ෆොටෝස් damage කියල එනවා. Data Recovery

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    මගේ ලැප් එක ගෙදරට හොරු පැනල නැති උනා. පස්සේ මගේ පරණ හාඩ් එකක් recover කරපුවම සමහර ෆොටෝස් damage කියල එනවා. අනේ මචන්ලා ඒ ටික හදාගන්න විදිහක් කියල දීපන්කො... අවුරුදු 10ක් විතර ෆොටෝස් බන්.
    Capture.PNG
     
    • Like
    Reactions: kinkon

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    සාමාන්‍යයෙන් නෝමල් මෙකනිකල් හාඩ් ඩිස්ක් වල ඩාටා කරප්ට් වෙන්නේ නෑ කල් ගියා කියල. SSD එකෙක් නම් පරණ වෙනකොට පාවිච්චි නොකලොත් ඩාටා කරප්ට් වෙනවා. රිකවර් කරන ඩාටා ඒ ඩිස්ක් එකේම රයිට් කරනවා නම් කරප්ට් වෙනවා. මොකද සමහරු රිකවර් කරන්නේ ඩිලීට් වුන ඩාටා. දැන් රයිට් වෙන්නේ ඩිලීටඩ් කියල මෙමරි එකේ ඉඩ තියෙනවා කියල පෙන්වන තැන් වල. එතකොට කරප්ට් වෙනවා. ඒ කියන්නේ හාඩ් ඩිස්ක් එක ඕවර් රයිට් වුනොත් තමා කරප්ට් වෙන්නේ.

    රිකවර් කරපු ෆොටෝ නම් තියෙන්නේ ගොඩක් දුරට හරියට රිකවර් වෙලා නැතිවත් ඇති. වෙන රිකවර් සොෆ්ට්වෙයා එකක් ට්‍රයි කරන්න. https://www.cgsecurity.org/wiki/PhotoRec වගේ එකක් ට්‍රයි කරන්න.

    ඔය එරර් මැසේජ් එකේ පෙන්වන්නේ වී ඩෝන්ට් සපෝට් දිස් ෆයිල් ෆෝමැට් කියල නේ? සමහර විට ගොඩක් පරණ කැමරා වලින් ගත් ෆොටෝ සේව් වෙලා ඇත්තේ පරණ ෆෝමැට් එකකට. දැන් ඒවාට රීඩ් කරගන්න බැරිව ඇති. කැමරා එක හදපු කොම්පැණි එකෙන් ඩිකොඩර් සොෆ්ට්වෙයා දීල ඇති. ට්‍රයි කරලා බලන්න. කම්පියුටර් එකට හොඳ codec පැකේජ් එකක් ඉන්ස්ටෝල් කරලා බලන්න. https://www.microsoft.com/en-us/download/search.aspx?q=codec වෙනත් ඉමේජ් විවර් ඇප් එකක් ට්‍රයි කරන්න. ගුඩ් ලක්