ෆොන්සේකාගේ නඩුව ජනවාරි 23ට කල්යයි
පසුගිය ජනාධිපතිවරණය සමයේදී යුද හමුදාවෙන් පලාගිය සෙබලූන් 10 දෙනෙකුට නවාතැන් හා වැටුප් ලබාදී ඔවුන් රාජපාක්ෂිකභාවයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා හා ඒ මහතාගේ ලේකම්වරයා ලෙස කටයුතු කල කපිතාන් සේනක ද සිල්වා යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ ජනවාරි 23 වනදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණය අද තීරණය කලේයග
2009 වසරේ නොවැම්බර් මස 16 වන දිනත් 2010 වසරේ ජනවාරි මස 27 වන දිනත් අතර කාලසීමාවේදී යුද හමුදාවෙන් පලාගිය සෙබලූන් 10 දෙනෙකුට වැටුප් හා නවාතැන්දීම සම්බන්ධයෙන් අධිචෝදනා 41 ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ. මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස හිටපු මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු 29 දෙනෙක් නීතිපතිවරයා විසින් නම්කොට ඇත.
PS
හොරුන්ට කුඩ්ඩන්ට ලාමා අපචාරකයන්ට නඩු නැත. කිමද ඔවුන් දේශප්‍රේමියෝය. එහෙවු දේශප්‍රේමියන්ට සියළු වරදින් මිදිමට හැක ,ඔවුන් කල යුත්තේ මහරජාණන් වහන්සේ ගේ ශ්‍රි පාදය මුඛයෙන් පිරිසිදු කිරිම පමණි,තවද මහ රජාණන් වහන්සේ කරන සියළු නිවට නියාලු ක්‍රියාවන් වෙනුවෙන් පෙනී සිටීමය.එකල සියළු චොදනා අන්ත්‍රස්ධාන වේ.
යම් කලෙක කිසිවෙක් මහරාජාණන් වහන්සෙගේ නිවට නියාලු කටයුතු විවේචනය කෙරෙත්ද හෙතෙම එතැන් පටන් දේශද්‍රෝහියෙකි.එවැන්නවුන් විනා එකදු වචනයක් හෝ කතා කිරිම බටහිර කුමන්ත්‍රණයක ඵලයකි. එම නිසා යම් කෙනෙකු සෙන්පති තුමන් වෙනුවෙන් කතා කරයිද ඔහුව මේ රාජ්‍යයෙන් පිටුවහල් කල යුතුය. තවද සෙන්පති තුමන් ට එරෙහිව සියළු නඩු පැවරිය යුතු අතර කරුණා ,පිල්ලයාන් සහ KP වැන්නවුන් ආරක්ශා කල යුතුය.ඒ හුදෙක්ම ඉහත කි තිදෙනා දේශද්‍රෝහි සෙන්පති තුමන්ට එරෙහිව යුද්ධ කල නිසාය.