ළමයින් විකුණාගෙන කන කාලකන්ණින්ගේ දේශය

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
ළමයින් විකුණාගෙන කන කාලකන්ණින්ගේ දේශය

ඉකුත් මැතිවරණ සමයේ, ජනතාවට සුභ අනාගතයක් සහතික කරනු වස් කොළඹ පුරා අටවා තිබූ ප්‍රචාරක පුවරු වලින් බොහොමයක දරුවන්ගේ සමීප රූප යොදා තිබුණා ඔබට මතකද? මේ වන විටත් එකී අනාගත ශුභාරංචිය දරුවන්ගේ ද උන්ගේ මහ එවුන්ගේ ද දෙපා මුල පුපුරා ඇද හැලී අවසානය. සකලවිධ ශුභාරංචිකරුවන් විසින් සිරිත් පරිදි ලකේට අන්දවන ලද මහ (මුන්ට ලැබුණු ''මහ'' ලොකු බම්බුවක් නැත!) ජනතාව, පිට පිටම ගුවනට විදින බඩු මිල රොකට් දෙස එම්ප්ටි පොකට් බිලියඩ් ගසමින් බලා සිටිති. මේ සරා සොඳුරු ළමාරක්ෂකයෝ, දරුවන්ගේ ඊනියා සුභ අනාගතයේ පීත්ත පටිය කැපීම සඳහා කිරි පිටි පැකට්ටුවට කෙළ වූහ! වැඩි වූ කිරිපිටි ලබා ගනු පිණිස දෙදහස් පන්සීයේ කැරට් කුණ පාත්තරයට වැටෙන තුරු කතිරය ගැසූ ඇඟිලි වල නියපොතු කන ළමයින්ගේ මහ එවුන්ට, දෙදහස් පන්සීයක් වෙනුවට මාරාන්තික උපවාසයක් ප්‍රදානය කළහ!

කසිප්පු කොමඩියක් වූ මාරාන්තික උපවාසය මගින් දින දෙකතුනක් සඳහා ජනතාවට සිනහා වායුව නොමිලේ සප්ලයි කළ අතර, මා විසින් මේ ලිපියට යොදන ලද සැර හෙඩිම ඔප්පු කිරීම සඳහා ආසන්න උදාහරණයක් ද සප්ලයි කරන්නට යෙදිණ.

එක්කෝ උපවාස පිටපත ලියද්දීම සැලසුම් කරන ලද හෝ පසුව වේදිකා ගත වූ එසැණ රංගනයක් ලෙස හෝ ප්‍රධාන නළුවාගේ දරුවා වේදිකාවට නැගුණු අතර එකී දර්ශනය පුවත් කුසගින්නේ තොල කට ලෙව කමින් සිටින වෘක කැමරා ඇස් විසින් ගිජු ලෙස ඩැහැ ගන්නා ලදී. දරුවෙකු නැග්ගවීමෙන්වත් ගොඩ දමා ගත නොහැකි තරමටම උපවාස නළුවා ඒ වෙන විටත් ස්නානය කර ගෙන තිබූ නිසාවෙන් එමගින් සිදු වූ ක්ෂණික බලපෑම කෙබඳු වීදැයි කිව නොහැක. එහෙත්, එමගින් එක් දහස් එක් වෙනි වරටත් මේ ළමාරාක්ෂසයින් ප්‍රසිද්ධියේ පෙන්වා දුන්නේ ළමයින් යනු තම තමන්ගේ ඇජෙන්ඩා ගොඩ දමා ගැනීමට විකුණා ගත හැකි කදිම වෙළඳ බඩුවක් බවය.

නාට්‍යයේ එසේ සිදු වන අතර තුර, එකී අවස්ථාවේ සේයාරූ පුවත් පත් වල පළ කොට තිබුණු අතර, අපට එයින් එක් සේයාරුවක් යට තිබී ගාමිණී නම් පුවක්පක්කලිවේඩියෙක් ලියූ හද කම්පා වෙන කවියක් හමු විණ. එකී පුවක්පත කියවන රීඩර්ස්ලා මෝහිනීගේ ළමයා ගැනීමටවත් නොනවතින සුධීමතුන් නිසා ඔවුන්ට නම් මේ කවියෙන් බලපෑමක් සිදු නොවන්නට ඇත. එහෙත් අපිට නම් ඉතිං එසැණම අර අහිංසක ළමයා ගැන දුකකුත්, නළු පියා ගැන බාග සිනහවකුත්, කවිකාර පුවක්පක්කලිවේඩියා ගැන පූර්ණ පරිමාණ සිනහා සංකීර්ණයකුත් ඇති විය. මේ ගං ගෝමිණීලා නොදන්නා දෙය නම් තමන් දේශප්‍රේමී වර්චස් ගොඩක තම තමන්ගේ අනාගත නිල මැහි ආත්ම වල කීට අවස්ථාව ගත කරමින් සිටිනවාය යන්නයි.

ඡන්ද කාල වල ළමයින් ඔක්කේ ගසා ගෙන ෆොටෝ ෂූට් කරනා මේ සජ්ජනටාපුට්‍රයෝ වනාහී ස්වකීය ශ්‍රී මුඛ විවර වන වාරයක් පාසා සහතික වන්නේ ළමයින්ට හොඳම දේ දෙන බවය. එක්කෝ මුන් ළමයි යනුවෙන් අදහස් කරන්නෙ උන්ගේම ළමයින් ය. නොඑසේනම් උන්ගේ ළමයින්ට හොඳම දේ ලැබී අපේ හිඟන පැටවුන්ට ගඳම දේ ලැබෙන්නේ කෙසේද?

ලංකාවේ ළමාරක්ෂණය මොන විදිහේ සිඟාලෝවාදමක් ද යත්, අම්මලා අප්පලා දරුවන් ගැන වද වීම ඇරඹෙන්නේ, ''වෙන මඟුලක් වුනාවේ. දරුවෙක් නැතුව කොහොමදැයි'' මතු එළඹෙන ඉරණමට හිත හදාගෙන ''අහවල් වැඩේ'' කොරන මොහොතේ පටන්ම ය. ඇත්ත වශයෙන්ම ළමයෙක් හැදීමේ ''වරදට'' දඩුවම් ලෙස නැපියේ සිට පවුඩර් මල දක්වා වූ ''අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය'' සැපයීමෙන්, නා නා ප්‍රකාර සන්නම් නාමධාරී කොම්පැනි විසින් දෙමවුපියන්ගේ කිරි පල්ලේ ඇති අන්තිම සත බාගය දක්වා පික් පොකට් ගසනු ලැබෙයි. අන්තිමේදී කෙමෙන් කෙමෙන් ලොකු වන ළමයාට හමු වන්නේ කොලෝන්ග් ඇඩ් වල ඉන්නා අයස්කාන්ත ඒන්ජල් අම්මා නොව, දහක් මකර මළපුඩු අස්සේ ළමයා ලොකු කරගන්නට දහ දුක් වින්ඳ කවුදෝ කැත ගැහැණියකි. අප්පා ලෙස දරුවාට දකින්නට ලැබෙන්නේ ළමයා වෙනුවෙන් මුදල් ඉපයීමට ගොස් තරඟයෙන් හති වැටී ලොං හැලුණු දත් මිටි කෑම සහ හැම රෑකම ආණ්ඩුවල වෙළෙඳ ඇමතිලාගේ මෑණි වරුන්ට සුබ පතමින් නිදිවර්ජිත දීර්ඝ රාත්‍රීන් ගත කිරීමෙන් හටගත් දයානන්දාතතියෙන් පොළවට බර වුණු මොකද්දෝ මන්දා ''දෙයකි''!

නොතේරෙන ගොංම ගොං යකෙකුටත් තේරෙන විදිහට කියනවා නම්, මෙකී ජීවිත වනාහී, ඉනිමං නැති නයි පමණක්ම සිටිනා ''නයා බෝඩ්'' එකකි. ළමයාත් වඩා ගෙන නයා බෝඩ් එකේ උඩටම යන අම්මලා තාත්තලාට මහා පතරංග ඇනකොණ්ඩා සෙට් වෙන්නේ ළමයා පාසැලට දාන්නට නියමිත කොටුවේදීය. නිදහස් අධ්‍යාපනයැයි ලේබල් කළ සොඳුරු දැවටුමේ ඇති තිත්ත ටොපිය පවා මේ වන විට මිලක් සහිත බඩුවකි. එකී බඩුව හිමි කර ගැනීමට අම්මෙකු අප්පෙකු කැඩිය යුතු සිල් පද ගණන, ගැහිය යුතු දහං ගැට ගණන සහ හෙළිය යුතු දහඩිය කන්ද කෙතරම්ද?

''ළමයා'' යනු මේ මජර පාරිභෝජනවාදී වෙළඳ ක්‍රමය තුළ ලෙහෙසියෙන්ම ප්‍රවේශ වී බඩුව ඇඟේ ගැහිය හැකි පාරිභෝගික කලාපයයි. වෙළඳ ප්‍රචාරක තක්කඩි, මෙම කලාපයට එළඹුනු පසු අල්ලා මිරිකන්නේ අම්මෙකු අප්පෙකු තුළ ඇති නිසග දරු සෙනෙහසේ බොටුවයි. ඇතැම් කිරිපිටි කොම්පැනිකාරයන් යොදන ප්‍රවර්ධන උපක්‍රම දකින විට අපට හිතෙන්නේ, මුන් හැකිනම් අම්මලාගෙ තන්වල තිබියදීම මවුකිරි වලටත් මිලක් නියම කොට තන් දෙක කඩාගෙන පැකට් කොට විකුණන්නට ඉඩ ඇති බවයි. මන්ද, තවමත් මෙලෝ කුස නො විකිණී බේරුණු එකම දෙය මවුකිරිම පමණක් වන බැවිනි.

වන් ප්ලස් වහු කිරි විකුණන සමාගමක් සහ ස්වාධීන යන වචනය රේප් කොට ඈවර කළ නාලිකාව එක් වී මේ දිනවල හලී තෝක් මාකටිං කැම්පේන් එකක් කරති. එනම්, ළමයින්ගේ දෙවන උපන්දිනය දා උන්ගේ ගෙවල් වලට පැන උපන්දින උත්සවය අහවල් වහුකිරි අනුග්‍රහයෙන් පැවැත්වීමයි. වහුකිරි සන්නමේ ගුණ වනන විශාල පසුතලයක් ළඟ බර්ත් ඩේ බේබි වහුකිරි ලොගෝව යොදා හැදූ කේක් ගෙඩියක් කපයි. බර්ත් ඩේ බේබි සහ යාලු බේබිලා සියළු දෙනා වහුකිරි ලොගෝව සහිත බර්ත් ඩේ තොප්පි පැළඳ සිටිති. ඉන් පසු නාලිකාවේ ගිරවිය අම්මා සහ අප්පාගේ වොයිස් කට් ගනී. අම්මා අප්පා මොනවා කියන්නද? උන්ට කියවෙන්නේ අනේ මේ අගනා අවස්ථාවට අප ඇද දැමූ වහුකුණු කොම්පැණිය දිනේවා යනුයි. ඇත්තටම කිවයුතු, අපේ ඉස්ම බේරනකල් අපිව හප කෙරුව තොපිට හෙණ ගහපිය කියන වාක්කිය කිසිම දෙමවුපියෙකු කියන්නේ නැත. කිරි පැකට් එකේ ප්‍රයිස් ලේබල් එකේ හැංගී දෛනික ජීවිතයේ අපේ ගෙල හපන්නේ ද මේ කකුළුවාම බව දැන දැනම මේ අසරණයෝ ඕනෑම ''තොප්පිය''ක් දැමීමට හිස් පහත් කරන්නෝ වෙති. දවල්ට වහුකිරි බොන්නැයි කොම්පැනි සමග ප්‍රේමාරාධනා කරන මේ නාලිකා මිගෙල්ලා, රෑ වෙන විට ''අපේ ගම''ට සෙට් වී පිටි පැකට් පිටු දකිමින් එළකිරෙන් රට ඉතිරේවායි තප්පුලන ජේ.ආර්.පී. ඩැනියෙල්ලාගේ ලොරි කතා විකාශනය කරති.

ළමයින්ට අනික් පොත පෙරලන්නෝ නම් පොත් අච්චු ගහන්නෝ ය. ළමා පත්තර අච්චු ගහන්නෝ ය. ළමා පත්තර යනු අම්බ ප්‍රොෆිට් බිස්නස් එකක් බව පත්තර ලෑල්ල බැලූ විට එහි ඇති නා නා ප්‍රකාර සිඟිති බිඟිති චූටි බූටි හප්පා හපං පත්තර වර්ග කන්දරාවෙන් තේරේ. මේවායින් බොහොමයක් ළමා අධ්‍යාපනය ගැන බිංදු මාත්‍ර දැනුමක් නැති පාදඩ වෙළෙන්දන්ගේ වැඩය. පොත් වල තත්ත්වය ද එයමය. මේ බොහෝ පොත් වල අවම වශයෙන් පළමු සෝදු පත් බැලීමවත් කර නැති බව සිතෙන්නේ එපමණකටම ඒවායේ දොස් ඇති බැවිනි. ඇතැම් කතන්දර පොත් ළමයින්ට තියා වැඩිහිටියන්ටවත් නුසුදුසු තරම් බියකරුය. මේවා ළමා අපචාරය! ළමයා අම්මා සමග බේසමට බැස්සවූ සිනමාකරුවා කුරුසියේ තබා ඇණ ගැහූ මේ රටේ වෙන්ඩ බුද්ධලා, මේවා ගැන ඒ හැටි වද නොවන්නේ මේවා මගින් ළමයාට කෙළවීම උන්ගේ ප්‍රශ්ණයක් නොව අපේ ප්‍රශ්ණයක් බැවිනි.

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ, මේ රට, කාටූන් බලන්නට ආසාවෙන් රූපවාහිනිය ළඟ ඉඳ ගන්නා අහිංසක හිත් ඇති දරුවන්ට කාටූන් සමග ඇඩ් පෙන්වන පොන්න රටක් බවය. අඩුම ගානේ ළමයින්ට (වැඩිහිටියෝ අත අරිමු!) දෙන දේ ''පිරිසිදු'' විය යුතු බවවත් වටහා නොගන්නා තාක් කල් අපි මොන මගුල ගැන මොන විදග්ධ සංවාද කළත් ලැබෙන ඇටිකෙහෙලක් නැත.

මේක මගෙ නිර්මාණයක් නම් නෙමේයි. මම ගත්තේ මේතනින් Click

Last edited:

anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
me ka nikanma nikan desapalana vairayak vitharai . ළමයින් විකුණාගෙන කන කාලකන්ණින්ගේ දේශය kiyala liyala thiyenne lamai gananeme neda?
1 දෙදහස් පන්සීයක් වෙනුවට මාරාන්තික උපවාසය
2 ඡන්ද කාල වල ළමයින් ඔක්කේ ගසා ගෙන ෆොටෝ ෂූට් කරනා මේ සජ්ජනටාපුට්‍රයෝ
3 පිටි පැකට් පිටු දකිමින් එළකිරෙන් රට ඉතිරේවායි තප්පුලන ජේ.ආර්.පී. ඩැනියෙල්ලාගේ ලොරි කතා විකාශනය

vage vadakara thiyen deval neme . ළමයින් gana ktha karanavanam ළමයින් gana kiyanna.nathuva vena vena deval kiuvama venne oya oya paya ganak liyapu deyen vadak nathivimai
mathaka thiya ganna lanka ve lamai mulu lokenma hoyaganna bari tharam hodaikiyala.
1 lankave lama vivaha novei-indiyave vei
2 demapiyanta garu karai - lokayenma athugaaavi atha
3 nidahas addayapanayak atha- loketama ekai
oya vage devalin lankava ediriyen ennava .desapalane gana kiyanavanamliyanda aththe oya hama dama paradina pakshayaka sita mole kuruval vi athi bavai. oyage nayakayata lamai penda bari unata api monava karandaa? ekata eminihata lamai enda epaaaayaaa Ganiyek hitiyata lamai nathi p........ nayakaya kara gaththama oya vage viparitha adahas athivenava. Duka thama .
anika මාරාන්තික උපවාසය kare rata venuven eka therum ganda oyata bari oya epaduna ratata කාලකන්ණින්ගේ දේශය kiyala nama danda oyata hithunu ekata . oyata therune nathi unata oyath කාලකන්ණින්නියෙක් kisi vadakata nathi. epadunu ratata කාලකන්ණින්ගේ දේශය kiyala nama danda hithena ekenma oyage කාලකන්ණින්නි kama therenava

යකේ ඉපදුනු රටටයි - හැදු මවටයි ගරහන එකා තමයි නියම කාලකන්ණින්නියා.......................

ekiyanne uba vave eun
 
Jul 16, 2010
25
1
0
Colombo
දියුනු කරන්න කියල අධ්‍යාපනයත් විකුනගෙන කන්න උත්සාහකරන සෙට්එකක් මෙ...... අම්මයි තාත්තයි විකුනල ගෙදර දියුනුකරන්න හදන මිනිස්සු
 
යාලුවා post එක දිහා හොදට බලන්න. ඔයාගේ අදහසට මමත් එකගයි. මේ අදහස මගෙ නෙවේයි වෙන තෑනකින් ගත්ත ලිපියක්. ඉතින් මට චෝදනා කරන එක සාදාරණද ? :confused::confused::confused:
 
smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඇත්ත ඒ විදිහටම ලියල තියෙනවා

    දවල්ට වහුකිරි බොන්නැයි කොම්පැනි සමග ප්‍රේමාරාධනා කරන මේ නාලිකා මිගෙල්ලා, රෑ වෙන විට ''අපේ ගම''ට සෙට් වී පිටි පැකට් පිටු දකිමින් එළකිරෙන් රට ඉතිරේවායි තප්පුලන ජේ.ආර්.පී. ඩැනියෙල්ලාගේ ලොරි කතා විකාශනය කරති

    මේ ටික නම් සහතික ඇත්ත මේ වැඩේ දකිද්දි නම් මගේ ඇගෙත් මාලු නටනවා මුන් එළ කිරි ප්‍රවර්ධනය කරන්න කිරි පිටි මිල වැඩි කරාලු අරහෙ ජේ ආර් පී පප්පා ගිරිය කඩන් වැස්සිට අරින්න හදනවා පැටියෙක් අරන් කිරි ගන්න ඒ අස්සෙ මුන්ට ප්‍රවෘත්ති පෙන්නන්නත් පිටි කිරි ඇඩ් එකක් නැතුව බෑ
    මේ නාටකයේ පිටපත ලියන ආඩම්බර කාර තාත්තයි ගෝලයො රොත්තයි නම් තිර රචනයේ මළ පොතේ අකුරක්වත් දන්නෙ නෑ
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ඇත්ත ඒ විදිහටම ලියල තියෙනවා

    මේ ටික නම් සහතික ඇත්ත මේ වැඩේ දකිද්දි නම් මගේ ඇගෙත් මාලු නටනවා මුන් එළ කිරි ප්‍රවර්ධනය කරන්න කිරි පිටි මිල වැඩි කරාලු අරහෙ ජේ ආර් පී පප්පා ගිරිය කඩන් වැස්සිට අරින්න හදනවා පැටියෙක් අරන් කිරි ගන්න ඒ අස්සෙ මුන්ට ප්‍රවෘත්ති පෙන්නන්නත් පිටි කිරි ඇඩ් එකක් නැතුව බෑ
    මේ නාටකයේ පිටපත ලියන ආඩම්බර කාර තාත්තයි ගෝලයො රොත්තයි නම් තිර රචනයේ මළ පොතේ අකුරක්වත් දන්නෙ නෑ

    :yes: :yes: :yes:
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    මේක මගෙ නිර්මාණයක් නම් නෙමේයි. මම ගත්තේ මේතනින් Click dakke nathoooooooooooooo udinma dan thibbane. kohomath liyapu eka ta oaya mama liyapu post eka galapenava
    sorryyyyyyyyyyyyyyyyyyyyyyyyyyy
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ළමයින් විකුණාගෙන කන කාලකන්ණින්ගේ දේශය ????????

    උඩ බලාගන කෙල ගහන්න එපා මිනිහෝ

    මෙක උබෙ රට නොවෙයිද? එහෙම බැලුවොත් උබත්
    ළමයින් විකුණාගෙන කන කාලකන්ණියෙක්
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ළමයින් විකුණාගෙන කන කාලකන්ණින්ගේ දේශය ????????

    උඩ බලාගන කෙල ගහන්න එපා මිනිහෝ

    මෙක උබෙ රට නොවෙයිද? එහෙම බැලුවොත් උබත්
    ළමයින් විකුණාගෙන කන කාලකන්ණියෙක්

    හෝව් හෝව් යාලුව පොඩ්ඩක් පරිස්සමින් කතාකරන්න මේක මගෙ එකක් නෙමේයි. Comment එකක් දනකොට පොඩ්ඩක් හොදට කියවල බලලා දන්න. :confused::confused: