෴මොනවද මේ 3G ,HSPDA,HSUPA,WiMAX කියන්නේ ෴

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ෴මොනවද මේ 3G ,HSPDA,HSUPA,WiMAX කියන්නේ ෴

    3G

    3G යනු (3G- 3rd Generation) යන්නයි. 3G කියන්නේ දත්ත වේගය 384kbps වන 3වන පරම්පරාවේ දත්ත සේවයක්. එනමි තුන්වන පරපුරෙ ජංගම දුරකථන තාක්ෂණයයි. එහිදී දුරනථනය ඹස්සේ අප අමතන අනෙක් පුද්ගලයාගේ රූපය අපට දැකගත හැකිය. එහි 3.5 පරම්පරාව තමයි HSDPA කියන්නේ. HSDPA වලදී 14.4mbps දක්වා download වේගය ගත හැක. ජංගමදුරකතන තාක්ෂණයේ නවතම පෙරැළිය වන 3G (3G- 3rd Generation) තාක්ෂණයනැතහොත් තුන්වන පරම්පරාවේ ජංගම දුරකතන තාක්ෂණය මේ වන විට ලංකාව තුළකි‍්‍රයාත්මක වෙමින් පවතී. 3G යන චචනය සේම එම තාක්ෂණය පිළිබඳ බොහෝ දෙනානොදන්නා බව කරුණු විමැසීමේදී හෙළි වී ඇත. පළමුවනපරම්පරාව පැවැති දුර්වලතා මගහරවා ගනිමින් ඩිජිටල් තාක්ෂණය සමඟින් දෙවැනිපරම්පරාව (2 G-2nd Generation)කරළියට පැමිණියේ ජී.එස්.එම්. තාක්ෂණයසමඟිනි. නමුත්තොරතුරු තාක්ෂණය හා තරඟ කිරීමට අවශ්‍ය විශාල සහ වේගවත් දත්ත හුවමාරුව 2G තාක්ෂණයේ නොවීය. මේ සඳහා කෙරුණු පර්යේෂණවල ප‍්‍ර‍්‍රතිඵලයක් ලෙස 3G තාක්ෂණය ලොවට හඳුන්වා දුන්නේය.

    HSDPA

    HSDPA යනු High-Speed Downlink Packet Access යන්නයි. මෙහි තාක්ෂණික පැත්ත නම් අපිට වේගයෙන් download කිරීමට ඉඩ සලසා දෙන තාක්ෂණයක්, නමුත් upload කිරීමේදී ඉහත download කිරීමට සාපේක්ෂව වේගය අඩුයි. ලංකාවේ දැනට 7.2mbps ඉක්මවා ගොසින් 14.4mbps ක දත්ත පරාසයක් තත්පරයකදී ලබාදීමටත් අන්තර්ජාල සේවා සපයන්නන් අදහස් කරගෙන තිබෙනවා. ඒත් අපිට තාම 7.2mbps තියා 3.6mbps වේගයක්වත් මේ පුලුල් පරාස ඉන්ටර්නෙට් හරහා ලැබෙනවාදැයි සැකසහිතයි. කොහොමත් ADSL හෝ WiMax තරම් HSDPA ස්ථාවර නෑ කියන එකයි අන්තිමට කියන්න තියෙන්නේ.

    HSUPA

    HSUPA කියන්නේ High-Speed Uplink Packet Access යන්නයි. HSDPA වල upload වේගය වැඩි කරන ක්‍රමයක්. සමහර අය මේක වරද්දලා HSDAP කියලා ටෙක්නොලොජි එකක් ගැන කියනවා. නමුත් HSDAP කියලා එකක් නෑ, HSUPA මිස.

    WiMax

    WiMax යනු රුහැන් රහිත සබඳතාවයක්. එහෙත් ස්ථාවර සබඳතාවයක් නිසා අදාල සමාගම් වලින්ම අවශ්‍යය විදිහට ස්ථාවරව සවිකර දෙනු ලබනවා. මේ නෙට්වර්ක් එකක් අපිටත් හදාගන්න පුලුවන්. ඒ වගේ ම තව කවුරු හරි ගහපු එකකට අපිටත් ඇක්සස් කරන්න පුලුවන්. ඒකෙ සිග්නල් ලැබෙන හරියට ඔයා ගියහම ඔයාගෙ WiFi තියන උපාංගයක් තියනවනම් සිග්නල් පෙන්වනවා. හැබැයි ඔය කියන බොහොමයක් WiFi නෙට්වර්ක් ලොක් කරල තියෙන්නෙ. එනම් SSID එක හංගල. SSID හා රහස් පදය දන්නවනම් ඔයාට ඒ WiFi ජාලය හා සම්බන්ධ වෙන්න පුලුවන්. ඒකෙ අන්තර්ජාලය තියනවනම් යන්නත් පුලුවන්. WiFiයනු බොහෝවිට පුද්ගලික පරිහරනයට යොදාගන්නා රැහැන් රහිත ජාලයක්. කෙටි දුරක් signals ලැබෙන ක්රමයක්. මීටර් 100~200 දුරක් තමයි WiFiයොදාගන්නේ. බලපත්‍රරහිතව එම තරංග පරාසය බාවිතා කරන්න පුලුවන්. Wimax යනු සේවා දායකයන් විසින් ග්‍රහකයන්ට රැහැන් රහිත ලෙස ජාල සේවා සපයන එක්තරා අ‍කාරයක ක්‍රමයක්. මෙහි දුර වැඩිවෙන තරමට කනෙක්ෂන් එකත් ස්ලෝ වීම පොදු දෙයක්. සේවාදායකයන් සේවය සපයන ස්තානවලදි විතරයි අපිට මේ පහසුකම අත්විදින්න පුලුවන් වෙන්නේ.​

    Hodai Nam salakala yanta machooo
     
    Last edited: