ළඟදීම

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දියවැඩියා ඇමති, ප්‍රෙෂර් ඇමති ළඟදීම
    February 2, 2013 at 9:50 am | lanka C news

    ළඟදීම තේ කොල ඇමති, ටිං කිරි ඇමති, දියවැඩියා ඇමති, ප්‍රෙෂර් ඇමති ආදී නව ඇමතිවරුන්ද බිහිවනු ඇතැයි සරත් ෆොන්සේකා මහතා පවසයි.

    ගාල්ලේ පැවති ජනහමුවක් අමතමින් ෆොන්සේකා මහතා මෙසේද කීවේය.

    ‘දැන් සීනි ඇමති.. මේ පැත්තෙන් ළඟදිම තේ කොල ඇමති, තව ටිකක් කල් යනකොට ටිං කිරි ඇමති, මේ ගොල්ලො එකතු වෙලා තේ කඩයක් දා ගනීවි. තමුන්නාන්සෙලා බලාගෙන ඉන්නව.

    ඇමතිවරු පැටවු ගහනව වගේ කුකුල්ලූ බිත්තර දානව වගේ බිහිවෙනව. අපේ රටේ කමයි මුළු ලෝකෙටම සීනි ඇමතිකෙනෙක් ඉන්න එකම රට.

    මුළු ලෝකෙටම සීනි දෙන රටවල් තියෙනව බ‍්‍රසීලය වගේ රටවල් ඒ වුණත් සීනි ඇමතිල නෑ. මං හිතන්නෙ මේ ඇමති මණ්ඩලේ ඉන්න අයට ඕන දියවැඩියා ඇමති කෙනෙක්. ප්‍රෙෂර් ඇමති කෙනෙක්.

    මේං මෙහෙම ගිහිලල අනාගතයේදී පාරෙ යනකොට තමුන්නාන්සෙලා කවුරු හරි අල්ලල කියාවි උඹත් අද ඉඳන් ඇමති කියල. ඒ තත්වයට මේ රාට් ඇමති මණ්ඩලේ ව්‍යාප්ත වෙමින් පවතිනව.’


    :rofl::rofl::rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේකද කියල තියෙන්නෙ,:lol::lol::lol: පව් අහිංසකය :lol::lol::lol: