අවවාදයයි! ඔබත් ෆෝබියාවෙන් පෙලෙන්නෙක් විය හැක..
ෆෝබියාව කියල කියන්නෙ යමකට තියෙන අධික සහ අසාමාන්‍ය බයට. ඒවගේම ෆෝබියාව කියන්නේ මානසික රෝග විශේෂයක්.
ෆෝබියාව සාමාන්‍ය භීතියෙන් වෙනස් වන්නේ කෙසේද?
එන්නතක් විදින්න කලින් එන්නත් කටුවක් දැක්කම බය හිතෙන එක සාමාන්‍යයි. නමුත්, ඒ හේතුවෙන් අතවශ්‍ය වෛද්යප්රතිකාර වලින් ඉවත්වී සිටී නම්, ඔබට ඇත්තේ ෆෝබියාවක් විය හැකියි.
යමෙකුට ෆෝබියාව වැලඳීමට නිශ්චිත හා ස්ථිර හේතුවක් කියන්න බැහැ. නමුත් ෆෝබියාවට හේතුකාරක වියහැකි දේවල් කීපයක් මෙසේ දක්වන්න පුලුවන්.
පාරම්පරික ෆෝබියා තත්වයන්.
*තමන් ලැබූ බියජනක අත්දැකීමක් නිසා.
*තමන් දුටු බියජනක අත්දැකීමක් නිසා.
*ෆෝබියාවෙන් පෙලෙන්නෙකු ඊට හේතුවන අත්දැකීමක් ලබද්දී ඒ සමීපයෙහි සිටීම.
*බියජනක අවස්ථාවක් ගැන දැනගැනීමට ලැබීම.
ෆෝබියාව පහත ආකාරයට වර්ග කීපයකට බෙදා දක්වන්න පුලුවන්.
1.Natural environment phobia - ස්වාභාවික සංසිද්ධීන්ට දක්වන අධික බිය
2.Animal phobia - සත්ව වර්ග වලට දක්වන අධික බිය
3.Blood-injection-injury phobia - රුධිරය/එන්නත් වැනි දෑට ඇති අධික බිය
4.Situational phobia - ඇතැම් ස්ථාන හා අවස්ථා වලට ඇති අධික බිය
ඉහත මුල් අවස්ථා තුන බොහෝවිට ආරම්භ වන්නේ කුඩාකාලයේදී. Situational Phobia යන්න බොහෝවිට වැඩිහිටි වයසේදී ආරම්භ වෙනවා. ඒවගේම කාන්තාවන් පිරිමින්ට වඩා ෆෝබියා තත්වයට පත්වීමේ හැකියාව වැඩි බවයි පර්යේෂකයන් සඳහන් කරන්නේ.
මේ වන විට හඳුනාගෙන ඇති ෆෝබියා වර්ග ගනන 500 කට අධිකයි. පහත දැක්වෙන්නේ එයින් මම තෝරාගත් කිහිපයක ලයිස්තුවක්. කියවා බලන්න. සමහරවිට ඔබත් ෆෝබියාවෙන් පෙලෙන්නෙක් විය හැකියි.
මූලාශ්‍ර : මුතුහර සඟරාව, අන්තර්ජාලය, සතිඅන්ත පුවත්පත්..
ඉස්සුවේ මෙතනින්...



+


