ෆිල්ම් බලන්න කොළඹ තියෙනෆිල්ම් හෝල් 8 ක් මෙ&#35

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ෆිල්ම් බලන්න කොළඹ තියෙනෆිල්ම් හෝල් 8 ක් මෙ&#35



    දැන් කාලේ වෙනකොට ඇත්තටම ගෙදර ඉඳන් ‍ෆිල්ම් එකක් බලන්න ඕන හැටියේ ක්‍රම සහ විධි තියෙනවා. කොහොමත් ඩයලොග් ටීවී, PEO TV තියේ නං බොහොම ලේසියෙන් ඒවලින් ‍ෆිල්ම් බලන්න පුලුවන්. ඒ නැතත් දැන් ඕනම හොලිවුඩ් ‍ෆිල්ම් එකක් ඇවිත් ටික කාලයක් යනකොට ඩවුන්ලෝඩ් කරගෙන හරි ස්ට්‍රිමින්ග් හරහා හරි බලන්න පුලුවන්. ඒත් මේ මොන ලේසි ක්‍රමේ තිබුණත් තාමත් මිනිස්සු ‍ෆිල්ම් එකක් බලන්න නං යන්නේ ‍ෆිල්ම් හෝල් එකට. ඇයි? එකක් තමයි ‍ෆිල්ම් එකක් ඇවිත් කාලෙකට පස්සේ තමයි ඔන්ලයින් හරි වෙන ක්‍රමේකට හරි බලන්න පුලුවන් වෙන්නේ. ඊටත් වඩා ප්‍රධානම දේ තමයි ‍ෆිල්ම් එකක් හරියටම රස විඳින්න නම් ‍ෆිල්ම් හෝල් එකකට යන්න වෙනවාය කියන එක. ඒ කියන්නේ අර දැවැන්ත තිරයේ, දෙදරන සද්දේ එක්ක බලන්න ඕන ‍ෆිල්ම් එකක හරිම ෆීල් එක එන්න. ඉතින් මේ කියන්න යන්නේ එක එක විදියේ ‍ෆිල්ම් රසවිඳින්න ගැලපෙන ලංකාවේ -හරියටම කිව්වොත් කොළඹ තියෙන ‍ෆිල්ම් හෝල් කීපයක් ගැන!:cool::cool::cool:



    1. රීගල් – කොළඹ 02

    Pepsi-Movie-Halls-in-Sri-Lanka-aniwa-01.jpg


    Source – whatsupcolombo.lk
    ලේක්හවුස් එකට ඉස්සරහින් වගේ තියෙන පරණ තාලේ මේ ‍ෆිල්ම් හෝල් එක දකිනකොටම මතක් වෙන්නේ මොන වගේ ‍ෆිල්ම්ද පිංවතුනි? අර නියම සම්භාව්‍ය සිංහල ‍ෆිල්ම් එකක් නෙවෙයිද? සමහර වෙලාවට ඒකට හේතුව වෙන්නේ, මේකේ අපි දකින කටවුට් හැම එකක්ම වගේ සිංහල සම්භාව්‍ය ‍ෆිල්ම් හින්දා වෙන්න පුලුවන්. රීගල් එක කියන්නේ ඇත්තටම පරණ තාලේ හෝල් එකක්. ඒත් තාමත් කිසිම අවුලක් නැතුව හොඳ සිනමා අත්දැකීමක් ලබාගන්න පුලුවන් හෝල් එකක්. ඒ නිසාමද කොහෙද සිංහල ‍ෆිල්ම් එකක් බලන්න නම් අනිවා රීගල් තමයි ගොඩක් අය ‍තෝරගන්නේ.



    2. සැවෝයි 3D – වැල්ලවත්ත

    Pepsi-Movie-Halls-in-Sri-Lanka-aniwa-02.jpg


    Source – mapio.net
    හොඳ ඇක්ෂන් හොලිවුඩ් ‍ෆිල්ම් එකක් ත්‍රීඩී බලන්න නම් යන්න කියලා අපි රෙකමන්ඩ් කරන එක තැනක් තමයි සැවෝයි ත්‍රීඩී. ගාණ ටිකක් සාපේක්ෂව වැඩි වුණත් හොඳ ත්‍රිමාණ සිනමා අත්දැකීමක් ලබාගන්න පුලුවන්. හොඳ සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් එකක් එහෙමත් තියෙන නිසා ත්‍රීඩී ෆීල් එකට හරියන්න සවුන්ඩ් ඉෆෙක්ට්සුත් තියෙනවා. ඕන නම් බොක්ස් එකක් ගන්නත් පුලුවන්. මෙතන ගොඩක් වෙලාවට Thor: Ragnarok වගේ ‍ෆිල්ම් එකක් එනකොට තියෙන අවුල තමයි ටිකට් පට ගාලා ඉවර වෙන එක.



    3. සැවෝයි 2 – වැල්ලවත්ත


    View attachment 72252


    Source – whatsupcolombo.lk, mapio.net
    සැවෝයි 2 එක ඇත්තටම මිනි තියෙටර් එකක්. හැබැයි එහෙමයි කියලා ‍ෆිල්ම් එකේ කොලිටිය අඩු වෙන්නේ නෑ. සැවෝයි මිනි තියෙටර් එක හොඳයි ඔය කොමඩි සිංහල ‍ෆිල්ම් එකක් එහෙම බලන්න. සද්දෙට හිනා ගියත් ලොකු අවුලකුත් නෑ. අර දැවැන්ත ස්ක්‍රීන් එකක ‍ෆිල්ම් එකක් බලන කොලිටියම තිබුණට ගෙදර විසිත්ත කාමරේ ඉඳගෙන ‍ෆිල්ම් එකක් බලනවා වගේ ෆීලින්ග් එකක් තමයි දැනෙන්නෙත්.



    4. MC Colombo Gold – මැජෙස්ටික් සිටි


    View attachment 72253


    Source – timeout.com
    හොලිවුඩ් හොරර් ‍ෆිල්ම් එකක් එහෙම බලන්න යන්න නං මෙන්න නියමෙටම ගැලපෙන ‍ෆිල්ම් හෝල් එක. මේක ඒ තරම් ලොකු නෑ. අර හෝම් මූවි එක්ස්පීරියන්ස් එක තමයි ලබාදෙන්නේ. හැබැයි බොහොම සැප පහසුවට ඉඳගෙන, හොඳ සවුන්ඩ් කොලිටි එකකින් ‍ෆිල්ම් එක බලන්න පුලුවන්. ගොඩක් වෙලාවට එම්.සී ගෝල්ඩ් එකට එන්නෙත් ඔය හොරර්, සස්පෙන්ස් වගේ ‍ෆිල්ම් තමයි. ඒත් පොඩි හෝල් එක නිසාද කොහෙද අර සවුන්ඩ් සිස්ටම් එකෙන් ලැබෙන අවුට්පුට් එක නිසා, හොරර් ‍ෆිල්ම් වල එහෙම අර එක පාරටම බය හිතෙන සවුන්ඩ්ස් එහෙම මෙතන ඇත්තටම බය දැනෙන විදියට ඇහෙන්නේ!



    5. MC Colombo Platinum – මැජෙස්ටික් සිටි

    View attachment 72254



    Source – ceylontheatres.lk
    එම් සී එකේ සාමාන්‍යයෙන් හැමෝම දන්න ‍ෆිල්ම් හෝල් එක තමයි මේක. මේකත් ත්‍රීඩී තියෙටර් එකක් නිසා ඔය ඇක්ෂන් හොලිවුඩ් ‍ෆිල්ම් එහෙම ගොඩක් එන්නේ මේකට. සෑහෙන සෙනඟක් දාන්න පුලුවන් ලොකු හෝල් එකක් වුනාට, හොඳ ත්‍රීඩී අත්දැකීමක් සාපේක්ෂව අඩු මුදලක ටිකට් එකකට ලබාගන්න පුලුවන් මෙතන. විශේෂයෙන්ම සවුන්ඩ් සිස්ටම් එක ගැනත්, සුවපහසුව ගැනත් අනිවා කියන්නම ඕන.



    6. Liberty Screen 01: ස්කෝප් සිනමාස් – කොල්ලුපිටිය


    Pepsi-Movie-Halls-in-Sri-Lanka-aniwa-06.jpg


    Source – timeout.com
    ස්කෝප් සිනමාස් කියනකොට මේක අලුත් තැනක් කියලා හිතුණත්, මේ ඇත්තටම අලුත් විදියකට එන අපි හැමෝම දන්න කියන පරණ තැනක්. කොල්ලුපිටියේ ලිබර්ටි සිනමා. ඉස්සරත් හොඳ ඇක්ෂන් ‍ෆිල්ම් එකක් බලන්න නම් අපි ‍තෝරගන්නේ මෙතනනේ. ඉතින් ස්කෝප් සිනමා කියලා වෙනස් වෙලා, ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩර්ඩ්ස් වලට ආවට පස්සේත් අනිවා හොඳ ඇක්ෂන් ‍ෆිල්ම් එකක් බලන්න මේක තමයි ‍තෝරගන්න ඕන හොඳම තැන. මරුම දේ තමයි මෙතන අර පරණ තාලේ ‍ෆිල්ම් හෝල් එකක දැනෙන රෙට්‍රෝ ෆීල් එක දෙන විදියට තමයි හදලා තියෙන්නේ. හැබැයි හැමදේම අති නවීනයි. ඒ නිසා ලැබෙන සිනමා එක්ස්පීරියන්ස් එකත් පිස්සු හැදෙනවා. මේක ඇත්තටම තේරුම් ගන්න නම් දවසකට හරි ස්කෝප් සිනමාස් එකේ ‍ෆිල්ම් එකක් බලන්න ඕන. සමහර වෙලාවට ඒකට හොඳම චාන්ස් එක තමයි අලුත්ම සුපර් හීරෝ ‍ෆිල්ම් එක Thor: Ragnarok. ඒක ස්කෝප් සිනමාස් ලිබර්ටි ස්ක්‍රීන් 1 එකේ බලන්න පුලුවන්.



    7. Liberty Screen 02: ස්කෝප් සිනමාස් – කොල්ලුපිටිය

    Pepsi-Movie-Halls-in-Sri-Lanka-aniwa-07.jpg



    Source – whatsupcolombo.lk
    ඉංග්‍රීසි ක්ලැසික් ‍ෆිල්ම් එකක් බලන්න නම් අපි අනිවා රෙකමන්ඩ් කරනවා ස්කෝප් සිනමාස් කට්ටියගෙම ලිබර්ටි ස්ක්‍රීන් 2 හෝල් එක. මේකත් ස්ක්‍රීන් 1 වගේම නවීන තාක්ෂණයන්ගෙන්, ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩර්ඩ්ස් වලට තමයි හදලා තියෙන්නේ. කොහොමත් මේ හෝල් එකේ තියෙන සුවපහසු පු‍ටුවක වාඩි වෙලා පැය දෙකක ඩ්‍රාමා ‍ෆිල්ම් එකක් බැලුවත් අවුලක් දැනෙන්නෙ නෑ කියලා බය නැතුව කියන්න පුලුවන්!;););););););););););););););););););)



    8. සිනෙ සිටි – මරදාන

    Pepsi-Movie-Halls-in-Sri-Lanka-aniwa-08.jpg


    Source – hotelroomsearch.net, mapio.net
    ෆුල් ඇක්ෂන් සීකුවන්ස් එකක් යනකොට සීට් එකෙන් නැගිටලා විසිල් පාරක් ගහලා නිදහසේ පට්ට සිරා දෙමළ පිචර් එකක් බලන්න නං මෙන්න තැන! කොහොමත් ඉන්දියාවේ සුපිරි බ්ලොක්බස්ටර් ටැමිල් ‍ෆිල්ම් මුලින්ම එන තැනක් තමයි සිනෙ සිටි කියන්නේ. ඒ නිසා තමයි එහෙම ‍ෆිල්ම් එකක් පෙන්නනකොට ටෙක්නිකල් හංදියේ ඉඳලම පෝලිම තියෙන්නේ. අනික් සිරාම දේ තමයි සිනෙ සිටි එකේ තියෙන කොලිටි සවුන්ඩ් සිස්ටම් එක. ඒකත් එක්ක ඇක්ෂන් ටැමිල් ‍ෆිල්ම් එකක් බලනකොට අර ටැමිල් ‍ෆිල්ම් වල තියෙන වෙන්න බැරි විදියේ ඇක්ෂන් එහෙමත් වෙන්න පුලුවන් කියලා දැනෙනවා.