෴අගඥ්ඥ-සුත්‍රය෴

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මුලින්ම හැමෝටම ස්තුතියි කියල කියන්න ඕන.
    හොඳයි එහෙනම් මේ පලවෙනි කොටස, හැමෝටම වැටහේවා කියල ප්‍රර්ථනා කරනවා.

    ඒ කලේ හිටපු බ්‍රාහ්මණ සමාජයේ බොහෝ දෙනෙක් බුදුහාමුදුරුවෝ එක්කයි උන්වහන්සේ දේශනා කරපු දර්ශනයත් එක්කයි ගොඩක් තරහෙන් හිටියා බුදුහාමුදුරුවෝ සත්‍ය දේශනා කරපු නිසා. ඉතින් එක දවසක් බුදුහාමුදුරුවෝ බ්‍රාහ්මණ වංශික වාසෙට්ඨ හදුරුවන් ගෙන් අහනවා මෙහෙම,

    " කොහොමද වාසෙට්ඨ, මේ බුද්ධ සාසනය එක්ක බ්‍රාහ්මණයන් බොහොම විරුද්ධයි. එක නිසා ඔබ මේ සාසනයට ඇතුළු වෙච්ච එක ගැන, මේ අලුත් ජීවන රටාව ගැන අනෙක් බ්‍රහ්මණයන්ගේ ප්‍රතිචාරය කොහොමද ?"

    "ප්‍රතිචාරය නම් බොහොම නරකයි ස්වාමිනි, මට පුවන් තරම් අපහස කරනවා, ඇතිතරම් බනිනවා. තව මම බ්‍රහ්ම දිව්‍ය රාජයාගේ කටින් නෙමෙයි කකුලෙනුයි ඉපදිලා තියෙන්නේ කියල කියනවා."

    (බ්‍රාහ්මණ යන්ගේ සම්මතයට අනුව මේ ලෝකය නිර්මාණය කරලා තියෙන්නේ බ්‍රහ්ම දිව්‍ය රාජයා. බ්‍රහ්ම දිව්‍ය රාජයාගේ කටින් බ්‍රහ්මනයනුත්, පපුවෙන් ක්ෂත්‍රීයනුත්, බඩින් වෛශ්‍යනුත්, කකුලෙන් ශුද්‍රයනුත් ආදී විදිහට මිනිසුන් උපත ලබනවා)

    ඊට පස්සේ බුදුහාමුදුරුවෝ වාසෙට්ඨට මෙහෙම අහනවා,
    "හොඳයි වාසෙට්ඨ අපි ඕක මෙහෙම හිතමු, උසස් යයි සම්මත ක්ෂත්‍රීයෙක්‌ මිනිසුන්ට මොනම ආකාරයකවත් යහපත් වැඩ නොකර පාපී සිතිවිලි සමග අධාර්මිකව ජීවත් වෙනවා, පහත යයි සම්මත ශුද්‍රයෙක්‌ හැම දෙනාටම ඉතා යහපත් විදිහට සලකමින් ධාර්මික ජීවිතයක් ගතකරනවා, දැන් මේ දෙන්නගේ කව්ද වැඩි පිළිගැනීමක් සැලකිල්ලක් ලබන්නේ?'

    එතකොට වාසෙට්ඨ කියනවා පහත යයි සම්මත ශුද්‍රය කියල,

    එතකොට බුදුහාමුදුරුවෝ වාසෙට්ඨට මෙහෙම කියනවා,
    "එහෙනම් වාසෙට්ඨ, යම් පුද්ගලයෙක් උසස් හෝ පහත බවට පත්වෙන්නේ ඒ පුද්ගලයාගේ උපතින්ම නෙමෙයි. පුද්ගලයාගේ ක්‍රියා කලාපය අනුවයි. ඒ වගේම සිත ක්‍රියා කරන ආකාරය අනුවයි."

    ඊට පස්සේ වාසෙට්ඨට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ බෙදීම් ඇතිවෙච්ච හැටි ගැන, ඔන්න ඔය විදිහට තමයි මේ සුත්‍රය අරඹ වෙන්නේ.

    දැනට මෙච්චරයි ඉතිරි කොටස පසුවට.