dan oya mas ehema dena eka awul nathda... ithin ban ehenam umbala boruwata ne samantha badra hamudruwanta baninne.. pora kukul mas kala ful fun eke inna ekata umbalata jealous
බුදුදහමට අනුව මස් මාංශ දානයට දෙන එකේ ප්‍රශ්නයක් නැහැ. මස් මාංශ කඩෙන් අරන් කෑවත් ප්‍රශ්නයක් නැහැ. එකනොමික් තියරියක් අනුව බෞද්ධ කර්මය තීරණය වෙන්නේ නැහැ. බෞද්ධ කර්මය තීරණය වෙන්නේ "චේතනාව" මත.
හැබැයි ඒක දඩමීමා කරගෙන මස්මාංශම දෙන්න කියලා මස් නොකන අයටත් මස් කන්න කියලා පොළඹවන, රුකුල් දෙන තැනක බෞද්ධයන් ඉන්න අවශ්‍ය නැහැ. ඉහත දානයේ ඒ අය දීලා තියෙන්නේ ඒ අයට ප්‍රණීතයි සුදුසුයි කියලා හිතන ආහාර. සමාජයේ සත්ව ඝාතනය නවතිනවානම් ඒක යහපත් කියන තැන තමා බෞද්ධයා සිටිය යුත්තේ. ග්‍රීන්තන්ඩර් මස් මාලු කන කෙනෙක්. තව කවුරුහරි මස් මාලු, සත්වයන්ට "අභයදානය දීම පිණිස" නොකා ඉන්නවා කිව්වොත් ඒ චේතනාව බොහොම යහපත් එකක්ය, ඒ පුද්ගලයා ග්‍රීන්තන්ඩර්ට වඩා "ඒ කාරණයෙන්", සත්වයන්ට දයාව කරුණාව දැක්වීමෙන් උසස් බවත් ග්‍රීන්තන්ඩර් පිලිගන්න ඕනෙ.
ඇයි බං චෛත්‍යවලට පිලිම වලට කෑම පූජා කරන්නේ. ඔන්න හාමුදුරුවරුන්ට පූජා කළා නම් බඩහරි පුරවා ගනියි. පිරිණිවන් පෑව බුදුහාමුදුරුවන්ට කොහෙමද අපි කෑම පූජා කරන්නේ?
මේ සිදුවීම ගැනම කියන්න මට අපහසුයි නමුත් දානයක බොහොම සුලු කොටසක් තමා ඔය. ඒ කියන්නේ
හාල් කිලෝ 10ක බත් හැදුවොත් ඒ කිලෝ දහයම බුද්ධ පූජාවට තියන්නෙ නැහැනෙ. බත් හැඳි හතර පහක් තමා බුද්ධ පූජාවට තියන්නෙ. අනෙක් දේවලුත් එහෙම තමා. ඉතිරි කොටස පිළිවෙලින් සංඝයා වහන්සේලාට, ආරණ්‍යයේ වැඩට ඉන්න අයට, දානකටයුතු වලට සහභාගීවෙන අයට, අහලපහල ඉන්න අයට, අවට එක්රැස්වෙන දුගීමගී යාචකයන්ට සහ අවසාන ඉතිරිය සහ ඉඳුල් සත්තුන්ට දීලා දානවා. සාමාන්‍යයෙන් එහෙමයි බෞද්ධ දානය හැඩගැහිල තියෙන්නෙ.