ෆේස් බූක්.....

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara



    'කම්මැලියි!' කීමි මං.
    'වරෙන් ෆේස් බූක්'- මගේ මිතුරා,
    උදේ දවල් රෑ තුන් වේලටම,
    අතරට හා අතුරුපසටත්
    ඒකේම පැලපදියම්ව සිටි...
    'අපෝ!'
    'යන්ඩ හෙම එපා!'
    'ඕක මහ පිස්සුවක්!'
    'ජරාවක්!'
    'ඇබ්බෙහි වේවි ඕන්!'
    'අපෝ මං දන්නවා!' සිනාසේ මං...
    ඒත් වස කම්මැලියි...
    දවසක්, දෙකක්, තුනක්..???
    දැන්නම් අමාරුයි ...
    ලස්සන හෝම් පේජ් එක!
    අහ්! ඒතරම් අමාරුත් නැහැ නෙව!
    ඇබ්බෙහි වෙන්නද මේකේ මොනව?....,
    මං දන්නවනං මං කරන දේ ...
    මගේ හිත මට ෆුල් සපෝර්ට්..
    හැබෑ තමා.....
    මේකේ තියෙන කෑලි ගොඩ!
    පාළුව යන්ඩ යාළුවො සේරම!
    ෂාහ්! මල් හතයි!....





    කාලේ ගෙවෙනව...
    උදේට නිකං පොඩ්ඩක් යනව,
    කම්මැලි කමෙන් දවස පටන් ගන්ඩ හොඳ නෑ නෙව!
    දවල්ටත් ඉතින්
    නෑ නෙව කරන්ඩ වෙන වැඩක්!...
    ඒක ඉතිං සුට්ටක් හවස් වෙනකන් ඇදෙනවා,
    ඒක වෙනම කතාවක්...
    රෑට!
    රෑට තමයි හොඳම හරිය!
    යාළුවො, අයාළුවො සේරම චැටට එනව...
    එක එක ජාතියේ කෙල්ලෝ - එක එක වෙලාවට....
    මෙහෙව් කෙල්ලෝ ටිකක් හම්බුනේ නෑ නෙව
    මං ඉස්කෝලේ ගිය කාලෙක වත්...
    'අඩේ..බුල්ටා! කොහොමෙයි??'
    අම්බෝ!... ඉස්කෝලේ ගියාට පස්සේ කොල්ලෝ ටික හම්බෙච්ච කල්!!....
    අනේ!..ෆේස් බූක් නං හරී සෝක්!..
    කාලෙ ගෙවෙනව....
    'කම්මැලියි!' යාලුවෙක් මට කියනව...
    'අහ්!.... වරෙං ෆේස් බූක්!..............!'
    - බුල්ටා.




    Source:Click Here