ෆයිස්ටා දානයක් දුන්නා බන්

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඕක දුන්න එකා ඕකේ වියදම හොයා ගත්තේ සාදාරණ විදිහට නම් මට කිසිම අවුලක් නෑ... උගේ සල්ලි වලට ඌ කැමති දෙයක් කරපු දෙන්... අනිත් උන් බඩගින්නේ ඉන්නේ එක හින්දා සල්ලි තියන එකා විශ්වාස කරන අදහන ආස කරන දේවල් නොකර ඉන්න ඕන නෑනේ...
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,027
    113
    බුදුදහමට අනුව මස් මාංශ දානයට දෙන එකේ ප්‍රශ්නයක් නැහැ. මස් මාංශ කඩෙන් අරන් කෑවත් ප්‍රශ්නයක් නැහැ. එකනොමික් තියරියක් අනුව බෞද්ධ කර්මය තීරණය වෙන්නේ නැහැ. බෞද්ධ කර්මය තීරණය වෙන්නේ "චේතනාව" මත.

    හැබැයි ඒක දඩමීමා කරගෙන මස්මාංශම දෙන්න කියලා මස් නොකන අයටත් මස් කන්න කියලා පොළඹවන, රුකුල් දෙන තැනක බෞද්ධයන් ඉන්න අවශ්‍ය නැහැ. ඉහත දානයේ ඒ අය දීලා තියෙන්නේ ඒ අයට ප්‍රණීතයි සුදුසුයි කියලා හිතන ආහාර. සමාජයේ සත්ව ඝාතනය නවතිනවානම් ඒක යහපත් කියන තැන තමා බෞද්ධයා සිටිය යුත්තේ. ග්‍රීන්තන්ඩර් මස් මාලු කන කෙනෙක්. තව කවුරුහරි මස් මාලු, සත්වයන්ට "අභයදානය දීම පිණිස" නොකා ඉන්නවා කිව්වොත් ඒ චේතනාව බොහොම යහපත් එකක්ය, ඒ පුද්ගලයා ග්‍රීන්තන්ඩර්ට වඩා "ඒ කාරණයෙන්", සත්වයන්ට දයාව කරුණාව දැක්වීමෙන් උසස් බවත් ග්‍රීන්තන්ඩර් පිලිගන්න ඕනෙ.

    මේ සිදුවීම ගැනම කියන්න මට අපහසුයි නමුත් දානයක බොහොම සුලු කොටසක් තමා ඔය. ඒ කියන්නේ හාල් කිලෝ 10ක බත් හැදුවොත් ඒ කිලෝ දහයම බුද්ධ පූජාවට තියන්නෙ නැහැනෙ. බත් හැඳි හතර පහක් තමා බුද්ධ පූජාවට තියන්නෙ. අනෙක් දේවලුත් එහෙම තමා. ඉතිරි කොටස පිළිවෙලින් සංඝයා වහන්සේලාට, ආරණ්‍යයේ වැඩට ඉන්න අයට, දානකටයුතු වලට සහභාගීවෙන අයට, අහලපහල ඉන්න අයට, අවට එක්රැස්වෙන දුගීමගී යාචකයන්ට සහ අවසාන ඉතිරිය සහ ඉඳුල් සත්තුන්ට දීලා දානවා. සාමාන්‍යයෙන් එහෙමයි බෞද්ධ දානය හැඩගැහිල තියෙන්නෙ.
    Thank you danne nathi deyak kiyala dunnata
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    මම කියන්නේ බන් අපිට පුලුවන් නම් මැටි වලින් හදපු පිලිමක් තියාගෙන මේ ආහාර ජීවමාන බුදුන්ට පූජ කරනවා වගේ හිතෙන් හිතාගෙන පුජාකර්න්න,

    අපිට ඒ දෙන කෑම වෙනුවට මැටි ගුලි ටිකක් තියල , මේ තියෙන්නේ කෑම කියලා හිතෙන් හිතාගෙන පුජ කරන්නත් පුලුවන් වෙන්න ඕනේ. එහෙම බැරිද ?
    පුළුවන් නේ උබ කරොත් කව්රුවත් එපා කියන එකක් නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    එතකොට අර දානයෙන් ලැබෙන ආනිසංස ම ලැබෙනවා ද ?
    ඒක නං දන්නේ නෑ.

    එතකොට අර දානයෙන් ලැබෙන ආනිසංස ම ලැබෙනවා ද ?
    මෙහෙම සීන් එකක් තියෙනවා උබ ඒ දේ කරන්නේ ඇත්තටම පුජාවක් විදියට නං ඒක උබ එකතු වෙයි කුසල් විදියට
    ------ Post added on Jul 7, 2023 at 6:51 PM
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    ඒක නං දන්නේ නෑ.
    පිළිමේ ඇත්ත උනේ නැති උනාට නම් ආනිසංස ජීවමාන බුදුන්ට දුන්න වගේමලු...
    කෑමත් ඇත්ත නොවුන කියලා වෙනසක් වෙන්න විදියක් නෑ නේ එහෙනම්.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    මේවා දකිද්දී උඹලට හිතෙන්නේ නැද්ද බුද්ධාගමට වැඩේ දෙන්න යන්නේ කියලා. මට පේන්නේ ලොකු Plan එකක් ක්‍රියාත්මක වෙනවා බන් යටින්. එදා ඉඳලා ලංකාවේ බෞද්ධාගම මුල් කරගෙන හිටපු නිසා සිංහල මිනිස්සු අතරේ පට්ට එකමුතුකමක් තිබුනා . මොන රෙද්දක් කරත් රටේ මොකක් හරි දෙයක් උනාම ඉස්සරවෙලාම එකතු උනේ පන්සලට. ඒ කාලේ ඉඳලා හාමුදුරුවෝ මුල් වෙලා ඒ එකමුතුකම ඇති කරා.
    දැන් ඒක දඩමීමා කරගෙන පිට ඉඳලා ගේම දෙන්න බැරී නිසා සුමංගලලා, නානසාරලා වගේ හාමුදුරුවෝ සෙට් එකක් කලින්ම බස්සන්න ඇත්තේ දීර්ඝ්හ කාලීන Plan එකක ප්‍රථිඵලයක් නිසා වෙන්න ඇති. ආගම දහම රකිනවා කියලා මිනිස්සුන්ගේ ඔළු වලට අදහස් දාපුවාම නිකන්ම අපේ මිනිස්සු රැවටෙනවා. මේක සුපිරි Master Brain Plan එකක් කියලයි මට නම් හිතෙන්නේ බන්. මේ දේශපාලකයොන්ට කඩේ යන ඝණයෝ සෙට් එක ඒ ප්ලෑන් එකේ ඉත්තෝ සෙට් එක වෙන්න ඕන. මේ අව්රුදු කීපයට වෙච්ච සිදුවීම් බලපුවාම මට එහෙම හිතෙනවා

    සිංහලයන්ගේ කොඳු නාරටිය පන්සල. එතනට වැඩේ දුන්නාම අනික් ඒවා ලේසී.
    මේක තමයි ඇත්තටම වෙන්නේ. අපිට වෙන්න මොකක්ද වෙන්නේ කියලා බලන් ඉන්න විතරයි වගේ :baffled:
     
    ඔය වගේ ඇජෙන්ඩා නැත්තේම නෑ...

    හැබැයි මචං මෙතන ඇත්තම ප්‍රශ්නයක් තියනවා කියලා හිතෙන්නේ නැද්ද??? විශේෂයෙන්ම සිල්වත් නොවන මහනුන් සෙට් එකක් හා ඒ මහනුන් කරන නීති විරෝධී වැඩ පවා සාදරනීකරනය කරන ගිහියො සෙට් එකක් ඉන්න එක... ළමයි මහන කරන එක වගේ ගත්තාම ලොකු ප්‍රශ්න එන්න පුලුවන් දෙයක් කියල පිලි ගන්න ඕන නේද... එක පිළිගත්තොත් අඩුම ඒ ප්‍රශ්න ඇති නොවෙන විදිහට මොනා හරි අරක්ශාකාරී ක්‍රියාමර්ග ගන්න පුලුවන් නේද?? ඒ උනාට ඔය වගේ දෙයක් ගැනවත් සාදාරණව කතා කරල විසදුම් හොයන්න පුරුදු නෑ මිනිස්සුන්ට... (ළමා මහන කිරීම් ප්‍රශ්න වෙන්නේ පංසලේ විතරක් නෙවෙයි. අනිත් ආගම් වලත් ඔය ප්‍රශ්නේ තදින්ම තියනවා. ඒ උනාට ඒ ආගම් වල අනුගාමිකයොත් බෞද්ධයෝ වගේම තමයි. වැරැද්ද හන්ගන්න හදනවා ඇර හරි ගස්සන්න හදන්නේ නෑ)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    පිළිමේ ඇත්ත උනේ නැති උනාට නම් ආනිසංස ජීවමාන බුදුන්ට දුන්න වගේමලු...
    කෑමත් ඇත්ත නොවුන කියලා වෙනසක් වෙන්න විදියක් නෑ නේ එහෙනම්.
    දෙවනියට කිව්ව එක තමා කර්ම කොහොම ප්‍රමාණ වෙනවද කියල නන් නොදනී ඒත් මොනව හරි කර්මයක් නන් එකතු වෙයි. ඒක හොද දෙයක් වෙයි කියල විතරයි මට නන් කියන්න දැනුම තියෙන්නෙ.

    අනික ඕක සම්පූර්ණම පුද්ගලානුබද්ධ දෙයක්.වෙඩින් ගන්නව වගේ. පාටි දෙනව වගේම දෙයක් විතරයි. ඒව කරන කට්ටිය සතුට කියල ඒව කරනව මේව කරන කට්ටිය පින් වෙනුවෙන් ඒක කරනව. දෙකම අපිට මැනල පෙන්නන පුලුවන් දෙයක් නෙවෙයි.

    ඔය වගේ ඇජෙන්ඩා නැත්තේම නෑ...

    හැබැයි මචං මෙතන ඇත්තම ප්‍රශ්නයක් තියනවා කියලා හිතෙන්නේ නැද්ද??? විශේෂයෙන්ම සිල්වත් නොවන මහනුන් සෙට් එකක් හා ඒ මහනුන් කරන නීති විරෝධී වැඩ පවා සාදරනීකරනය කරන ගිහියො සෙට් එකක් ඉන්න එක... ළමයි මහන කරන එක වගේ ගත්තාම ලොකු ප්‍රශ්න එන්න පුලුවන් දෙයක් කියල පිලි ගන්න ඕන නේද... එක පිළිගත්තොත් අඩුම ඒ ප්‍රශ්න ඇති නොවෙන විදිහට මොනා හරි අරක්ශාකාරී ක්‍රියාමර්ග ගන්න පුලුවන් නේද?? ඒ උනාට ඔය වගේ දෙයක් ගැනවත් සාදාරණව කතා කරල විසදුම් හොයන්න පුරුදු නෑ මිනිස්සුන්ට... (ළමා මහන කිරීම් ප්‍රශ්න වෙන්නේ පංසලේ විතරක් නෙවෙයි. අනිත් ආගම් වලත් ඔය ප්‍රශ්නේ තදින්ම තියනවා. ඒ උනාට ඒ ආගම් වල අනුගාමිකයොත් බෞද්ධයෝ වගේම තමයි. වැරැද්ද හන්ගන්න හදනවා ඇර හරි ගස්සන්න හදන්නේ නෑ)
    ඔය කට්ටිය කියන තරන් ලේසියෙන් ලමයි මහන කරන්නෙ නෑ. අනික උපසම්පදාවට කලින් එක පාරකුත් ගිහි ඇදුම් අන්දනව නේද කැමති නන් අයින් වෙන්න කියල. උපසම්පදාවත් අවුරුදු 16ක් විතර වෙනකන් තියන්නෙ නෑනෙ. පිරිවෙන් වල උනත් වෙනසක් නැතුව ඔක්කොම උගන්නවනෙ ගි උනාට ගැටලුවක් නොවෙන්න. හරියට මොනිටර් කරන්නෙ නැති ප්‍රශ්නෙ විතරයි ඔතන තියෙන්නෙ.

    ------ Post added on Jul 7, 2023 at 7:11 PM
     
    • Like
    Reactions: NRTG

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔය කට්ටිය කියන තරන් ලේසියෙන් ලමයි මහන කරන්නෙ නෑ. අනික උපසම්පදාවට කලින් එක පාරකුත් ගිහි ඇදුම් අන්දනව නේද කැමති නන් අයින් වෙන්න කියල. උපසම්පදාවත් අවුරුදු 16ක් විතර වෙනකන් තියන්නෙ නෑනෙ. පිරිවෙන් වල උනත් වෙනසක් නැතුව ඔක්කොම උගන්නවනෙ ගි උනාට ගැටලුවක් නොවෙන්න. හරියට මොනිටර් කරන්නෙ නැති ප්‍රශ්නෙ විතරයි ඔතන තියෙන්නෙ.

    ------ Post added on Jul 7, 2023 at 7:11 PM
    බලෙන් මහන කරන එක ගැන නෙවෙයි මචං කියන්නේ... සරලවම අගමික සංස්තාව ඇතුලේ ළමා අපචාර වෙන එක ගැන කොලේ වහල ගැහිල්ලක් නෙවෙයිද වෙන්නේ... එහෙම දෙයක් වෙන්න සම්භාවීතවයක් තියනව කියන එක වත් පිලිගෙන ඒවා වල්ක්වන්න ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑනේ...
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    බලෙන් මහන කරන එක ගැන නෙවෙයි මචං කියන්නේ... සරලවම අගමික සංස්තාව ඇතුලේ ළමා අපචාර වෙන එක ගැන කොලේ වහල ගැහිල්ලක් නෙවෙයිද වෙන්නේ... එහෙම දෙයක් වෙන්න සම්භාවීතවයක් තියනව කියන එක වත් පිලිගෙන ඒවා වල්ක්වන්න ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑනේ...
    ඒක තමා මොනිටර් කරන විදියෙ අවුලක් තියෙන්නෙ. මීට වඩා හොද විදියකට ඒ ඒ ආයතන වල පොඩි ලමයි ඉන්නව නන් පාලනය වෙන්න ඕනි. ඒ තැන් වලටත් දැන් ස්කෝලවල හොස්ටල් වල එහෙම තියෙන සිස්ටම් එක වගේ දෙයක් ගේන්න පුලුවන් නන් හරි.
     
    • Like
    Reactions: NRTG and ttj

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    මේ කොහෙද බං හවස් වෙලා ගිහිං ශේප් එකේ කාල එන්න පුළුවන්
     
    • Like
    Reactions: NRTG

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    රුවන්වැලිසැයේ නේද මේ.

    එකේ මේ වගේ දෙවල් කලිනුත් වෙනවා. අපි එක පාරක් යද්දිත් ඔහොම පුජා කරලා තිබ්බා. පොලිසියට කිව්වම කිව්වේ බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියලා විශ්වාස කරන සෙට් එකක් ඔහොම කරන කතාවක්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    dan oya mas ehema dena eka awul nathda... ithin ban ehenam umbala boruwata ne samantha badra hamudruwanta baninne.. pora kukul mas kala ful fun eke inna ekata umbalata jealous
    දනට දෙයක් පුජා කරාම වලදන එක වෙනයි
    අද දානෙට මස් උයපන් කියල මස් උයවගෙන කන එක වෙනයි
     
    • Like
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,439
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේක නම් විකාරයක් වගේ
    විකාරයක් වෙන්නෙ බලන කෙනාගෙ හිත අනුව.
    මස් මාංශ කන එක ගැන තහනම් කරල නැ කොතනකවත්. එපා කියල තියෙන්නෙ මිනී මස්,අලිමස් ඔහොම 10ක් තියෙනව.
    1.අදිට්ඨං – තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නොදුටු, 2අසුතං – තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නො ඇසු, 3. අපරිසඬ්කිත – තමා වෙනුවෙන් සතෙකු මැරූ බවට සැක නැති මාංශ.
    බුදුන්ටත් මස් මාංශ පූජ කල අවස්ථාත් තියෙනව.
    පූජාවක් දීල පිං කරගන්නත් පුලුවන්. දීල පව් කරගන්නත් පුලුවන්. ඒ වගේම නොදී එක බලල පිං කරගන්නත් පුලුවන්. නොදී එක බලල පව් කරගන්නත් පුලුවන්.