"සංඝරාජ උනත් ගම තුම්පනේ" නෙව කියලා කතාවක් තියෙනවනේ...
ඒක හැදුනය කියන්නේ ඔය සරණංකර හාමුදුරුවෝ දුන්නය කියන බලු කපුටු දානයක් හින්දා...
සංඝරාජ හාමුදුරුවන්ට වංගියක් බලු දානයක් දෙන්ට හිතිලා මල්වත්ත පන්සලේ වැඩේ සූදානං කරලා තියෙනවා...
එක පැත්තක මහ හැලි වළංවල බලුදානේ උයන ගමන් අනිත් පැත්තෙන් නුවර වීදිවල කරක් ගහන බල්ලෝ තොග පිටින් අල්ලං ඇවිත් බැදලා තියලා දානේ උයලා ඉවර උනාම ඒක බිම එලාපු කෙහෙල්පත්වලට බෙදලා බල්ලෝ ටික ලෙහලා දාලා...
දානේ පැත්තක තියලා එක එක ඒරියාවලින් ගෙනාව බල්ලෝ මල්වතු විහාරය දෙක වෙන්න ගෝරනාඩු කරන ගමන් මහා බලුපොරයක් පටන් අරං...
වැවෙන් එහා පැත්තේ මාළිගාවේ ඉන්න රජාට මේ මහා බලු ගෝරනාඩුව ඇහිලා ඒ ගැන විපරං කලාම දැනගන්ට ලැබිලා තියෙනවා සරණංකර හාමුදුරුවොන්ගේ වික්‍රමය...
ආන්න ඒ වෙලාවේ තමා රජා ඔය තුම්පනේ කතාව කිව්වය කියන්නේ...
නැහැ ඉතිං මං මේ නිකමට මතක් උනාට කිව්වේ...
නැතිව තඹුත්තේගම හෝතඹුවගේ සැලැස්මක් නැතිව කොරලා මුළු නුවරම වැසිකිලියක් කලාය කියන ප්‍රදර්ශනේ ගැන ඇහිලා නෙවෙයි...