ෆෝන් නම්බර් එක ඇහුවම උබලා

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ෆෝන් නොම්බරේ මොකද්ද ඇහුවම උබලා උත්තර දෙන්නේ සිංහලෙන්ද ? කඩ්ඩෙන් ?
    මම නම් සිංහලෙන් ඇහුවොත් හැමතිස්සෙම වගේ සිංහලෙන් තමයි උත්තර දෙන්නේ. ගොඩේ වගේ. කීල්ස් එකේදී එහෙමත් එහෙම තමයි. කඩ්ඩෙන් ඇහුවොත් කඩ්ඩෙන්.

    සමහර උන් නම්,

    මහත්තය ෆෝන් නම්බර් එක මොකද්ද ඇහුවම. නොට් සෙවන් සෙවන් ඩබල් ෆෝ ටු සෙවන්... කියලා කඩ්ඩෙන් නෙලනවා.
    හබැයි එත් එක්කම NIC නම්බර් එක ඇහුවොත්. අනු දෙකයි තිස්පහයි... කියලා පටන් ගන්නේ
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,817
    2,975
    113
    පෝන් නම්බර් එක කඩ්ඩෙන් කියන උන්ගෙන් කඩ්ඩෙන් වෙන මොනවහරි අහපන්
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මට ඉලක්කම් මතක හිටින්නේ නැහැ. ඒ නිසා ෆෝන් එකේ සේව් කරන් ඉනේ නම්බර් එක. ඒක පෙන්නවා.

    ඇහුවොත් සිංහලෙන් තමයි ගොඩක් වෙලාවට කියන්නේ.
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,857
    113
    එකමත් එක රටක
    ඒ වෙලේට කටට එන භාෂාවෙන් කියාගෙන යනවා. සිංහලෙන් කිව්වා කියලා කිසි අවුලක් නෑ නේ බන්.
    බින්දුවයි ඩබල් සෙවන් වගේ නැතුව...
     
    • Haha
    Reactions: NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    සිරි ලංකාවේ ඇතුලේ කොහොම අහුවත් සිංහලෙන් තමා. මොකටද අපි අඹරෙන්නේ. උබල කවුරුත් හොටෙල් වල වැඩ නැතුව ඇති නේ. මේවගේ තමා ඔය වට පඩ යෝ ඉන්නේ.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ෆෝන් නොම්බරේ මොකද්ද ඇහුවම උබලා උත්තර දෙන්නේ සිංහලෙන්ද ? කඩ්ඩෙන් ?
    මම නම් සිංහලෙන් ඇහුවොත් හැමතිස්සෙම වගේ සිංහලෙන් තමයි උත්තර දෙන්නේ. ගොඩේ වගේ. කීල්ස් එකේදී එහෙමත් එහෙම තමයි. කඩ්ඩෙන් ඇහුවොත් කඩ්ඩෙන්.

    සමහර උන් නම්,

    මහත්තය ෆෝන් නම්බර් එක මොකද්ද ඇහුවම. නොට් සෙවන් සෙවන් ඩබල් ෆෝ ටු සෙවන්... කියලා කඩ්ඩෙන් නෙලනවා.
    හබැයි එත් එක්කම NIC නම්බර් එක ඇහුවොත්. අනු දෙකයි තිස්පහයි... කියලා පටන් ගන්නේ
    ලංකාවේ අවිරුදු 13ක් ඉංග්‍රීසි උගන්නලත්
    95%කට ඉංග්‍රීසි කතා කරගන්න බෑ...
    ඉන්දියන් මිනිස්සු වචන 20ක් කතාකලොත් වචන 7ක් 8ක් හරි ඉංග්‍රීසියෙන් කතා කරනවා
    උඹල මිනිස්සු phone number එක කියන්නේ කඩ්ඩෙන්ද සිංහලෙන්ද කියල බල බල හිටපල්ලා
    ඒ මදිවට තව ත්‍රෙඩ් එකකුත් දාල
    ලැජ්ජයි යකෝ තොපි ගැන
    වරද්ද වරද්ද හරි වෙන භාෂාවක් කතා කරන්න උත්සහ කරන එකෙක්ට හිනාවෙන මානසිකත්වය
    නැතිකරගන්න බැරි කාලකන්නි ඉන්නේ ගොඩක්
    අවුරුදු 25ක් 26ක් වෙලත් degree කරලත්
    ගොඩක් උන් interview fail වෙනවා හරියට ඉංග්‍රීසි කතාකරගන්න බැරිව