methylenedioxy-methamphetamine (MDMA) කියන කෘතීමව නිපදවපු සංයෝගය තමයි මේ මත් පෙති වල තියෙන්නෙ . මේක මිනිස් සිරුරෙ තිබෙන උත්තේජක හෝමෝන වලට බොහෝසෙයින් සමානයි කියනව . එතකොට මේ මත් පෙත්තකින් මිනිස් සිරුර අදිකව උත්තේජනය කරන එක තමා කරන්නෙ . එමගින් අපේ මොලයට දැනෙන්න ගන්නව අපිට දික ශක්තියක් ඇති බව ,තමන් අවට සිටින අය සමග ඇතිවන දැඩි බැදීම ,අදික සතුට , කාලය පිලිබද හැගීම නැතිවීම වැනි දේවල් දැනෙන්න පටන් ගන්නව .



සාමාන්යෙන් මේ පෙත්තක MDMA මිලිග්රෑම් 500,350,200 වගේ අඩංගු වෙනව . මේ වගේ මත් පෙති භාවිතා කරන සාදයක් බොහෝවිට පැවැත්වෙන්නෙ රාත්රියේ සිට පහුවදා එලි වෙනකන් . මේව ප්රසිද්ද ඕල් නයිට් ඩාන්ස් පාටි වලට. මේ මත් පෙති සමග මත්පැන් බීමේ හැකියාව වැඩි වෙනව. ඇල්කොහොල් මගින් උත්තේජනය තවත් වැඩි වෙනව .
MDMA මගින් ප්රධානව පහල තියන මොලේ සංයෝග උත්තේජනය කරනව .
1. Dopamine - වැඩි ශක්තියක් / ක්රියාශීලී බවක් නිපදවන අතර හැසිරීම් ශක්තිමත් කිරීම සඳහා මොලය ක්රියා කරයි
2. Norepinephrine - හෘද ස්පන්දන වේගය සහ රුධිර පීඩනය වැඩි කරයි
3. Serotonin - මනෝභාවය, ආහාර රුචිය, නින්ද සහ වෙනත් ක්රියාකාරකම් වලට බලපායි. එය ලිංගික උද්දීපනයට සහ විශ්වාසයට බලපාන හෝමෝන ද අවුලුවයි. Serotonin විශාල ප්රමාණයක් මුදා හැරීම, MDMA භාවිතා කරන අයට දැනෙන සංවේදී සමීපභාවය,අධික සතුට සහ සංවේදනය ඇති කරයි.
ඊට අමතරව ඔක්කාරය ,මස්පිඩු පෙරලීම , දත්මිටිකෑම ,බොදවුනු පෙනීම , සීතල හෝ දහඩිය දැමීම සිද්දවෙන්න පුලුවන් එක එක පුද්ගලයා අනුව . MDMA වල ඉෆෙක්ට් එක සාමාන්යෙන් පැය 3 ඉදන් 6ක් වෙනකන් පවතින්න පුලුවන් . භාවිතා කරන්නන් පලවෙනි ඩෝස් එක අරගෙන ඒක අඩුවේගන යනකොට නැවත ඩෝස් එකක් ගන්නව .
ඊට අමතරව පහල තියන එෆෙක්ට් මේ මත් පෙති වලින් තියනව එක එක පුද්ගලය අනුව .
1. අධි රුදිර පීඩනය තියන කෙනෙකුට නම් හාට් ඇටෑක්
2. ඩිප්රෙශන්
3.ආවේගශීලීභාවය සහ ආක්රමණශීලී බව
4. නින්ද නොයාම
5. කාංසාව
6. අමතකවීම් සහ අවධානය ගිලිහීම
7. ආහාර අරුචිය
8. ලිංගික සතුට නැතිවීම .
මීට අමතරව ශරීරයේ උශ්නත්ව පාලනය අක්රමවත් වීම නිසා වකුගඩු ,මොලය අක්මාවට බලපෑම් තියනවලු . මෙම පෙති මගින් අදිකව සිරුර විජලනය කරනව වගේම අදික ක්රියාශීලී බවක් ලබාදෙන නිසා නිතරම දියර වර්ග පානය කරනවලු මේවා භාවිතා කරද්දි .
ඒ වගේම MDMA මගින් අනෙකා කෙරෙහි අධික විශ්වාසයක් සමීපභාවයක් ඇතිවීම තුලින් අනාරක්ශිත ලිංගික හැසිරීම් වලට යොමු වෙන්න පුලුවන් වගේම එයින් සතුටක් ලබන්න ඉතාමත් වැඩි කාලයක් ගතවෙන්න පුලුවන්
අවසාන වශයෙන් ලංකාවෙ මේ පෙති තියනවලු . පාටි වලට ගේනවලු පෙත්තක මිල 2000 - 4000ක් අතර වෙනව කියනව
PS :- මේව දාල අහන සින්දු යූටියුබ් එකේ තියනව . psytrance කියල සර්ච් කරපල්ල
Last edited: