ෆොන් නම්බර් එකට ෆේස්බුක් හැදූවම කෙලවෙන්න

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ෆොන් නම්බර් එකට ෆේස්බුක් හැදූවම කෙලවෙන්න

    20430160_1291106617681782_5175881334444924435_n.jpg


    ෆොන් නම්බර් එකට ෆේස්බුක් හැදූවම කෙලවෙන්නේ මෙහෙමයි..‼‼

    අපි හුගක් වෙලාවට තියෙන කම්මැලි කමටයි නොදන්නා කමටයි ෆෝන් නම්බර් එකට ෆේස්බුක් account හදනවා .එත් ඒක කොච්චර danger වැඩක්ද කියලා ලගදි මටම උන දේකින් තේරුනා .

    මගේ යාලුවෙක් හිටියා. ඌ ඉතින් නිතරම වගේ ෆේස්බුක් එකෙන් චැට් කරනවා . උගේ ෆොටෝ, වීඩියෝ මට එවනවා මගේ ඒවා ඌට යවනවා (මොන ෆොටෝද කියලා කියන්න ඕන නෑනේ 😝) . ඉතිං ඔහොම බොහොම සතුටින් සුළු කාලයක් හිටියා . ඊට පස්සේ මු ෆේස්බුක් අකුන්ට් එක deactivate කරලා කොරියන් ගියා . එත් ලගදි දවසක් රෑ මුගේ ෆේස්බුක් account එකෙන් මට මැසේජ් එකක් අවා "Hi " කියලා . හුග කාලෙකින් නිසා මාත් මැසේජ් එකක් දැම්ම. එතකොටම අයෙත් reply එක්ක අවා "මම ඌ නෙමෙයි " කියලා . ඔන්න එතකොට මට මැවිලා පෙනුනා ඒ ෆොටෝ , වීඩියෝ හෙට ඉන්ටර්නෙට් එක පුරාම යන විදිය. ඕන රෙද්දක් කියලා ඒ චැට් කරපු එකත් එක්ක කථා කරාම තමයි වෙලා තියෙන්නේ මොකද්ද කියලා තේරුනේ .මේකයි සීන් එක .

    සාමාන්යෙන් අපි ෆෝන් නම්බර් එකක් deactivate කරාම හෝ හුග කාලයක් පාවිච්චි නොකර හිටියම ඒ ෆෝන් නම්බර් එක deactivate වෙලා ඒ අපි පාවිච්චි කරපු නම්බර් එක තව කෙනෙක්ට ගන්න පුළුවන් වෙනවා . ඉතින් අර මගේ කොරියන් ගියපු යාලුවා ඒ සිම් එක කොරියන් ගියාට පස්සේ පාවිච්චි නොකරපු නිසා නම්බර් එක deactivate වෙලා . ඒ නම්බර් එක අපි කව්රුවත් දන්නේ නැති වෙන කෙනෙක්ට ලැබිලා . අන්න ඒ දෙවෙනියට ඒ නම්බර් එක ගත්ත එකත් ඒ ෆෝන් නම්බර් එකටම ෆේස්බුක් account එකක් හදන්න try එකක් දීලා . එහෙම උනාම ෆේස්බුක් එකෙන් අහනවා මේ නම්බර් එකට දැනටමත් account එකක් තියෙනවා පාස්වර්ඩ් මතක නැද්ද කියලා . ඉතින් එහෙම ඇහුවම අපි නෑ කිව්වම ෆේස්බුක් එකෙන් ඒ ෆෝන් නම්බර් එකට අලුත් පාස්වර්ඩ් එකක් දාගන්න විදිය sms එකක් එවනවා . ඊට පස්සේ අපේ ෆේස්බුක් account එක සම්පුර්ණයෙන්ම වෙන කෙනෙක්ගේ . අපේ මැසේජ් , ෆොටෝ අරව මේවා හැමදේම දැන් වෙන කෙනෙක්ගේ .

    මගේ තිබුන වාසනාවට (කවූරුත් කියනවා :P) දෙවෙනියට ඒ ෆෝන් නම්බර් එක ලැබුන එකා සිරා කොල්ලෙක් වගේම ලංකාවේ ප්‍රසිද්ද ෆේස්බුක් පේජ් එකක ඇඩ්මින් කෙනෙක් . ඉතින් ඌ කිව්වා මේ අකුන්ට් එක පිටට ගියොත් උබට ලොකු අව්ලක් මචං ඒක නිසා මේක උබම ගනින් කියලා ඒ අකුන්ට් එක අයෙත් මට දුන්නා .

    අපි කොච්චර හොද security දාල අපේ අකුන්ට් එක තියාගත්තත් අනිත් පැත්තෙන් චැට් කරන එකා තාවකාලික ෆෝන් නම්බර් එකකට නම් ෆේස්බුක් account එක හදාගෙන ඉන්නේ උබලා දෙන්නටම රතු ලයිට් පත්තු වෙලා තියෙන්නේ. ඊට පස්සේ උබලගේ ෆොටෝ , වීඩියෝ ලීක් වෙලා , මම ඉවරයි , මම මැරෙනෝ ගගා ලතෝනි තිය තිය මැරෙන්න විදි හොයන්න වෙන්න කලින් කියන්නේ , තාවකාලික ෆෝන් නම්බර් වලට ෆේස්බුක් account හදන් ඉන්නවනම් ඊමේල් එකකට මාරු වෙන්න. ඊමේල් එකක් හදන්න උපාධියක් ඕන නෑ . පහ වසරට එනකන් ඉගෙන ගත්ත ඉංග්‍රීසි වචන ටික හොදටම ඇති. ඒකද ලේසි නැත්නම් ෆොටෝ වීඩියෝ ලීක් උනාට පස්සේ දරාගන්න එකද ලේසි කියන එක උබලගේ කැමැත්තක් .


    Source - Facebook
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    Phone Number එක නැතුව E-mail එක දීලා හැදුවට වැඩක් නැහැ මචන්. ටික වෙලාවක් යනකොට ෆේස් බුක් එකෙන් Account එක වෙරිෆයි කරන්න කියලා එවනවා. ඊට පස්සේ Account වෙරිෆයි කරනකන් Account එකට ලොග් වෙන්න බැහැ. ඉතින් උබ කියන විදියට Phone No නොදී නම් Account හදන්න බැහැ.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Kauru hari kiyanna puluwanda 4n no ekenhadala dan log wenna bari ekakata log wenne kohomada kiyala
    Loku udawwak
    forgotten account valata gihin phone number eka hari email eka hari danna.ethakota msge 1k enava phone ekata(phone no ekanam dunne. mail ekak enava email address 1k dunnanam) .eka gahannai thiyenne browser eke.ita passe password reset karaganna puluvan