ළමයාද, ගුරුවරයාද?.....
නියෝගයට බය වූ සිසුවිය පොලිතින් සමගම ආහාර ගනී
රෝගී වූ සිසුවිය රෝහලේ
නෝමන් පළිහවඩන
පානදුර මොරගහහේන ප්‍රදේශයේ විදුහලක ඉගෙනීම ලබන 17 හැවිරිදි සිසුවියකට විදුහල්පතිවරයාගේ නියෝගය පරිදි පොලිතින් කැබිලි සමඟම දිවා ආහාරය ගැනීමට සිදුවීම නිසා එම දැරිය රෝගාතුරව හොරණ රජයේ රෝහලට ඇතුළත් කර ඇති බව පානදුර පොලිස් අධිකාරි එඩ්මන් මහේන්ද්‍රන් මහතා "දිවයින" ට ප්‍රකාශ කළේය. පොලිතින්වලින් කෑම ඔතාගෙන පැමිණෙන සිසුන්ට මෙම විදුහල්පතිවරයා සෑම දිනකම තරයේ අවවාද දෙන අතර විදුහලේ ළමයි පිරිසක් එම අවවාද පිළි නොගෙන ඊයේ යළිත් පොලිතින්වලින් කෑම ඔතාගෙන පැමිණ කෑම ගනිද්දී එය දුටු විදුහල්පතිවරයා මහත් සේ කිපී උඹලා පොලිතින්වලින් කෑම ඔතාගෙන ආවා නම් දැන් ඉතින් ඒවත් සමඟ කාපල්ලා යෑයි ළමයින්ට නියෝග කර ඇත.
මෙම නියෝගය නිසා සමහර ළමයින් විදුහල්පතිට හොර රහසේ පොලිතින් විසිකර ඇති අතර එම සිසුවිය නියෝගයට බිය වී පොලිතින් කැබැල්ල ගිල දමා ඇත.
ඒ මොහොතේ දැරිය හොරණ රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය පිළිබඳ විදුහලේ සිසුන්ගේ කටඋත්තර සටහන් කර ගෙන ඇත. විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා ගෙන යයි.
මෙම සිද්ධිය පිළිබඳ මහ කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති දයා සමරවීර මහතාගේ උපදෙස් පරිදි මොරගහහේන පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.