ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් තනතුරට සුදුසුද?

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් තනතුරට සුදුසුද?

    ලෝකයේ හමුදා නිලධාරියකුට පිදෙන ඉහළම ගෞරව නාමය වූ Field Marshal තනතුර ජෙනරාල් සරත් ‍ෆොන්සේකාට පිරිනැමීම ලබන 22 වැනිදා යුද්ධ හමුදා මූලස්ථානයේදී සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

    මේ පිළිබඳව ඒෂියන් මිරර් ජෙනරාල් සරත් ‍ෆොන්සේකා මහතාගෙන් සිදු කළ විමසීමකදී ඔහුගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ ගෞරව නාමය ලැබීමට නියමිතව ඇති නමුත් මේ වන තෙක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිල දැනුම්දීමක් සිදු කර නොමැති බවය.

    ඒ අනුව තම ජිවිතය ගැන පවා නොතකා යුද්ධය වෙනුවෙන් ශ්‍රේෂ්ඨ කැපවීමක් කළ හමුදා නිලධරයකුට පිදෙන මෙම ඉහළම ගෞරව නාමය මෙරට හමුදා නිලධාරියකුට හිමිවෙන ප්‍රථම අවස්ථාව මෙය වනු ඇති.එම තනතුර අනුව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට තරු පහක් හිමි වීමට නියමිතය.

    මේ වන විටත් ඒ සඳහා පැවැත්වීමට නියමිත හමුදා ආචාර පෙළපාලියට යුද්ධ හමුදා භට පිරිස් යුද්ධ හමුදා මූලස්ථානයේදී සූදානම් වෙමින් සිටින බවත් වර්තා වෙයි.
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    සරත් ෆොන්සේකා දක්ෂ හමුදා නිලධාරියෙක් තමයි.ඔහුට මහින්දගෙන් අසාධාරනයක් වුනා.නමුත් මම හිතන්නේ ෆීල්ඩ් මාෂල් තනතුර දරන්න තරම් සරත් ෆොන්සේකා සුදුසුකම් මදි.මේක දෙන්නේ ඉතාම දක්ෂ ඒ වගේම ඉතාම සීනියර් නිලධාරින්ට.ෆොන්සේකාට වඩා දක්ෂ කොබ්බැකඩුව ජනක පෙරේරා විමලරත්න,සේපාල ආටිගල වගේ අය ඕනතරම් ආමි එකේ හිටියා.එයාලා ෆොන්සේකට වඩා සෑහෙන්න සුදුසුකම් තියෙන ඒවගේම හිගක්ම සීනියර් අය.මෙයාලටවත් මේක හම්බ වුනේ නෑ.ඒක නිසා හමුදාවේ උසස්ම තනතුරු කියන්නේ සෙල්ලම් නෙවෙයි.අනෙත් එක මේක දේශපාලන පත්වීමක්.ෆොන්සේකා මෛත්‍රීට සහාය දුන්න කියලා එහෙම දෙන එක වැරදියි.අනිත් එක ෆොන්සේකා දේශපාලන චරිතයක්.දේශපාලනයට එන්න ඕනද මේවා ගන්න.සරත් ෆොන්සේක ගැන මගේ කිසිම තරහක් නෑ.
     
    • Like
    Reactions: sarika406

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    සරත් ෆොන්සේකා ජෙනරාල් කමටත් සුදුසු නෑලු බන්.

    යුද්දේ අතරමග නවත්තන්න හැදුවලු,
    එල්ටිටියට වාසි වෙන විදියට වැඩ කරාලූ.
    නාවික හමුදාවත් එක්ක ගැට්ලු ඇති කරාලු.

    කොත්තමල්ලි බොන උඹල අපිට නොතේරෙන දෙයක් තියෙනවලු බන්. අපි ටොයියෝ නිසා තෙරෙන්නේ නෑලු. බයියෝ තමයි ඒවා තේරුම් ගන්න හොඳම අය. පුන්නකු බොනව නේ උන් ඒවයේ තියෙන කැල්සියම්-මිහින්(3)-බයි-පොස්පේට් වලට අපිට නොතෙරෙන දේවල් තේරුම් ගන්න පුළුවන් විදියට මෝලේ වැඩ කරනවලු
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අනිත් සුදුසුකම් වලට අමතරව යුද්දේ ඉවර කරන්න අවශ්‍ය නායකත්වය දුන්න එක ලොකුම සුදුසුකමක් මම නම් හිතන්නේ. මෙතන ෆොන්සේකාට සුදුසුකම් මදි කියල කරුණු දක්වපු කෙනා යුද්දේ අවසන් කිරීමට අවශ්‍ය නායකත්වය දුන්න එක ගැන කතාවක් නැහැ.

    මම නම් හිතන්නේ මොකා මොනවා කිව්වත් ගෝටා සහ ෆොන්සේකා නොහිටින්න අපිට යුද්දේ ඉවර කරන්න වෙන්නෙ නැහැ
     
    Last edited:
    • Like
    Reactions: upCountry

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ෆොන්සේකට ෆීල්ඩ් මාෂල් කම දුන්නම ලංකාවේ හමුදාව නිකන් ජෝක් එකක් වෙනවා.ඒ වගේම අවතක්සේරුවක් වෙනවා.දේශපාලනයට සම්බන්ධ කාටවත් මේක දෙන්නේ නෑ.
    අනිත් එක ඉන්දියාවේ පක්සිතානෙත් 1965න් පස්සේ කාටවත් ෆීල්ඩ් මාෂල් පෝස්ට් එක හම්බ වෙලා නෑ.අඩුම ගානේ ලොකුම හමුදාව ඉන්න චීනෙවත් මේක දෙන්නේ නෑ..ඉන්දියාව කියන්නේ ලොකුම හමුදාවක් ඉන්න රටක්.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඇයි අමතක කරන්නේ ලෝකේ තිබුණු දරුණුම ගරිල්ලා හමුදාවක් හා සටනට නායකත්වය දීල ඒක දිනුව කියන එක. ඔය එක රටකවත් යුද්ද දිනලා නැහැනෙ.

    ෆොන්සේකට ෆීල්ඩ් මාෂල් කම දුන්නම ලංකාවේ හමුදාව නිකන් ජෝක් එකක් වෙනවා.ඒ වගේම අවතක්සේරුවක් වෙනවා.දේශපාලනයට සම්බන්ධ කාටවත් මේක දෙන්නේ නෑ.
    අනිත් එක ඉන්දියාවේ පක්සිතානෙත් 1965න් පස්සේ කාටවත් ෆීල්ඩ් මාෂල් පෝස්ට් එක හම්බ වෙලා නෑ.අඩුම ගානේ ලොකුම හමුදාව ඉන්න චීනෙවත් මේක දෙන්නේ නෑ..ඉන්දියාව කියන්නේ ලොකුම හමුදාවක් ඉන්න රටක්.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනිත් සුදුසුකම් වලට අමතරව යුද්දේ ඉවර කරන්න අවශ්‍ය නායකත්වය දුන්න එක ලොකුම සුදුසුකමක් මම නම් හිතන්නේ. මෙතන ෆොන්සේකාට සුදුසුකම් මදි කියල කරුණු දක්වපු කෙනා යුද්දේ අවසන් කිරීමට අවශ්‍ය නායකත්වය දුන්න එක ගැන කතාවක් නැහැ.

    කොත්තමල්ලි බොන උඹල අපිට නොතේරෙන දෙයක් තියෙනවලු බන්. අපි ටොයියෝ නිසා තෙරෙන්නේ නෑලු. බයියෝ තමයි ඒවා තේරුම් ගන්න හොඳම අය. පුන්නකු බොනව නේ උන් ඒවයේ තියෙන කැල්සියම්-මිහින්(3)-බයි-පොස්පේට් වලට අපිට නොතෙරෙන දේවල් තේරුම් ගන්න පුළුවන් විදියට මෝලේ වැඩ කරනවලු
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඇයි අමතක කරන්නේ ලෝකේ තිබුණු දරුණුම ගරිල්ලා හමුදාවක් හා සටනට නායකත්වය දීල ඒක දිනුව කියන එක. ඔය එක රටකවත් යුද්ද දිනලා නැහැනෙ.
    තරහ ගන්නෙ නැතුව මට පොඩ්ඩක් කියනවද සේනාධිනායකයා එහෙමත් නැත්නම් හමුදාවන් ඔක්කොගෙම ප්‍රධානියා කිව්වොත් යුද්දේ නවත්වන්න කියලා, ෆොන්සේකා මහත්තය ගන්න තීරනය මොකක් වෙයිද?:)
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    අනිත් සුදුසුකම් වලට අමතරව යුද්දේ ඉවර කරන්න අවශ්‍ය නායකත්වය දුන්න එක ලොකුම සුදුසුකමක් මම නම් හිතන්නේ. මෙතන ෆොන්සේකාට සුදුසුකම් මදි කියල කරුණු දක්වපු කෙනා යුද්දේ අවසන් කිරීමට අවශ්‍ය නායකත්වය දුන්න එක ගැන කතාවක් නැහැ.
    මේ යුද්දේ ඉවර කරේ විශාල මලමිනී කන්දක් උඩ.ඒ වගේම මීට වඩා ලොකු යුද්ධ කරපු තැන් වලත් මේක දීලා නෑ.යුද්ධයක් ඉවර කලා කියලා එහෙම දෙන්න බෑ.යුද්ධය ජාත්‍යන්තර යුධ නීතියට අනුකූලව ඉවර කරන්න ඕන.ඒක ගැන ප්‍රශ්න ජාත්‍යන්තර යෝජනා තියෙන්න බෑ.අනිත් එක සෑහෙන්න සීනියර් වෙන්න ඕන.කොබ්බෑකඩුවට දවස් හතෙන් යුද්ධය ඉවර කරන්න තිබුනා.ඒ වගේම කොබ්බෑකඩුව කියන්නේ ,ජානක පෙරේරා කියන්නේ හමුදාවේ හිටපු යුධ දක්ෂයන්.එයාලටවත් මේක දෙන්න සුදුසු කම් මදි.මේක නිකන් දේශපාලන පත්වීමක්.ලංකාවේ හිටපු සීනියර්ම කෙනා ජෙනරාල් සේපාල ආටිගල.එයාටවත් මේක සුදුසු මදි.මම කියන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව තනතුරු දෙන්න.නැත්නම් ආමි එකම ජෝක් වෙයි.ඊලඟට තව එකෙක් ඊලඟට එන ප්‍රෙසිඩන්ට්ගේ ඇටේ මිරිකලා ගනී.සරත් ෆොන්සේකා හමුදාවෙන් අස්වුන ගමන් දේශපාලනය කිරීමම මේක ගන්න නුසුදුසු කමක්.මේ කොහෙවත් යන හාල් කොටින්ට ලොකු පිලිගැනීමක් එන වැඩක් මේක.අඩුම ගානේ ලංකාවේ ජෙනරල් කෙනෙක් ඉන්දියාව චීනය වගේ ලොකු බලවත් රටක් යුද්ධයකදි පැරදුවොත් මේක ලබා ගන්න සුදුසුයි.අන්න ඒ වගේ තත්වයක් තුලයි.එහෙමනම් ජේවීපි එක විනාශ කරපු වෛද්‍යරත්නටත් මේක දෙන්න තිබුනා
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    තරහ ගන්නෙ නැතුව මට පොඩ්ඩක් කියනවද සේනාධිනායකයා එහෙමත් නැත්නම් හමුදාවන් ඔක්කොගෙම ප්‍රධානියා කිව්වොත් යුද්දේ නවත්වන්න කියලා, ෆොන්සේකා මහත්තය ගන්න තීරනය මොකක් වෙයිද?:)

    මචන් දෙපැත්තක් තියනවා පොඩ්ඩක් හිතන්න...
    මෙතන තේරුම් ගන්න ඕනි මහින්ද සරත් දෙන්නම වැදගත් වෙනවා... මහින්ද එපා කිව්වා නම් කරන්න වෙන්නේ නෑ.. ඒ වගේම මහින්ද කරන්න කියලා සරත් ට කරගන්න බැරි උනා නම් හානිය මීට වඩා දරුණු වෙන්න පුලුවන්.
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ඇයි අමතක කරන්නේ ලෝකේ තිබුණු දරුණුම ගරිල්ලා හමුදාවක් හා සටනට නායකත්වය දීල ඒක දිනුව කියන එක. ඔය එක රටකවත් යුද්ද දිනලා නැහැනෙ.

    කොටි නිකන් උන්ම පුම්බගෙන හිටපු එවුන් මිසක් මහ ලොකු ගරිල්ලා එකක් නෙවෙයි.උන් අන්තිම කාලේ හුගක්ම දුර්වල වෙලා හිටපු කාලයක්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    යුද්ධය තියන කාලේ තුවක්කු තියා කොටින්ට කැටපෝලයකින් වත් ගහපු නැති එවුන් ෆොන්සේකගේ සුදුසුකම් ගැන කතා කරනවා.. :lol:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන් දෙපැත්තක් තියනවා පොඩ්ඩක් හිතන්න...
    මෙතන තේරුම් ගන්න ඕනි මහින්ද සරත් දෙන්නම වැදගත් වෙනවා... මහින්ද එපා කිව්වා නම් කරන්න වෙන්නේ නෑ.. ඒ වගේම මහින්ද කරන්න කියලා සරත් ට කරගන්න බැරි උනා නම් හානිය මීට වඩා දරුණු වෙන්න පුලුවන්.
    මම නම් ගම් වලින් කිව්වේ නෑ මචන්.මම කිව්වේ නිලතල වලින්.මොකද මේකෙ සමහර උන්ට සමහර නම් එක්ක බද්ධ වයිරයක් තියෙනවා.

    රටේ නායකයා සහ සේනාදිනායකයාගේ නායකත්වෙන්, ආරක්ශක ලේකම්ගේ කලමානකරනෙන්, ත්‍රිවිද හමුදාපතිවරුන්ගෙ අභීත උත්සහයෙන් සහ මග පෙන්වීමෙන්, රටේ ජනතාවගේ සහයොගෙන් කුරීරු යුද්දේ දින්න කියන්න මුන්ට කොන්ද නෑ.එච්චරටම කුහක කමින් වැහිලා.

    ඔය කිව්ව අයගෙන් එක පුරුකක් හරි නැති උනා නම් අද අපිට ජයග්‍රගනයක් නෑ
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ඕක දෙන්න මොන සුදුසුකම් ද මචන් තියෙන්නෙ ඕනෙ?:confused:
    මෙච්චර බලවත්ම ආමි එක ඉන්න ඇමරිකාවේ රුසියාවේ වත් මේ වෙනකොට ෆීල්ඩ් මාෂල් කෙනෙක් නෑ.ඒකෙන්ම පේනවා මේකට ඕන සුදුසුකම්.ලංකාවේ ආමි එක විහිලුවකට ලක්වෙලා තියෙන පිලිගැනීමත් නැති කරගන්න වෙන වැඩක්.ෆොන්සේකා ඉල්ලන්න ඇති.මෛත්‍රී දෙන්න ඇති.මේ වෙනකොට ලෝකේ ෆීල්ඩ් මාෂල් කෙනෙක් නෑ..ව
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    යුද්ධය තියන කාලේ තුවක්කු තියා කොටින්ට කැටපෝලයකින් වත් ගහපු නැති එවුන් ෆොන්සේකගේ සුදුසුකම් ගැන කතා කරනවා.. :lol:

    මෝඩ තර්ක දාන්න එපා