ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් තනතුරට සුදුසුද?
ලෝකයේ හමුදා නිලධාරියකුට පිදෙන ඉහළම ගෞරව නාමය වූ Field Marshal තනතුර ජෙනරාල් සරත් ෆොන්සේකාට පිරිනැමීම ලබන 22 වැනිදා යුද්ධ හමුදා මූලස්ථානයේදී සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව ඒෂියන් මිරර් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගෙන් සිදු කළ විමසීමකදී ඔහුගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ ගෞරව නාමය ලැබීමට නියමිතව ඇති නමුත් මේ වන තෙක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිල දැනුම්දීමක් සිදු කර නොමැති බවය.
ඒ අනුව තම ජිවිතය ගැන පවා නොතකා යුද්ධය වෙනුවෙන් ශ්‍රේෂ්ඨ කැපවීමක් කළ හමුදා නිලධරයකුට පිදෙන මෙම ඉහළම ගෞරව නාමය මෙරට හමුදා නිලධාරියකුට හිමිවෙන ප්‍රථම අවස්ථාව මෙය වනු ඇති.එම තනතුර අනුව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට තරු පහක් හිමි වීමට නියමිතය.
මේ වන විටත් ඒ සඳහා පැවැත්වීමට නියමිත හමුදා ආචාර පෙළපාලියට යුද්ධ හමුදා භට පිරිස් යුද්ධ හමුදා මූලස්ථානයේදී සූදානම් වෙමින් සිටින බවත් වර්තා වෙයි.