. කොටි හෝ වයග්‍රයෝ ලංකාවේ නැත.
 
  • Like
Reactions: craabeysinghe

Superman101

Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    කොටියා සහ ලෙපර්ඩ් යන දෙවර්ගයකි. ලංකාවේ ඉන්නේ දිවියන් ය. කොටි හෝ වයග්‍රයෝ ලංකාවේ නැත.

    ලංකාවේ කොටි ඉන්නවා, ඇත්තම කිව්වොත් ලංකාවේ ඉන්න කොටියාගේ (යාලේ, විල්පත්තු වගේම හෝර්ටන් තැන්නේ මේ ඉන්න කොටියගේත්) විද්‍යාත්මක නාමය Panthera pardus kotiya

    කොටියා=Tiger
    දිවියා=Leopard

    වැරදයි
    ව්‍යාග්‍රයා = Tiger
    කොටියා = Leopard

    අපි ඕක වැරදියට පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්නේ LTTE එක නිසා



    Oya koti neme ban diwiyo. Kotinta thiyanne iri. Thith thiyanne diwiyanta

    ඉරි තියෙන්නේ ව්‍යාග්‍රයාට
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    වැරදි වැටහීම්

    වසර කිහිපයකට පෙරාතුව, ශ්‍රී ලංකා වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රධානි‍යෙකුගෙන් ලද තොරතුරු වැරදි ලෙස වටහාගත් මාධ්‍යය ආයතනයක් විසින්, ශ්‍රී ලංකා කොටියා, tiger ලෙස පළ කර ඇත. පසුව වනජීවී දෙපාර්තමේන්තු‍වේ ප්‍රධානි‍යා විසින්, ශ්‍රී ලංකාව තුළ tiger වාසය නොකරන බවට කල ප්‍රකාශය, ලංකාව තුල 'කොටි' වාසය කරන්නෙ නැත, ලෙසට තවදුරටත් වැරදි ලෙස තේරුම් ගෙන ඇත. පුරාණ ප්‍රස්ථාව පිරුළක් වන "කැළේ මාරු වුනත් කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑ " යන්න නිවැරදි සිංහල ව්‍යවහාරයට අනුව කොටියා සතුව පවතින්නේ පුල්ලි බවත් ඉරි පවතින්නේ ව්‍යාඝ්‍රයාට බවත් තහවුරු කරයි.
    Panthera pardus kotiya යන්නෙන් පැහැදිලි වන පරිදි "කොටියා" සත්‍යවශයෙන්ම ශ්‍රී ලංකාව තුළ ස්වභාවික තත්‍ව යටතේ වාසය කරනු ලබයි. තව ද Panthera pardus diviya ලෙස ද හදුන්වන සත්‍යවයෙක් වාසය කරනු නොලබයි. මෙසේ ගැටළුකාරී තත්‍වයක් උදා වී ඇත්තේ, මිනිසුන් විසින් ඉංග්‍රීසි බසේ යෙදෙන, tiger යන්න කොටියා ලෙසත්, leopard යන්න දිවියා ලෙසත් භාවිතා කරන බැවිනි. නිවැරදි සිංහල භාවිතය අනුව tiger යනු 'ව්‍යාඝ්‍රයා' වන අතර leopard යනු 'කොටියා' වේ. තව ද ශ්‍රී ලංකාව තුළ දිවියා යන යෙදුම සියවස් ගනනාවක සිටම බළල් පවුලට අයත් තරමක් කුඩා ප්‍රමානයේ සතුන් සදහා පොදුවේ භාවිතා කර ඇත. උදා: හඳුන් දිවියා, කොළ දිවියා.
    මෙම වැරදි වැටහීම් ඉතා තදින් භාවිතා වන බවට බව 2011-ජන්වාරි-23 ලංකාදීප පුවත් පතේ ඇති පුවත් 2 කින් සනාථ වෙයි. "සිංහරාජයට තවත් දිවියෙක් අහිමි වේයි "[4] යන පුවත යටතේ නිවැරදිව නීති විරෝධීව මරා දමන ලද දිවියෙක් පිලිබඳව වාර්තා කරන අතර "දිවියෙක් මිනිස් උගුලට දිවි පුදයි" [5]යන පුවත යටතේ සැබෑ ලෙසම උගුලකට අසුවූ කොටියෙකු ගැන වාර්තා කරයි. එකම පුවත් පතේ වෙනස් සතුන් දෙදෙනෙක් ගැන එකම වචනය ( දිවියා) භාවිතා කරමින් වාර්තා කරයි. නමුත් ඉදිරිපත් කර ඇති ජායරූප වලින් අනතුරට පත් සතුන් දෙදෙනාගේ වෙනස පැහැදිලිව පෙනේ.

    https://en.wikipedia.org/wiki/Sri_Lankan_leopard
     
    Last edited:

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මට නම් දැනට විකාශය වන හොදම වාර්තා වැඩසටහන තමයි "සොබාධාරා" කියන්නේ සහෝ.....