ඔන්න මගේ එළකිරියෙ ලියන මුල්ම කවිය.පොඩි Experimental දෙයක් කරන්නත් එක්ක තමයි මේක ලිව්වෙ.කියවල බලල හොඳ නම් කියන්න.මම කවි ලියන්න නම් එච්චර දක්ෂයෙක් නෙමෙයි
අල්ලපු ගෙදර ඇන්ටිගෙ දූ සෙව්වන්දී
මේ පාරයි යන්නේ ඈ උසස් පෙළ පන්තී
පාරේ යන කල ඈ ඇගෙ බඳ හෙල්ලී
කොල්ලෝ පොර කති පස්සෙන් යන්නට ඈ පස්සෙ එල්ලී
අවුරුදු දෙකයි ඈ මා හට බාල
මා පොඩි කාලේ යන විට අපෙ ඉස්කෝල
ඈ පොඩි එකී එතකොට නෑ වැඩි මහත
මතකයි ගියා ඈ මා සමගින් ඉස්කෝල
දැන් නෝ කතා ඈ මා හමුවන කලට
අහක බලා යයි පෙරදා නොදුටු ලෙස
අහවල් වරදක් වූවා දෝ මා අතින
කල්පනා කලෙමි මා ගෙදරට එන ගමන
ටවුමට යන්න විය දිනයක මගෙ වැඩට
මේකිත් සිටියි නැවතුම්පළ ලඟ එනතෙක් බසය
තවත් හාල් පාරුවෙක් ඇදෙයි ඈ ගාවට සෙමින
පෙරලා බැලිමි කවුරුද මේ ගලවන්නට උගෙ අණ්ඩ
හෙන ගෙඩියක් වැදුනා වැනි ඔලුවටම
නොදන්නා එකෙක් නම් නෑ මට කිසි කමට
සිතුවේ නෑ මේ පිම්පියා හට කළ හැකි යැයි ඒ තරම
සිටියේ අපෙ මලයාය ඈ හා දමමින් මුකුල
මුන් දෙන්නා සිටිනා කල හෝල්ටුවේ
දැන් නම් රතු කට්ට පැන ඇත මගෙ ඔලුවේ
දෙන්නම් හොඳවයින් දෙකක් යැයි සිතු අතරේ
තවත් ගෑනු පරානයක හඬ මගෙ පිටුපසින් ඇසේ
කාගෙ ද බලන කල කාගෙ ද ඒ මිහිරි හඬ
මිහිපිට අප්සරාවක් ඇත දැන් මා හිස ඉදිරියෙන
මේ ඇඩ්‍රස් එක කොහිදැයි අසනා විට මගෙන
ඇඩ්‍රස් නැති විය මා හට ඈ දුටින
හරි හරි නංගි මෙන්න මෙහෙමයි මෙතනට යන්නේ
කෙළින්ම ඉස්සරහට ගොස් දකුණට හැරෙන්නේ
ඒ පාරේ කෙළවරම ඇති ගෙදරයි ඔය අසන්නේ
සරණපාලයාගේ ගෙදර ගැනයි ඔය කියන්නේ
ඇගේ බැල්ම දැන් මා හට පිනි පොදකී
ඉඩෝරයෙන් ඉරි තැලී ගිය සරු බිමකී
ආපසු කොලය මලුවට දමා ගත් ඒ පොඩි නංගී
කීවා ස්තූතියි තැන ගැන කිව්වට මල්ලී
ඈ බොල මාත් අර හාල්පාරුවා වැනි ද?
මල්ලී කියා පේනා තරමට පොඩි ද??
මම නෑ තවත් ඉන්නේ තවදුරටත් මේ ලෙසට
අද සිට වවමි මගේ රැවුල කිසිදා නොවු ලෙසට
-මනඃකල්පිතයි
Last edited:


?




එව්ව එකත් එනව නෙ බං ඊළඟ සතියෙ