ෆේස්බුක් අවහිරය අවසන් - ඇමති හර්ෂ

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ෆේස්බුක් අවහිරය අවසන් - ඇමති හර්ෂ

    ෆේස්බුක් (මුහුණු පොත) වට්ස් ඇප්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍ය ජාල පහසුකම් අවහිරයට ලක්කළේ පැය 72කට බවත් සෙනසුරාදා (අද) දින වනවිට එම පහසුකම යළි යථා තත්ත්වයට පත්වන බවත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) පැවැසීය.

    රටේ උද්ගත වාතාවරණය හමුවේ සමාජ මාධ්‍ය අවහිර කිරීමට සිදු වූ බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

    ෆේස් බුක්, වට්ස් ඇප් ආදිය භාවිත කරමින් ඉන්දියාවේ සිදු වූ ගැටුම් මෙරට ගැටුම් බවට හුවා දක්වමින් ප්‍රචාර ගෙනගිය වෙබ් අඩවි තිබූ බවත් ඇමැතිවරයා පැවැසීය.

    මේ වෙබ් අඩවි සමාජ ජාල භාවිත කරමින් ජාතිවාදය වැපුරූ පුද්ගලයන් කවුරුන්ද යන්න හෙළි කිරීමට කොමිසමක් පත්කරන ලෙස ද ඇමැතිවරයා ඉල්ලා සිටියේය.

    'තහනම' තවදුරටත් !


    කෙසේවුවද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරංචිමාර්ග උපුටා දක්වමින් 'දිවයින' පුවත්පත වාර්තා කර ඇත්තේ, ෆේස්‌බුක්‌, වයිබර්, වට්‌ස්‌ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල දින නියමයක්‌ නොමැතිව තවදුරටත් අවහිර කිරීමට තීරණය කර ඇති බවයි.

    මේ අතර, විකල්ප ක්‍රමවේදයන් භාවිත කරමින් ෆෙස්‌බුක්‌ සහ අනෙකුත් සමාජ මාධ්‍ය ජාලවලට පිවිසෙන පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

    එමෙන්ම විකල්ප ක්‍රමවේදයන් ඔස්‌සේ ගොස්‌ සමාජ මාධ්‍ය ජාලා මගින් විවිධ කටකතා, අසත්‍ය තොරතුරු හා ජාතිවාදය වපුරන අදහස්‌ පළකරන්නන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා ඇතැයි පොලිස්‌ මූලස්‌ථානය කියයි.


    mirrorlogo-4.png

    :angry::angry:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සති දෙකෙන් අමතක වෙන නිසා ත්‍රෙඩ් ටික බම්ප් කරපල්ලා ඡන්දයක්වත් ලං වෙද්දී​
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ඔව් යකෝ.වෙනදට මාසෙටම දානවට වැඩිය මේ දවස් 4 recharge කරා .ඒ මදිවට හෙට අනිද්දා data ටිකත් ඉවරයි. අඩුගානේ mobile tax එකවත් මේ ටිකේ අයින් කරපන් කාලකන්නි.
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අර free wifi දෙනව කිව්වෙ කව්ද බන් ? Google බැලූන් එකෙන් wifi රටටම දෙනවා කිව්වේ ...
     
    • Like
    Reactions: HKavinda

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    balapanko chande lan wela ayema oka karanne nedda kiyala

    සති දෙකෙන් අමතක වෙන නිසා ත්‍රෙඩ් ටික බම්ප් කරපල්ලා ඡන්දයක්වත් ලං වෙද්දී