ෆේස්බුක් ආරක්ශාව තර කරගනිමු.

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ෆේස්බුක් ආරක්ශාව තර කරගනිමු.

    facebook-logo-320x200.jpg

    Facebook අපි ගොඩක් දෙනෙක්ට නැතුවම බැරි දෙයක් වෙලා නේද. කෑවෙ නැතත් බිව්වෙ නැතත් FB යන්න තියනම් ඇති. :P
    සමහර අය ගොඩාක් පෞද්ගලික දේවල් පවා FB එකේ share කරනවා. හිතන්නකෝ කවුරුහරි කෙනෙක් අපේ Account එක හැක් කලා කියලා. හිතන්නත් අමාරුයි නේද ඒ වගේ දෙයක් ගැන. විශේෂයෙන්ම girlsලගෙ accounts හැක් වෙන්න තියන ඉඩ කඩ වැඩියි. මට හිතෙන විදියට ප්‍රධානම දේ ආරකශාව ගැන වැඩි තේරුමක් නැතිකම. අඩුම තරමින් Facebook එකෙන් දීලා තියන security settings වත් පාවිච්චි කරනවනම් හොඳයි. මම මේ security settings ගැන දාන්න
    හිතුනෙ මගේ යාලුවෙක්ට වෙච්ච කරදරයක් නිසා. මොකද එයාටත් මේ settings ගැන අවබෝධයක් නැතිකම නිසා වලක්වගන්න තිබුන දෙයක් වලක්වගන්න බැරි උනා.

    දැනට Facebook එකෙන් ප්‍රධාන security settings 6ක් දීලා තියනවා active කරගන්න

    2q07iw7.png



    1.Secure Browsing

    167202_10150142084986729_20531316728_7787842_2504598_n.jpg


    jv3e6w.png

    මේකෙන් කරන්නෙ https(Hypertext Transfer Protocol Secure) කියන protocol එක active කරන එක. සාමන්‍ය http පාවිච්චි කරනවට වඩා ආරක්ශිතයි. මොකද මේ ප්‍රොටෝකෝලය හරහා දත්ත හුවමාරු වෙන්නෙ encrypt වෙලා. ඒ කියන්නෙ අතරමැදියෙකුට මේ දත්ත කියවන්න අමාරුයි. මේ setting එක enable කරලා තියාගන්න.

    2.Login Notifications

    6yh2s4.png

    අපි සාමාන්‍යෙන් ෆේස්බුක් යන්න පාවිච්චි කරන පරිගනකය හෝ ජංගම දුරකතනය හැරුණු විට වෙනත් ඩිවයිස් එකකින් ෆේස්බුක් ලොග් උනොත් මේ setting එක enable කරලා තියනම් අපිට ඊමේල් එකක් හෝ sms එකක් එනවා. වෙන කවුරුහරි අපේ ෆේස්බුක් එකට ලොග්
    උනොත් දැනගන්න පුලුවන්.

    3.Login Approvals

    21jnd00.png

    මේ setting එක ගොඩාක් වැදගත්. අපි සාමාන්‍යෙන් ෆේස්බුක් යන්න පාවිච්චි කරන පරිගනකය හෝ ජංගම දුරකතනය හැරුණු විට වෙනත් ඩිවයිස් එකකින් ෆේස්බුක් ලොග් වෙන්න හදනව නම් අපේ අනුමැතිය ඕන වෙනවා. ඒ කියන්නෙ අපිට ෆේස්බුක් එකෙන් sms එකක් එවනවා security code එකක්. ඒ code එක නැතුව වෙනත් ඩිවයිස් එකකින් ලොග් වෙන්න බෑ. හැබැයි මේක වාතයක් වෙන වෙලාවලුත් තියනවා. sms එක එන්න ප්‍රමාද උනොත් එහෙම. :P

    4.App Passwords

    24b6haq.png

    skype වගේ applications වලට ලොග් වෙන්න අවශ්‍ය කරන password එකක් තමයි මේක. ලේසියෙන්ම ආරක්ශිතව ෆේස්බුක්
    හරහා ස්කයිපි වගේ ලොග් වෙන්න පුලුවන්.


    5.Recognized Devices
    mhrm81.png


    තමන් නිතර නිතර ෆේස්බුක් ලොග් වෙන ආරක්ශිත ඩිවයිසස් සේව් කරලා තියාගන්න පුලුවන්. තමන්ගෙ ලැප් එක. මොබයිල් ෆෝන් එක වගේ ඒවා සේව් කරලා තියාගන්න. එතකොට වෙනත් තැනකින් ලොග් උනොත් දැනගන්න පුලුවන්.

    6.Active Sessions


    35n3ajr.png

    මේ setting එකෙන් අපි කලින් ලොග් උන තැන් සේව් කරලා තියාගන්නවා. අපිට බලන්න පුලුවන් සැක හිතෙන තැනකින් ලොග් වෙලාද කියලා. සැක හිතෙන තැනක් තියනම් end activity ක්ලික් කලාම session එක අයින් වෙනවා. ආයෙත් එතනින් ලොග් වෙනව නම් අපේ අවසරය ඕන වෙනවා.


    මේ තියෙන්නෙ ෆේස්බුක් එකේ security mechanism එක. මේ මොනව තිබුනත් හැක් කරන්න පුලුවන් ඉඩක් තියන බවත් මතක තියාගන්න. 100% ක් ආරක්ශිත තැනක් අන්තර්ජාලයේ කොහේවත් නෑ. ;);)
    323092-facebook-security-infographic.jpg



    මේ ටික තමයි සරලම ආරක්ශිත ක්‍රම ටික. මම හිතන්නෙ ෆේස්බුක් පාවිච්චි කරන හැමොම මේ ප්‍රධානම settings 6 වත් active කරලා
    තියාගන්න එක හොදයි. :nerd::nerd::nerd:


     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එල වැඩැක් ගොඩක් අයට වැදැගත් වෙයි:yes:
    ඇත්ත කෙල්ලො තමයි ගොඩක් වෙලාවට හැක් වෙන්නෙ ඒ නිකන්ම වගෙ දාන මුරපදය ලේසියෙන්ම හොයාගන්න පුලුවන් නිසා :eek:
    +ජයවේවා
    11.gif
     
    • Like
    Reactions: Jolly_Roger

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගොඩක් ස්තුතී දැනුවත් කරාට මචන්
    ඇත්තටම මේව ගොඩක් අය දන්නෙ නෑ
    පස්සෙ ඉතින් හැක් උනා ගානවා
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Thanks dar! මගෙ account එක full open තියෙන්නෙ.. තාම නම් අවුලක් ගියෙ නෑ :rolleyes: