ෆිලඩෙල්ෆියා පරීක්ෂණය

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ෆිලඩෙල්ෆියා පරීක්ෂණය

    පිටසක්වලට දොරටු විවර කරපු අභිරහස් ෆිලඩෙල්ෆියා පරීක්ෂණය

    project-raibow-kush.jpg

    ඔබ මීට පෙර මේ පිලිබදව අසා නොතිබෙන්නට ඉඩ තිබෙනවා, මොකද අද අපි මේ කතා කරන්න යන්නේ තරමක් අමුතු ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් ලෝකයෙන් සැග වෙලා තිබෙන පරීක්ෂණයක් ගැනයි. උදාහරණයකින් කියනවානම් බර්මියුඩා ත්‍රිකෝණය ,ඩයනා කුමරියගේ මරණය ,ජෝර්ජ් ෆ් කෙනඩි ඝාතනය, ප්‍රථම සද ගමන , ඒරියා 51 සහ රොස්වෙල් සිදුවීම වැනිම ආන්දෝලනාත්මක සහ පරස්පර මත තිබෙන තරමක් පැටලිලි සහගත පරීක්ෂණයක් ගැනයි
    USS_Eldridge_DE-173_1944.jpg

    මෙම සිදුවීම ගැන මුලින්ම ලෝකයට හෙළිදරව් වන්නේ 1955දි .ඒ කියන්නෙ මෙම සිදුවීම වෙලා වසර 12 කට පස්සේ, මෙම හෙළිදරව් කිරීමට මුලික වන්නේ Morris K.Jessup නමැති පිටසක්වල යානා ගැන පරීක්ශණ පවත්වන කෙනෙකුට හම්බු වෙනවා දෙවෙනි ලෝක යුද්ධෙ කාලේ ඇමරිකානු නාවික හමුදාව කරපු පරීක්ෂණයක් ගැන ලියපු වාර්තාවක්.
    එම වාර්තාවේ හැටියට ඇමරිකානු නාවික හමුදාව 1943 ඔක්තෝබර් මාසයේ 28 වෙනිදා පරීක්ෂණයක් පවත්වල තියනව, එම පරක්ෂනයේ අරමුණ වෙලා තියෙන්නේ සතුරු රේඩාර් වලට සහ උපකරණ වලට නොපෙනෙන ලෙස නෞකාවක් ගමන් කරවිය හැකි ක්‍රමයක් සොයා ගනීමටයි. ඉතින් ඔවුන් මේ සදහා හොයා ගත් නෞකාවේ නම වන්නේ USS Eldridge ඒ වගේම මෙම පරීක්ෂණය සිදු කරලා තියෙන්නේ ෆිලඩෙල්ෆියා නාවික නැව් තටාංගනයේ දී. ඉතින් මේ පරීක්ෂණය සදහා බොහෝ දුරට මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් විසින් සිදු කරනු ලැබූ චුම්බක ක්ෂේත්‍ර පිළිබද පරීක්ෂණ වාර්තාද යොදා ගෙන තිබෙනවා, මීට අමතරව තවමත් පරීක්ෂණ මට්ටමේ තිබෙන බොහෝ සංකීර්ණ විද්යාත්මක සිද්දාන්ත රුසක් මත පදනමව තමයි ඇමරිකානු නාවික හමුදාව සහ විද්‍යාඥයන් මෙම පරීක්ෂණය සිදු කරලා තියෙන්නේ
    Philadelphia-experiment.jpg

    ඉතින් මෙමෙ පරීක්ෂණයේ මුලික අරමුණ වුන සතුරු රේඩාර් වලට නොපෙනී යාමට අමතරව තවත් දෙයක් පරික්ෂා කරලා තියනව ඒ තමයි “teleporting” කියන සංකල්පය ගැන ඒ කියන්නේ එක තැනක තිබෙන දෙයක් තවත් තැනකින් මතු වෙන එක මේ වගේ දේවල් බටහිර චිත්‍රපට වල ඔබ දැක තිබෙන්න පුළුවන්. නමුත් පරීක්ෂණයේ ගැටළු සහගතම සහ අබිරහස්ම තැන තමයි මේතැන…1955 දී හෙළි වෙලා තියන ආකාරයට මෙම පරීක්ෂණය සාර්ථක වෙලා තිබෙනවා නමුත් බයානක අතුරු ප්‍රතිඵල ගොඩක් සිදු වෙලා තියනව.
    ඒ කියන්නේ එක තැනක තියන වස්තුවක් තවත් තැනකට teleporting වෙලා තියෙන්නේ වෙනත් මානයක දොරටුවක් හරහා, වෙනත් විදියකට කියනවානම් අපිට නොපෙනන වෙනත් ලෝකයක් හරහා තමයි ගමන් කරලා තියෙන්නේ, බුද්ධාගමේත් මෙවැනි වෙනත් මාන ගැන සදහන් කරලා තියනවා.
    vd536d5812.jpg

    පලවෙනි වතාවෙදි මේක කලාම නැව අතුරුදන් වෙලා තියෙනවා. එවෙලේ කොල පාට මීදුමක නැව අතුරුදන් වෙලා ගිහින් තියෙනවා.. නමුත් ආපහු මතු වෙලා තියෙනවා.. හැබැයි ගිය විදියට නෙවෙයි.. ඒකෙ හිටපු නාවිකයෝ ඔක්කොමට යම් යම් ශාරීරික අපහසුතා ඇති වෙලා තියෙනව ගොඩක් දෙනා කැරකිලි ගතියකින් ඉඳලා තියෙන්නේ. කීප දෙනෙක් නැවේ යකඩ ඇතුලටම හිර වෙලා. ඒ කියන්නේ එයාලව දිය වෙලා නැව ඇතුලට ඇලිල වගේ වෙලා වගේ. නැවේ යකඩයි එයාලයි දෙකම එකක් වෙලා.
    දෙවෙනි වතාවේ පරීක්ෂනය කලාම නැව නිල් පාට එලියක් එක්ක අතුරුදන් වෙලා virgina වල මතු වෙලා තියෙනවා.. 320km ක් ගමන් කරලා මොහොතකින්, හැබැයි විනාඩ් 10ක් කාලය හරහා ආපස්සට ගිහිල්ලා.
    stuffyoushouldknow-podcasts-wp-content-uploads-sites-16-2015-10-eldridge_600x350.png

    ඒකේ ප්‍රතිඵල කලින්ට වඩා දරුණුයි. ඒකේදි සමහර නාවිකයෝ ඇඟෙන් එකට හයි වෙලා, සමහරුන්ගේ මනස විකෘති වෙලා. භයානකම දේ සමහර නාවිකයන්ගේ ශරීර අවයව වෙනස් විදියට පිහිටලා සහ සමහරු අතුරුදන් වෙලා කිසිම සාක්ෂියක් නැතුවම.
    ඉතින් මේ පරීක්ෂණය ගැන තොරතුරු ලෝකයට හෙළි වීමත් සමග එකල මහත් ආන්දොලනයක් ඇති වුන මේ සම්බන්දයෙන්, මේ පිලිබදව ඇමෙරිකානු නාවික හමුදාව ප්‍රකාශනයක් කරමින් කියල තිබ්බේ ඔවුන් එවැනි පරීක්ෂණයක් කලේ නෑ කියල , මේ පරීක්ෂණය ගැන උනන්දු වෙලා කරුණු සොයපු අයනම් කිවුවේ ඇමෙරිකානු රජය සහ නාවික හමුදාව මේ පිලිබදව ලෝකයෙන් කරුණු වසන් කරනවා කියල, කොහොම උනත් මම මුලින් සදහන් කරපු සිද්දි වලට වගේම මේ සිදු වීමේත් විවිද පරස්පර තොරතුරු වාර්තා වෙනවා ඒ වගේම මෙම සිදු වීම මුලික කරගෙන සිනමා නිර්මාණ කීපයක්ද පස්සේ කලේ බිහි උනා.


    By http://www.lifetips.lk
     

    gcthegamer

    Junior member
  • May 10, 2015
    218
    11
    18
    :love::love: එකේ අන්තිමට වෙන එකටනන් මන් කැමති නෑ බං... ඩිරෙක්ට කාරයට ගහන්න හිතෙනව ඉතින්..

    ow eka tama adenama seen eka:sorry:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    අයින්ස්ටයින් කරපු ලබ්බක් නෑ......

    ඔය පරීක්ෂණය කරේ ඇමරිකානු රජයේ අනුග්‍රහය යටතේ නිකොලා ටෙස්ලා.....

    විස්තර වල හැටියට මුළු යාත්‍රාවම ආවරණය වෙන විදිහට tesla coil වලින් ආවරණය කරල තියෙනවා....

    Tesla උත්සහ කරල තියෙන්නෙ මුළු නැවම ආවරණය වෙන විදිහට චුම්බක ගෝලයක් නිර්මාණය කරන්න...
    නමුත් ටෙස්ලා හිතපුවත් නැති විදියට වෙනස්ම ස්වරූපයකට පත් වෙලා තියෙනවා චුම්බක ක්ෂේත්‍රය....

    ඕක ගැන අදටත් හරි හමන් විස්තරයක් නෑ
     
    • Like
    Reactions: chathuranirmal

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මේක අපහු පරීක්සන කරන්න බැරිද සිංහලු එකතු වෙලා
    ඔසී වගේ යන්න කියාපු ක්‍රමය