ෆොන්සේකා යනු දෙවියන් කොටින්ට දුන් අවස්ථා
ඒෂියන් ටි්රබියුන් වෙබ් අඩවිය හෙළි කරයි
‘‘ජෙනරාල් සරත් ෆොන්සේකා යනු දෙවියන් කොටි ත්රස්තවාදීන්ට ලබා දුන් අවස්ථාවක් ’’ බව ඒෂියන් ටි්රබියුන් වෙබ් අඩවිය පවසයි. ද්‍රවිඩ ජාතික සන්ධානය නිරිමාණය කළේ කොටි සංවිධානය බවත් ප්රභාකරන් මිය යන තෙක්ම සම්බන්දන් වැන්නන් කොටි නායකයන්ගේ උපදෙස් ලබා ගැනීමට නිතරම කිළිනොච්චි දිවූ බවත් ද්‍රවිඩ ජාතික සන්ධානය කොටින්ගේ මතවාදය දැරීම මේ වන තුරුත් අත්හැර නොමැති බවත් එම වෙබ් අඩවිය පෙන්වා දෙයි. ඉන්දියාව තවමත් ද්‍රවිඩ ජාතික සන්ධානය සලකන්නේ කොටි නියෝජිතයන් වශයෙන් බවත් විදේශීය කොටි නියෝජිතයන්ගේ බලපෑමට අනුව ද්‍රවිඩ ජාතික සන්ධානය මෙවර ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකා මහතාට සහාය ලබා දීමට ඉදිරිපත්ව ඇති බවත් එහි දැක්වේ.
සරත් ෆොන්සේකා මහතාට දේශපාලන පදනමක් නොමැති අතර ඔහු එජාපය, ජවිපෙ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශ්වය මත පවතින පුද්ගලයෙකි. මේ නිසා ඔහු බලයට පත්වුවහොත් ශ්‍රී ලංකාව තුළ අවුල් සහගත තත්වයක් ඇති විය හැකි බවත් එවිට ෆොන්සේකා මහතාට එම තත්වය පාලනය කර ගැනීමට නෙහැකි වනු ඇති බවත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ අදහස වී තිබේ. එවිට යුධ නිලධාරියෙකු වන ෆොන්සේකාට මෙම තත්වය ඉවසා ගත නොහැකිව පාර්ලිමේන්තුව අහෝසි කොට පාකිස්ථානයේ ජෙනරාල් මුෂාරෆ් මෙන් ඔහු සියලූ බලතල තමා අතට ගනු ඇත. මෙවැනි තතවයකදී දකුණේ කැළඹීම් ඇති වීම නොවැළැක්විය හැකි නිසා උතුරු නැගෙනහිර සිටින ආරක්ෂක හමුදාව ගෙන ගොස් එම ප්‍රදේශ සන්සුන් කිරීමට ජෙනරාල්වරයාට සිදුවේ. ඒ අවස්ථාවේ දී කොටි ත්රස්තවාදීන්ට උතුරු නැගෙනහිර ප්‍රදේශ වල නැවත කඳවුරු ඉදි කිරීමට හැකියාව ලැබේ.

ඒෂියන් ටි්රබියුන් වෙබ් අඩවිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කොටි සංවිධානය යුද්ධයේ දී පරාජය වුවත් ඔවුන් නැවත සන්නද්ධ වෙමින් සිටින බවයි. ත්රස්තවාදීන් සතුව යුද්ධයෙන් ඉතිරි වූ සම්පත් තිබෙන අතර මේ වන විට උතුරු ඉන්දියාවේ සහ දකුණු ඉන්දියාවේ කැලෑ වල කඳවුරු ස්ථාපිත කොට කොටි සාමාජිකයන් ඒවායේ පුහුණු වීම් වල නිරත වන බව බුද්ධි තොරතුරු වලට අනුව හෙළි වී තිබේ.
මේ අතර සිංහල ජනතාව ද මේ වන විට සරත් ෆොන්සේකා සහ මහින්ද රාජපක්ෂ යන පාර්ශ්වයන් දෙකට බෙදී සිටින්නේ ෆොන්සේකා මහතා බලයට පත් වුවහොත් සිදු වන මහා වරද අවබෝධ කර ගැනීමෙන් තොරව බව පෙන්වා දෙන ඒෂියන් ටි්රබියුන් වෙබ් අඩවිය පවසන්නේ සිංහල ජනතාව බෙදුණහොත් ෆොන්සේකාට ජයග්‍රහණය කිරීම පහසු වනු ඇති බවත් එහි අවසාන ප්‍රතිඵලය ශ්‍රී ලංකාව මීළග පාකිස්තානය බවට පත් වීමත් වන බවය.