ළහිරු ගේ ක්‍රිකට් ගීතය ගැන ගීත රචක අදහස් මෙන්න
රස්තියාදුකාර භාෂාවක්
සමුද්‍ර වෙත්තසිංහ
මහා ග්‍රාම්‍ය අව්‍යක්ත ප්රකාශනයක් විදිහටයි මම මේ ගීතය දකින්නේ. ක්‍රිකට් නිල ජයඝෝෂා ගීතය නම් එය කිසියම් ජාතික මට්ටමකින් පිළිගත් මුළු රටටම එක හා සමව පිළිගත හැකි ගීතයක් විය යුතුයි. ගීතමය භාෂාව පිළිබඳවවත් මූලික අවබෝධයක් නොමැතිව මේ ගීතය රචනා කර ඇති බවයි මට පෙනෙන්නේ.
මේ ගීතයේ යොදා ඇති ඇතැම් පද මෙබඳු නිල ජයඝෝෂා ගීතයක් සඳහා සුදුසු වෙනවා ද යන්න විමර්ශනයට ලක්කළ යුතුයි. අපිට සුලභව අහන්න ලැබෙන නොගැඹුරු රස්තියාදුකාර භාෂා විලාසයක් මේ ගීතයේ අන්තර්ගතයි. ඇත්තටම ගීතයකට අවශ්‍ය භාෂාත්මක සාධනීයතාව මේ වචන තුළ නැහැ. ක්‍රිකට් කිරුළ දිනා ගැනීමට ජනතාව තුළ ජාතික හැඟීමක් ඇතිවන ශක්තියක් මේ වචන මාලාව තුළ මම නම් දකින්නේ නැහැ.
----------------------------------------------------------------------
පද රචනය දැකලා මට ලැජ්ජා හිතුණා
නිලාර් එන්. කාසිම්
මම තවම මේ ගීතය ඇහුවෙ නැහැ. නමුත් මේ ගීතයේ පද රචනය පුවත්පතකින් දැක්කා. ඇත්තටම ඒ ගීතයේ පද රචනය දැක්කහම මට ලැජ්ජා හිතුණා. මම දන්නෙ නැහැ මේ ගීතය කවුද ලිව්වේ කියලා.
නමුත් මෙය රටක ජාතික ක්‍රිකට් පිල නියෝජනය කරමින් ජාතික වශයෙන් එළිදැක්වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ජයඝෝෂා ගීතය. ඇත්තටම මෙවැනි ගීතයකින් අපි කතා කළ යුත්තේ රටේ අභිමානය ගැනයි. සුනිල් ශාන්තගේ සිට එච්. ආර්. ජෝතිපාල දක්වා. අපි අහල තියෙන්නේ ඔවුන් රටේ අභිමානය විදහා පාමින් ගැයු ගීතයි.
මේ ගීතයේ එවන් අභිමානයක්, ජාතිකත්වයක් අංශු මාත්රයකින්වත් පේන්න නැහැ. මෙහි දකින්නට තිබෙන්නේ වෙන රටවල්වලට ජාතීන්ට කරපු පහත් පෙළේ අපහාසයක් පමණයි. ජාතික ක්‍රිකට් ගීතයක උසස් මට්ටමේ පදමාලාවක් තිබෙන්න ඕන. මට හරිම පුදුමයි මේ වගේ ගීතයක් මේ අයුරින් නිල ජයඝෝෂා ගීතයක් ලෙස යොදා ගත්තේ ඇයි කියලා.
------------------------------------------------------------------------
අවබෝධයක් නැතිව ලියපු ගීයක්
බුද්ධදාස ගලප්පත්ති
මම මේ සින්දුව ඇහුවෙ නැහැ. ඇත්තටම මට මේ සින්දුව අහන්නවත් දකින්නවත් ඕන නැහැ. මොකද මේ ගැන පත්තරවල පළවෙලා තිබුණු දේ මම කියෙව්වා. ඒ වගේම මේ සින්දුව රචනා කරපු කෙනා කියපු දේත් පත්තරවල මම දැක්කා. මට ඒක කියවන විට තේරුණේ එයා මහා උජාරුවට මහා ලොකු සින්දුවක් කළා වගේ කතා කරල තියෙන බවයි.
ඇත්තටම මගේ පෞද්ගලික අදහස තමයි මේ සින්දුව අපේ ක්‍රිකට් කණ්ඩායමට හෝ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට හෝ මේ රටේ ජනතාවට අපේ රටේ ජයග්‍රහණය පිළිබඳව අබමල් රේණුවක තරම් හැඟීමක් ඇතිවන්නේ නැහැ මේ ගීතයෙන්. මේ ගීතයේ රචකයාට ක්‍රිකට් ක්‍රීඩාව ගැන කිසිම අවබෝධයක් නැති බව පේනවා. අනෙක ඔහු මේ ගීතයට යොදාගෙන ඇති වචන එකක්වත් ගැළපීමක් නැහැ.
‘වඩේ බදින්න එන්න, චට්නි හදන්න එන්න’ මේ ගීතය ලියපු කෙනාට ඔළුවෙ අමාරුවක් තියෙනවද දන්නෙ නැහැ. ඇත්තම කියනවානම් ක්‍රිකට් පටලවාගෙන තමයි මේ ගීතය රචනා කර තිබෙන්නේ. මෙය කොටින්ම කියනවානම් රජයේ මුදල් විනාශ කිරීමක් විතරයි. මෙය අන්තිම බාල අවර ගණයේ නිර්මාණයක් විදිහටයි මට පෙනෙන්නේ.
--------------------------------------------------------------------------
අනිත් රටවල් හෙළා දැකලා
කැළුම් ශ්‍රීමාල්
පෞද්ගලිකව මම මේ ගීතයට කැමැති නැහැ. එයට හේතු කීපයක් තිබෙනවා. ක්‍රිකට් කියන්නේ සාමූහිකව සිදුකරන ක්‍රීඩාවක්. කාටවත් ගහල කරන දෙයක් නෙමෙයි ක්‍රිකට් කියන්නේ. අපි දිනන්නේ අපේ හැකියාවෙන්. අපේ රටට පිටරටවල් 9 ක් ලෝක කුසලානයට තරග වදින්න එනවා. ඒ රටවල් හෙළා දැකලා තමයි මේ සින්දුව රචනා වෙලා තියෙන්නේ. මේ ගීතයේ අන්තර්ගතයේ ඇති දෙයක් නැහැ.
මේ ගීතය ඇත්තටම අනෙක් රටවල් පහත් කොට සැලකීමක්. පරුෂ වචනවලට බෙහෙවින් සමාන වචන මාලාවක් මෙයට යොදාගෙන තිබෙන බව පෙනෙනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ජාතික ආයතනයක් මෙවැනි අවර ගණයේ ගීතයකට අනුග්‍රහය දක්වපු එක ගැන සදාචාරාත්මක ප්‍රශ්නයක් තිබෙනවා. ඇත්තටම මෙවැනි ගීත හැදෙන රටක ගීත රචකයෙක් විදිහට කටයුතු කරන්න සිදුවීම තුළ මට මං ගැනම දුක හිතෙනවා.

හොඳත් නෑ නරකත් නෑ
සමන් චන්ද්‍රනාත් වීරසිංහ
මම මේ ගීතය හොඳයි කියන්නෙත් නැහැ නරකයි කියන්නෙත් නැහැ. ක්‍රිකට්වල රැඳුණු උද්වේගය සමඟ බද්ධ වූ ඒ ගැන හිතල ලියු පදමාලාවක් ලෙසයි මේ ගීතයේ පද මාලාව මම දකින්නේ. ඇත්තටම මේ තුළින් අපට සම්භාව්‍ය සාහිත්‍යමය ගීතයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය, ක්‍රීඩා ලෝලීන්ට ඔල්වරසන් දීමට පෙලඹවීමක් ඇතිකරන ක්‍රිකට් සංස්කෘතියක් එක්ක බැඳුණු වචන රටාවක් මත මෙය නිර්මාණ වෙලා තිබෙන බව මා දකිනවා.
-----------------------------------------------------------------------
මට නම් රසයක් විඳින්න පුළුවන්
ආචාර්ය අජන්තා රණසිංහ
මේ ගීතය විනෝදාත්මක ගීතයක් ලෙස හඳුන්වන්න මම කැමැතියි. නමුත් මෙහි ප්‍රතිවාදීන් අවඥාවට ලක්කරලා තිබෙනවා. එයට නම් මම කිසිසේත්ම කැමැති නැහැ.
මේ ගීතය අහන්න මම පි‍්‍රයයි. ගීත විවිධ ලෙස වර්ග කරන්න පුළුවන්. පේ‍්‍රම ගීත, භක්ති ගීත ආදි ලෙස. මේ ගීතය විනෝදාත්මක ගීතයක්. මෙය තුළින් අපි සාහිත්‍යමය සම්භාව්‍ය ගීතයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
අනෙක මේ ගීතය නිල වශයෙන් පිළිගත යුතු ගීතයකුත් නොවෙයි. ශ්‍රී ලාංකේය ජාතිය හැම විටම තමා ඉදිරියේ සිටින අනෙක් ජාතීන් දෙස අවඥාසහගතව බලන ජාතියක් නොවෙයි. තමන් දිනුවත් පැරදුණත් විරුද්ධ පැත්තට අතට අත දීම ශ්‍රී ලාංකිකයන්ගේ විශිෂ්ට ගුණයක්. විරුද්ධවාදීන් මේ ගීතය අවතක්සේරුවට අවඥාවට ලක්කිරීම සදාචාරාත්මක නැහැ. නමුත් මේ ගීතයෙන් යම් රසයක් විඳින්න පුළුවන් කියා මම හිතනවා.