ළදුනේ.....ළදුනේ...

saturn

Well-known member
  • Mar 21, 2015
    5,339
    9,103
    113
    Around the world
    "ළැම පමණක් ලොවට පෙනෙන
    ළය නොපෙනෙන ළඳුනේ...."
    ==================================
    වීදි ගණිකාවක් වූ ස්වීස් ඇන්ටි හැමදාම ඇන්දෙ සුදුපාට උඩරට ඔසරියයි. එසේම ස්වීස් ඇන්ටි හැමදාම හවසට දළදා මාලිගාව වදින්න යාමත් අනිවාර්යයෙන්ම සිදුවූවකි.

    දවසක් මහනුවර මහේස්ත්‍රාත් උසාවියේ නඩු අවසන් වී මෝෂන් ගන්නා වෙලාව එනතුරු නීතිඥයන් වන අපි උසාවියෙ ඉන්නා අවස්ථාවකි. විනිසුරුතුමා විනිසුරු අසුනේ නැති මේ අවස්තාව සෑම උසාවියකම නීතිඥ මහත්වරුන් බොහොම සැහැල්ලුවෙන් විනෝදයෙන් කල් ගෙවන අවස්ථාවකි. එකිනෙකාට විහිලු කිරීම, බයිට් කිරීම, රස කතා කීම මේ කාලයෙදී සිදුවෙයි.

    මේ කියන දවසෙ ස්වීස් ඇන්ටිත් ඇයට නිකුත් වූ වරෙන්තුවක් මෝෂමකින් ආපසු කැදවීමට උසාවියට පැමිණ සිටියා ය.

    මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ සිටි ජ්‍යෙෂ්ඨතම නීතිඥ මහත්මයෙකු ස්වීස් ඇන්ටිගෙන් මෙසේ ඇසීය;
    "ඇග්නස් ඇයි බං හැමදාම හවසට මාලිගාවට යන්නෙ??"

    "සර් ඊලග ආත්මෙවත් මේ වගෙ රස්සාවක් නොලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න"

    එතනින් එහාට කාටවත් කතා කරන්න ශක්තියක් තිබුනෙ නැත. හැමෝම මුහුණෙන් මුහුණ බලා ගත්තේය.

    ස්වීස් ඇන්ටි මේ දළදා මාලිගාව වදින්න යන සිදුවීම තමයි නීතිඥ රන්බණ්ඩා සෙනවිරත්න මහතා අතින් ගීතයක් උනේ. ඒ ගීතය තමයි අමරසිරි පීරිස්ගෙ හඩින් අපට ඇහෙන "ළදුනේ....ළදුනේ" ගීතය.

    මේ ගීතය ලියවීමටත් හේතුවක් තිබුනා. එය මෙසේය.

    මහනුවර අධිකරණයේ නඩුවකට ආපු නීතිඥ රන්බණ්ඩා සෙනවිරත්න මහතාගේ නඩුව පහුවදාට ගන්නවා කිව්වා.එනිසා සෙනවිරත්න මහතා නුවර නතර උනා. හවස දළදා මාලිගාවට ගියා. ඒ නුවර උසාවියේ ඉන්න නීතිඥ මහත්මයෙක් එක්ක.

    දෙදෙනාම මාලිගාවට යන ගමන් උදේ උසාවියේ දැකපු සුදු ඇදපු කාන්තාවක් සුදු මල් අරන් දළදා වදින්න යනවා දකිනවා.

    සෙනවිරත්න මහත්මයා අර අනික් නීතිඥ මහත්මයාගෙන් මේ කාන්තාව පෙන්නලා ඇය කවුද කියලා අහනවා. අර නීතිඥයාගේ පිළිතුර මේකයි;

    "මතක නැද්ද සර් ,උදේ උසාවියේ දඩ කාපු පට්ට ගොනානේ ඔය"

    සෙනවිරත්න මහත්තයා ඊට පස්සෙ ඒ ගැන මොකුත්ම කියන්නෙ නෑ. හැබැයි නතර උන තැනට ඇවිත් සිංදුවක් ලියනවා. ඒක තමයි ළඳුනේ සිංදුව.

    ළදුනේ.....ළදුනේ...
    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැදෑ කලෙක ළදුනේ.....ළදුනේ
    දෙනෝ දහක් අත ගත්තද
    සැමියෙකු නැති ළදුනේ
    නෑයෙකු නෑකම නොකියන
    වීදි සරණ ළදුනේ.....ළදුනේ
    තෙල් මල් ගෙන දෝත පුරා
    මුණි කුටියට පියනගනා
    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැදෑ කලෙක ළදුනේ....ළදුනේ

    බුදුන් දැක නිවන් දකිමියි
    දෙව්රම යන පාර අහන
    ඔබද පටාචාරාවකි
    ඔබද කිසා ගෝතමියෙකි

    පිරිමින්ගේ පාප කදට
    දෝස විදින ළදුනේ
    අදුරේ පව් කරන දනා
    එළියෙ රවන ළදුනේ
    ළැම පමණක් ලොවට පෙනෙන
    ළය නොපෙනෙන ළදුනේ
    කුහුඹුවෙකුට වරදක් නැති
    වැරදිකාර ළදුනේ


    lxsy5PT.jpg


    - හිරන්ත හේරත් -
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,339
    9,103
    113
    Around the world
    මේ ගීතය වගේම "දවසක් පැල නැති හේනේ"-"පබලු නගේ " වැනි ගී පද රචනා ඔහු අතින් ලිය විනි
     

    CARMN

    Member
    Jan 25, 2019
    105
    8
    0
    ඔය සිංදුව දැන් අමරසරි පීරිස්ට කියන්න තහනම් වෙලා තියන්නෙ ඇයි.