කියවන්න කලින් පොඩි දෙයක් කියන්න තියනවා.මම දැක්කා සමහර අය කියනවා එලකිරි එකේ ඉන්නව කියලා blog එකකින් හරි මොකකින් හරි ගත්තු දෙයක් දාලා රෙප් හිඟාකන අය.අදත් මම එහෙම එකක් දැක්කා.ඒත් මචන්ලා එක එකා මොනවා කිව්වත් වැදගත් දෙයක් මෙතන ඔයාලත් එක්ක බෙදාගන්න එක වැරදි වැඩක්ද??

...අපිටත් දැන් රෙප් හිඟන්නො කියයි.මටනම් ඔය රෙප් හුත්..වල් වැඩක් නෑ..
.මම මේවා දාන්නේ රෙප් බලාපොරොත්තුවෙන් නෙවේ.උඹලත් මොකක් හරි දෙයක් ඉගෙන ගනී කියලා.හිතන එකෙක් ඕන එකක් හිතාගනිල්ලා.
අපට එදිනෙදා හමුවන දේ දෙස වඩාත් ළං වී බැලූවොත් පෙනෙන්නෙ කොහොමද? රැවුල බෑමෙන් පසු කෙස් ගස් වල හැටි! ඔබ බොන බීමවල හැටි!
විදුලි රැවුල බානයට වඩා තෙත රේසරයෙන් වඩා සිනිඳුවට රැවුල බෑවෙන බවට වාදයක් නැත. ඒත් ඒක කොයිතරම් සිනිඳුද? ඔන්න විද්‍යාඥයන් දෙවිදියටම බාපු රැවුල් ගස් ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයකට යොසු කළා, විශාලනය කරල ළං වී බලන්න.
විදුලි රැවුල බානයට වඩා තෙත රේසරයෙන් වඩා සිනිඳුවට රැවුල බෑවෙන බවට වාදයක් නැත. ඒත් ඒක කොයිතරම් සිනිඳුද? ඔන්න විද්‍යාඥයන් දෙවිදියටම බාපු රැවුල් ගස් ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයකට යොසු කළා, විශාලනය කරල ළං වී බලන්න.
අන්වික්ෂයකින් බැලූවොත් පෙනෙන හැටි! වමේ ඇත්තේ රේසරයකින් බෑ රැවුල් ගසක්. දකුණේ ඇත්තේ විදුලි ෂේවරයකින් බෑ රැවුල් ගසක්. බලන්න ඒක හරියට මුලෙන් උදුරලා දාලා වගෙයි.
ඉලෙක්ට්‍රෝනවලට ඇත්තේ ආලෝක තරංගවලට වඩා කෙටි තරංගයි. ඒ නිසා ඒවා යොදා ගෙන වඩාත් කුඩා වස්තූන් හසු කර ගැනීම පහසුයි.
ඇමරිකාවේ ඇරිසෝනා ප‍්‍රාන්තයේ ඡායාරූප ශිල්පියකු වන විලියම් ලෙගොලන් ඒ විදියට අපි බොන බීමවල සමීප රූප කීපයක් අරන් තියෙනවා.
හරිම පුදුමයි! ඔහු ඡායාරූපයට නැඟූ කෝපි බින්දුවක් පෙනෙන්නේ හරියට, කෙඳි කීපයක් දැවටුණු වැනිලා අයිස් කී‍්‍රම් බින්දුවක් වගෙයි. ඔහු ඊළඟට ගත් කෝපි බන්දුව පෙනුනේ අඟහරු ලෝකයේ මතුපිට දසුනක් වගෙයි.
මේ විලියම් ගත් ඡායාරූපවලින් එකක්. මේ කෝපි බින්දුවක්!
විලියම් ගත් දෙවැනි කෝපි බින්දුවේ හැටි! අඟහරු මතුපිට වගෙයි, නේද?
මේ රතු වයින් බිඳුවක් පෙනුන හැටි! රත්පැහැ අහසේ කුරල්ලන් දෙදෙනකු පියාඹනවා වගෙයි.
විලියම් කියන්නේ ඔහු බීම වර්ගවල හැඩතල ඡායාරූපයට නඟන්න වඩාත් ආසා කරන බවයි. මට ඕනෑ කළේ ඔබ අප බොන බීම වර්ග වඩාත් ළං වූ විට පෙනෙන්නේ කොහොමද කියල පෙන්වන්නයි.
කලක් බීමහල් සේවකයකු වශයෙන් කටයුතු කළ ඔහුට ඡායාරූපවලින් අපේ බීම වර්ගවල හැටි දැක ගන්න හිතුනු එක පුදුමයක් නෙවෙයි. ”මං මෙහි දී මේ ඡුායාරූප එකතුවට තෝරා ගත්තේ ලෝකයේ අපි වැඩි දෙනෙක් බොන බීම වර්ගයි. ඒවා විද්‍යාත්මක ඇසකින් විග‍්‍රහ කරන්නයි මට අවශ්‍ය වුණේ.” ඔහු වැඩිදුරටත් කියනවා.
තේ බිඳුවක් පෙනුනු හැටි!
බීර බිඳුවක් පෙනුනේ හරියට කොනක් පිළිස්සුණු පැරණි සිතියමක් වගෙයි.
මේ තවත් බීර බින්දුවක් කලින් එකට වඩා එහෙම පිටින් ම වෙනස්.
Last edited:


