You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
'ධර්ම පහුර හිස තබාගෙන මෝහ ගඟ තරණය කරන්නෝ' නැමති මවිසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථයේ පහුර පදවාගෙන යන හබල සැකයට උපමා කර ඇත. මෝහ ගඟෙන් එතෙර වීමට සැකය කොතරම් දුරට වැදගත් වන්නේ ද යන්න මවිසින් සදහන් කර ඇති ධර්මය බොහෝ දෙනෙකුට සැකයට තුඩු දෙන කාරණයකි. එය එසේම විය යුතුය. ධර්මය පිළිගත්තෝ අය අතර මග නතර වෙති. හබල නැති පහුර මුහුදට ගසාගෙන යන්නාක් මෙන් ඔවුන් ද මරණය කරා ම ගමන් කරති. සත්‍ය දකින තෙක් ඉදිරියට යන්නේ ධර්මය කෙරෙහි සැක ඇති කරගත්තෝ පමණි. බුදුන් දැක නිවන් දකින්නේ ධර්මය කෙරෙහි සැක ඇති වී ධර්මය හිසෙන් කරට ගත්තෝ පමණි. අවසානයේ දී ඔවුහු ධර්මය දැකීමෙන් සැකයෙන් ද නිදහස් වන්නෝ ය. සැකයෙන් නිදහස් වීමත් සත්‍ය දැකීමත් කාල පරතරයකින් තොරව ම එකවර සිදුවෙයි.
අංගුලිමාල බුදුන් පසු පස එලවා ගියේ බුදුන් මරා දහස සම්පූර්ණ කරගැනීමට යි. හති වැටී නතර වු අංගුලිමාල බුදුන් අමතා "මහණ නතර වෙනු" යයි අණ කරද්දී බුදුන් වහන්සේගේ පිළිතුර වුයේ "මම නතර වී ඇත. ඔබ නතර වන්න" කියා යි. අංගුලිමාල බුදුන් වහන්සේගේ පිළිතුර පිළිගත්තා නම් ඔහු අත ඇති කඩුව අත හැරෙන්නේ නැත. ගමන් කරමින් සිටින මෙම මහණ නතර වී සිටින මට නතර වෙන්නට කියන්නේ බොරුවක් යැයි පිළිගෙන බුදුන්ගේ වචනය නොපිළිගත්තේ නම් කඩුව බිම වැටෙන්නේ ද නැත. අංගුලිමාල අත තිබූ කඩුව බිම වැටුනේ ඔහුට බුදුන් වහන්සේගේ පිළිතුර කෙරෙහි සැක ඇති වූ බැවිනි.
මෙම ධර්මය ද පිළිගැනීම සදහා නොව දැකීම සදහායි.
-ආචාර්ය තිස්ස සේනානායක-