සූදුවක් කියන්නෙ වාසනාව බලාපොරොත්තුවෙන් කරන දේවල්.
ලොතරැයියක් ගත්තොත් ඒක ආයෝජනයක් එහෙම නැත්නම් බිස්නස් එකක් නෙවෙයි. තමන් ගත්ත ලොතරැයියෙ දිනුම් අංක අර බෝල පෙරලිල, රෝද කැරකිල ලැබෙයි කියල බලාපොරොත්තුවක් විතරයි තියෙන්නෙ. සමහර විට අපි හිතන්නෙ ඒක ඇදෙන්න සම්භාවිතාව 50ට 50 කියල (එක්කො ඇදෙනව නැත්නම් නෑ). ඒත් ඇත්තටම දිනන්න සම්භාවිතාව කෝටි ගානකට 1ක් වගෙ. ඉතින් මේව සූදු. ඒ කියන්නෙ කොච්චර ලොතරැයි ගත්තත්, පලපුරුදු ලොතරැයි කප්පිත්තෙක් උනත් ඊලඟට දිනන ලොතරැයියක් තෝරගන්න බැහැ.
ෆොරෙක්ස් එහෙම නෙවෙයි. දැනම, පලපුරුද්ද, ආකල්ප වගේ දේවල් අනුව ඊලඟ ට්රේඩ් එක දිනනවද නැද්ද කියල > 90% සාර්ථකව තීරණය කරන්න පුලුවන්. එහෙම කරන අයට මේක ජීවන මාර්ගයක් කරගන්නත් පුලුවන්.